බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයෙකු අද සවස එම ස්ථානයේම මියගොස් තිබෙනවා.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මහර හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මියගිය තරුණයා පවන් මදුරංග නම් වන වයස 21 අයෙකි. ඔහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද තොරතුරු වාර්තා වනවා.
වර්ෂාව සහිත කාළගුණයක් අනතුර සිදුවන අවස්ථාවේ තිබී ඇති අතර බස් රථයද වැඩි වේගයකින් ධාවනය නොවී ඇති බවයි වාර්තා වන්නේ. නමුත් යතුරුපැදිකරු වාර්ෂාව අවස්ථාවක යතුරුපැදිය ධාවනය කරන වේගයට වඩා වැඩි වේගයකින් පැමිණි බවට සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා.
මෙම අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථයේ රෝදයක් යතුරුපැදිකරුගේ හිස මතින් ගොස් ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ අනතුරට පත්වන විට යතුරුපැදිකරු ෆුල්ෆේස් හෙල්මටයක් පැළඳ සිටි බවයි.
අනතුරින් පසුව බස් රථයේ රියදුරුට එම ස්ථානයේ සිටි පිරිසක් විසින් පහරදී ඇති බවටද පැවසෙනවා.