පහළොස් හැවිරිදි දැරියක වසර දෙකකට ආසන්න කාලයක් දුෂණයට ලක්වීමෙන් අනතුරුව මවක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව කටුනායක පොලිසියෙන් වාර්තා වනවා.
2013 වසරේ දී තමන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී උපස්ථානයට පැමිණි දියණියව රෝහල් සේවකයකු දුෂණය කර ඇතැයි ඇගේ පැමිණිල්ලේ සඳහන් වනවා.
පසුව කරාතේ ගුරුවරයකු ද අසල්වැසි පුද්ගලයකු ද මෙම දැරියව විටින් විට දුෂණය කර තිබෙනවා. දැරියව රැගෙන ගොස් නිවෙසක රඳවාගෙන සිටිමින් මේවන විටත් දූෂණය කරන බව ද ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ගොසිප් වෙත සඳහන් කළා.
දැරිය මේ වනවිට කටුනායක පොලිසිය විසින් මීගමුව රෝහලට රැගෙන විත් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට යොමු කර තිබෙනවා.
2013 වසරේ සිට දිගින් දිගටම මෙම දැරිය දුෂණයට ලක් වුවත් මව විසින් පැමිණිල්ල කරනු ලැබුවේ පසුගිය දෙවන දිනයි.