එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු ඉවත්කිරීමට සන්ධානය තීරණය කර ඇත.
අනුර විදානගමගේ, වඩිවේල් සුරේෂ්, හරීන්ද්‍ර සහ කිත්සිරි සෙනරත් මෙලෙස ඉවත් කර ඇත.
ඔවුන් මන්ත්‍රීධුරවලින්ද ඉවත් කරන ලෙස ඌව පළාත් සභා ලේකම්වරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
උෟව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබාදීම නිසා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමිකර ඇත.