හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුතා ලංකාවේ දේශපාලනයට එනවා කියන කට කතාව පසුගිය කාලයේදී ලංකාව පුරා පැතිරුණා.
පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍යත් විමුක්ති කුමාරතුංග ගැන අපූරු පුවතක් පල කළා.
එත් මේ පුවත දේශපාලනය හා සම්බන්ධ එකක් නොවෙයි.
විමුක්ති සහ පිඹුරෙක් ගැනයි ඒ පුවතින් කියවුණේ.
අඩි පහක් පමණ වන පිඹුරෙක් කාරයක ඩෑෂ් බෝඩයේ අස්සට වී සිරව සිටින අයුරු පශු වෛද්‍යවරයෙකු වන විමුක්ති කුමාරතුංගට දැන ගන්න ලැබිලා තිබෙනවා.
විමුක්ති එම කතාව පළමුව විහිළුවක් ලෙස බාරගත්තා කියලයි වාර්තා වෙන්නෙ.
නමුත් පසුව ඔහු එය විශ්වාසකර සහායකයින් පිරිසක් හා අදාළ ස්ථානයට ගොස් තිබෙනවා.
පැය තුනක පමණ කාලයක් වෙහෙස වී මෝටර් රථයේ ඩෑෂ් බෝඩය ඉවතට රැගෙන පිඹුරා බේරා ගැනීමට විමුක්ති ප්‍රමුඛ කණ්ඩායම සමත් වූ බවයි වාර්තාවල සඳහන් වන්නේ.