කාන්තාවන් තිදෙනෙක් එකතුවී තිස් එක් හැවිරිදි තරුණයකු දුෂණය කළ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.
අපයෝජනයට ලක්වූ තරුණයා පොලිසියට සඳහන් කර ඇත්තේ දින හතරක් තමගේ ඇස් සහ අත් පා බැඳ වරින්වර තමන්ව සමූහ දුෂණයට ලක්කර ඇති බවයි.
දිනක් තමන් ගමනක් යාම සඳහා මාර්ගය අසල සිටිය දී කාන්තාවන් තිදෙනෙක් පැමිණි රථයක් අදාළ ස්ථානයට තමන්ව ඇරලවන බව පවසා රැගෙන ගිය බව ඔහු පවසනවා.
අනතුව අදාළ ස්ථානයට ගිය විට තමන්ගෙන් මුදල් ඉල්ලුවත් තමන් අත මුදල් නොමැතිවීම නිසා තුවක්කු පෙන්නා පැහැර ගෙන ගිය බව අපයෝජනයට ලක්වූ තරුණයා පොලිසියට සඳහන් කර තිබෙනවා.
නොදන්නා ස්ථානයකට ගෙන ගොස් ඇස් බැඳ පානය කිරීම සඳහා සිසිල් බීමක් දුන් බවත් ඒ සමග සිහි නැතිවූ බවත් ඔහු පවසනවා.
පසුව දින තුනක් තමන්ට අතවර කර පාලමක් අසල මෙම තරුණයාව අතහැර දම ගොස් තිබෙනවා.