බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙන් වියට්නාමයට ගියා ද යන්න පිළිබඳ සොයා බලමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් දිසානායක යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න, දිනේෂ් ගුණවර්ධන සහ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ද ඊට මැදිහත් වුණා. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ පළමු මහබැංකු අධිපතිවරයා ද මෙරට පුරවැසියෙකු නොවන බවයි.
එමෙන්ම බැඳුම්කර නිකුතුවෙන් චෝදනා එල්ල වන ආකාරයේ තත්ත්වයක් සිදුවී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....