ඩයිනෝසරයන් ලංකාවේ සිටි බවට සැක පහල වන තොරතුරු හමුවී තිබෙනවා.
ඒ,ඇල්ල වැල්ලවාය මාර්ගයේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන කදින්නාවෙලට නුදුරින් පිහිටි කුරුලන්ගල ගල් පර්වතයේ තිබී ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් හමුවීමත් සමගයි.
රුධිරයේ හෝ ඒ හා සමාන ද්‍රව්‍යයකින් මීට වසර දහස් ගණනකට පෙර අඳින ලද කුරුලු රූප හා ඩයිනෝසරයන්ගේ චිත්‍ර රැසක් එහිදී තමන්ට හමුවූ බව රාවණා පුත්‍ර සංවිධානයේ සභාපති ගයාන් එස්. විතානගමගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
මේ රූ සටහන් විධිමත් කාල නිර්ණයකට භාජන කර ඒ පිළිබඳ පුළුල් සොයාබැලීමක් සිදුකළ යුතු බවයි ඔහුගේ අදහස වී ඇත්තේ.
මේ වන විට චිත්‍ර සහිත කොටස විනාශවන බවත් අඩි 30ක් පමණ තිබූ කොටසෙන් ඉතිරිව ඇත්තේ අඩි 6ක පමණ කොටසක් බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.