ලොවටම පිළිලයක් වී සිටින නරුම ISIS ත්‍රස්තයිගේ රුදුරු වූ ක්‍රියාවන් හමුවේ මේ වන විට විශාල පිරිසක් සිය ජීවිතවලින් වන්දි ගෙවා ඇත. එමෙන්ම දහස් ගණන් පිරිසක් තවමත් ඔවුන්ගේ කරදර හිරිහැර මැද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ජීවත් වේ.
ඔවුන් සිදුකරනා මෙලෙච්ඡ ක්‍රියාවන් නිසාම මෙලෙස හිරිහැරයට හා සෝචනීය සිදුවීමකට මුහුණදීමට සිදුවූ මවක් පිළිබඳව මේ වන විට වාර්තා වනවා.
ISIS ත්‍රස්තයිගේ ග්‍රහණයේ සිටින තම පුතාව නිදහස් කරගන්නට මෙම මව ඔවුන්ගේ කඳවුර වෙත් ගොස් ඇත. එයට ගිය ඇයව මහත් හරසරින් පිළිගෙන ඇති ISIS ත්‍රස්තයින් ඇයට හිඳගැනීමට ආසනයක් පවා පනවා ඇත.
ඉන්පසුව ඇයට ආහාර අවශ්‍යද යන වග අසා බොන්නට වතුරද ලබා දී පිසූ මස් හා බත්ද ලබා දී ඇත. ඇය තමන්ගේ පුතාව ඔවුන්ගෙන් ඉල්ලුවද ඊට පෙර ආහාර ගන්නා ලෙස ඇයට ආරාධනා කර ඇත.
එවා ආහාරයට ගැනීමෙන් පසු ඇය නැවත සිය පුතාව ඉල්ලා ඇතිමුත් එවිට ISIS ත්‍රස්තයින් මහහයියෙන් සිනාසෙන්නට වී ඇත. ඔවුන් ඉතා කාරුණික බව සිතාගෙන මව විසින් ඔවුන් පැනවූ ආහාර ලබාගත්තද ත්‍රස්තයින් පසුව පවසා ඇත්තේ එම ආහාර වල අඩංගු මස්වල ඇත්තේ ඇයගේ පුතාගේ ශරීර කොටස් බවයි.