උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (14) දිනයේදී නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්නට හිරු ටී.වී. සූදානම්. ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු තුළින්. සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහන හෙට උදෑසන 8.00ට ආරම්භ වනවා. වැඩසටහන් ගණනාවකින් සමන්විත එය පස්වරු 7.00ට අවසන් වන්නේ ගම්මැද්දේ අවුරුදු සාජ්ජයෙන්.
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරෙන ආකාරය නාට්‍යානුසාරයෙන් එහිදී රඟ දැක්වෙනවා. මෙවර සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන්හෙළයේ අවුරුදු වැඩසටහන වර්ණවත් කිරීමට ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් හා නර්තන ශිල්පීන් 100කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතයි.
මෙම සමස්ත වැඩසටහනේ නර්තන නිර්මාණය සිදු කරනු ලබන්නේ ප්‍රවීණ නර්තන නිර්මාණ ශිල්පි චන්දන වික්‍රමසිංහ මහතා විසින්. නිරන්තරයෙන් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීපකරණ හිරු ටී.වී. හෙට උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී ද නවමු වූ අත්දැකීමක් ළඟා කරන්නට සියලු කටයුතු මේ වනවිට සූදානම්...
මේ එහි පෙර පුහුණුවීම් අතරතුර ලබාගත් ඡායාරූප එකතුවකුයි....