Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
"සනත් එක්ක විවාහ වුණාට පස්සේ ඇත්තටම හිතාගන්න බැරි විධියට එයා වෙනස් වුණා.." - සනත් විමලසිරිගේ බිරිඳ කියයි - Photos

- "සනත් එක්ක විවාහ වුණාට පස්සේ ඇත්තටම හිතාගන්න බැරි විධියට එයා වෙනස් වුණා.." - සනත් විමලසිරිගේ බිරිඳ කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"බොහෝ දෙනෙක් විරුද්ධ වුණා, මට අදටත් තේරෙන්නෙ නැහැ ඒ ඇයි කියලා.."

"නරක විධියටත් අපි දිහා බලපු වෙලාවල් තිබුණා..."

"ඒ කාලෙ නම් කියන්නවත් බැරි තරම් නරක ආරංචි ආවා.."

සනත් විමලසිරි කියන්නේ පුංචි තිරයටත් වේදිකාවටත් ලෙංගතු චරිතයක්. නිර්මාණාත්මක චරිතවලින් ඉදහිට හෝ දැකගන්න ලැබෙන සනත්ට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. එසේ ප්‍රේක්ෂක ආදරේ ලබන සනත් ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන්නේ මෙහෙම කතාවක්.


කොහොමද ඔබට සනත්ව මුණගැහුණේ?
මට ඔහුව මුණගැහුණේ යෝජනාවකින්.

මුණගැහෙනකොට ඔහු?
විසේකාර චරිතයක් තමයි ඉතින්.

පෙම්වතා කාලේ ඔහු?
එතකොට තමයි දැනුණේ පෙනෙන චරිතයට වඩා වෙනස් චරිතයක් කියලා. මුලදී නම් ඉතින් තේරුම්ගන්න බැහැනෙ මොන වගේද කියලා. විවිධාකාර චරිත ලක්ෂණ තියෙන කෙනෙක් ඉතින් ඔහු.

සැමියෙක් විධියට ඔහු?
පෙම්වතා කාලෙට වඩා වගකීමෙන් වැඩ කරනවා. ඇත්තටම හිතාගන්න බැරි විධියට වෙනස් වුණා. ඒ ඒ අවස්ථාවට ගැළපෙන විධියට හොඳින් මුහුණදෙනවා. ඔහු ඇත්තටම හුඟක් හොඳ සැමියෙක්.

ජනප්‍රියත්වය එක්ක ඔහු?
මදුරු කොයිල් දැන්වීම යන කාලෙ තමයි අපි මුණගැහුණේ. එතකොටත් ඔහු ජනප්‍රියයි. ගෙදරින් යෝජනා කළාට මොන වගේ චරිතයක්ද කියලා බයෙන් තමයි හිටියෙ. ඒත් කතාබහ කරද්දී තේරුණා ඔහු වෙනස් චරිතයක් බව. ඔහු ජනප්‍රියයි කියලා ඒ ගැන හිත හිත ඒක ඔළුවෙ තියාගෙන ඉන්න චරිතයක් නෙවෙයි.

ඔහුගේ ඒ ජනප්‍රියත්වය ඔබට බලපෑවේ කොහොමද?
මෙහෙමයි අපි විවාහ වෙන්න යද්දිත් මගේ යාළුවො සහ සමාජයේ අය හොඳ විධියට වගේම නරක විධියටත් අපි දිහා බලපු වෙලාවල් තිබුණා. ගොඩාක් විරුද්ධකම් ආවා. මට අදටත් තේරෙන්නෙ නැහැ ඒ ඇයි කියලා. යෝජනාව ආවේ ගෙදර අයගෙන් නිසා ගෙදරින්වත් නෑදෑයන්ගෙන්වත් කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ.

විවිධ භූමිකාවල හිරවුණු ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන්නෙම නැද්ද?
මෙහෙමයි, එයා අධික ලෙස වැඩ කරන කෙනෙක්. ඒත් මම බබාල දෙන්නා, අපේ මවුපියො, සහෝදරයො මේ හැම කෙනා ගැනම එයාට පුළුවන් හැම වෙලාවෙම බලන සිරිතක් තියෙනවා. එයා වේදිකාවේ හිටියත් පොඩි වෙලාවකට හරි එළියට ඇවිත් මට කතා කරනවා. හැම වෙලාවේම අපි ගැන හොයලා බලනවා. ඉතින් එයාට අපිව මඟහැරෙන්නෙම නැති තරම්.

සනත් වගකීම් දරන්න පුළුවන් චරිතයක්ද?
ඇත්තටම ඔව්. පුදුමාකාර විධියට වගකීම් දරනවා. අපේ ගෙදර අය, පවුලෙ අනෙක් අය, යහළුවො, අහල පහළ අය මේ හැම කෙනෙක්ගෙම ඕන ප්‍රශ්නයක් විසඳනවා. ඕනම වගකීමක් ගන්න පුළුවන් කෙනෙක්.

සාමාන්‍ය ජීවිතයෙදි ඔහු?
හරිම සරල චරිතයක්.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් විධියට හිතන කෙනෙක්ද?
සැහැල්ලුවට හිතන කෙනෙක්. එන ඕනම ප්‍රශ්නයක් කොහොම හරි විසඳගන්නවා.

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?
ඔව්. ඇත්තටම සතුටු වෙනවා.

දුක හිතුණම ඔහු?
හරිම නිහඬව ඉන්නවා. එක්කො එයා සින්දුවක් ලියනවා. වැඩි කලබලයක් නැතිව එයාගෙ වැඩක් කරගෙන ඉන්නවා.

සතුටු හිතුණම ඔහු?
එයාගෙන් ඒ සතුට පේනවා. ඒත් නිහඬ විධියට තමයි සතුට වුණත් භුක්තිවිඳින්නෙ. වැඩි සද්දයක් නැතිව ඉන්නවා ඉතින්.

තරහ ගියාම ඔහු?
පොඩි කලබලයක් තියෙනවා. ඒත් ඒ ක්ෂණයෙන් ඒක ඉවරයි. මම නම් ඉතින් තරහ ගියොත් සෑහෙන වෙලාවක් හරි කතා නොකර ඉන්නවා. ඒත් එයාට එහෙම බැහැ.

ඔහු ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?
අපේ මුල්ම දරුවා නැති වුණා. ඊට පස්සෙ අපි දරුවො නැතිව ගොඩක් කල් හිටියා. මම හිතන්නෙ ඊට පස්සෙ අපට ලොකු දුව ලැබෙන්න හිටිය කාලෙ තමයි එයා ගොඩක්ම සතුටින් හිටියෙ. මම ඒ බව එයාගෙන් දැක්කා.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවද?
ඔව්, මට හිතෙනවා කලාව නිසාදෝ දේවල් මඟහැරුණෙ කියලා. කලාව නැතිව අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගියා නම් හොඳයි කියලා එයාගේ අම්මිත් හිතනවා. මොකද එයාට හොඳට ඉගෙනගන්න පුළුවන්. කලා කටයුතු කරන ගමන් වෙනත් අධ්‍යාපන පැත්තකටත් යොමු වුණා නම් හොඳයි කියලා හිතෙනවා. කලාවට තියෙන ආශාව නිසාම එයා මේ පැත්තෙන්ම ඉදිරියට ආවා. ඒත් දැන් එයා එයාට මඟහැරුණු  පැතිවලින් ඉගෙනගන්නවා.

ඔහු ජීවිතයෙ ජය ගත්ත දේවල් මොනවද?
මම හිතන්නෙ එයාගෙ ලොකුම ජය ගැනීම තමයි එයා හොඳ ප්‍රේක්ෂක පිරිසක් දිනාගැනීම.ලංකාවේ සහ පිටරටවල ඒ වගේ වැඩසටහන් එකසිය ගණනක්ම කරලා තියෙනවා. ඒකෙන් මහ පුදුම විධියට ප්‍රතිචාර ලැබෙනවා. සමහරු ලියුම්වලින්, දුරකථන ඇමතුම්වලින් දැනුම්දීලා අඬ අඬා කියනවා ඒ වැඩසටහන නිසා ජීවිතය වෙනස් කරගත්තා කියලා.

ඔහු ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන්නෙ මොනවටද?
එයාගෙ වෘත්තියට, පවුලට සහ අධ්‍යාපන කටයුතුවලට ලොකු වටිනාකමක් දෙනවා.

ඔහුගේ විනෝදාංශ?
ගොඩක් වෙලාවට ගිටාර් වාදනය කරන ගමන් සින්දු කියනවා. රසවින්දනාත්මක පැත්තෙන් තියෙන තොරතුරු හොයනවා. ඒ වෙනුවෙන්ම පැය ගාණක් කැප කරනවා.

ඔහු ඔබට දීල තියෙන වටිනාම තෑග්ග?
එහෙම එකක් කියලා මතකයට එන්නේ නැහැ. එයා ගොඩක් දේවල් මට දීලා තියෙනවා. ඒ ඔක්කොම මට වටිනවා.

ඔහුට ගැළපෙනම නිළිය කවුද?
මෙතෙක් රඟපෑව අයත් එක්ක බලද්දි මට හිතෙනවා හිමාලි සයුරංගි කියලා. මොකද එයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. උමයංගනා වගේ අයත් හොඳයි කියලා හිතෙනවා.

ඔහු වැඩිපුරම යන්න කැමැති තැන්?
අපේ ගෙදරයි, එයාලගෙ මහ ගෙදරයි තමයි.

ඔහු වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද?
වැඩිපුරම පවුලේ අයට තමයි ආදරේ කරන්නෙ.

ඔහුට නැතිවම බැරි අය කවුද?
ඒත් ඉතින් පවුලේ අය තමයි.

මොන වගේ විලාසිතාවලටද කැමැති?
ජාතික ඇඳුමට තමයි මම හිතන විධියට එයා කැමැති.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?
කාලෙන් කාලෙට බැලුවම විවිධ ඒවා තියෙනවා. මෑතකදි නම් අහන්න ලැබුණෙ එයා පී.එච්.ඩී. එකට පාස් වුණ එක.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය.
ඒ කාලෙ නම් කියන්නවත් බැරි තරම් ආරංචි ආවා. ඒත් දැන් නම් එහෙම ආරංචි එන්නෙ නැහැ.

ඔහු ගැන අපි නොදන්න රහස්?
එයා මොකක් හරි දෙයක් භාරගත්තොත් උපරිම කැප කිරීමෙන් ඒ දෙය කරනවා. සමහර වෙලාවට ඊළඟ දවසෙ වැඩක් තිබුණොත් මුළු රෑම පාන්දර වෙනකම්ම ඒ වෙනුවෙන් වෙහෙසිලා උදේම ඒ වැඩේටත් යනවා.

මව්බිම



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top