Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
02
"මම හිතන්නේ පෙර ආත්මයේ කළ කුසල් අකුසල් මත මේ ආත්මයේ සියලූ දේ තීරණය වෙනවා කියලයි.." - තාරුකා වන්නිආරච්චි - Photos

- "මම හිතන්නේ පෙර ආත්මයේ කළ කුසල් අකුසල් මත මේ ආත්මයේ සියලූ දේ තීරණය වෙනවා කියලයි.." - තාරුකා වන්නිආරච්චි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views

"ඒ අත්හදා බැලීම් කරන්න ඇත්තටම බය වුණා..."

"ජීවිතයට ප්‍රශ්න එනවා යනවා. ඒක අපි හැමෝටම පොදු ධර්මතාවක්.."

‘සඳනි තාරුකා’ උප්පැන්න සහතිකයේ එහෙම සඳහන් වුණත් ක්ෂේත්‍රය තුළ ඇයව ගොඩක් දෙනෙක් හඳුන්වන්නේ තාරකා වන්නිආරච්චි ලෙසය. තාරකාවක් වගේම දීප්තිමත් ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. මේ ඇය ගැනයි


ඉතිං තාරුකා මේ දිනවල කොහොම ද වැඩ කටයුතු?
හොඳින් කරගෙන යනවා.

ක්ෂේත්‍රයේ සිටින සුරූපිනියක් ලෙසට ඔබට ලැබෙන ප්‍රතිචාර කෙබඳු ද?
ඉහළයි. මේක එක්තරා විදිහකට නිහතමානී ආඩම්බරයක් වගේම ආත්ම අභිමානය ලැබෙන දෙයක් ලෙසටයි මා දකින්නේ.

කාන්තාවකට සුන්දරත්වය කොතරම් වැදගත් කියා ඔබ විශ්වාස කරනවා ද?
කාන්තාවකට ලස්සන තිබිය යුතුමයි කියා මා විශ්වාස කරන්නේ. බිලිඳියක ලෙසින් උපදින කාන්තාවක් තම ජීවන වේදිකාවේ දියණියක්, තරුණියක්, බිරිඳක්, මවක් සහ අත්තම්මා කෙනෙක් ලෙසින් ජීවිතයේ විවිධ චරිතයන්ට සජීවීව පණ පොවනවා. මේ සෑම චරිතයක්ම අභිමානවත්ව පවත්වාගෙන යාමට සුන්දරත්වය එක සේ බලපානවා.

සුන්දරව සිටින කාන්තාවකට ස්වාමියාගේ සිට දරුවන්ගෙන්, දෙමාපියන්ගෙන් තම ආදරණීය ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන් පවා ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. ඇත්තටම සුන්දරත්වය කියන්නේ ජීවිතයම ආලෝකමත් කරන දෙයක් ලෙසටයි මා දකින්නේ.

කෙනකුට සුන්දර රූපයක් ලැබෙන්නේ කුමක් නිසා කියල ද ඔබ විශ්වාස කරන්නේ?
ම්... මා බෞද්ධ කාන්තාවක් නිසා බෞද්ධ දර්ශනයට අනුව මා හිතන්නේ පෙර ආත්මයේ කළ කුසල් අකුසල් මත මේ ආත්මයේ සියලූ දේ තීරණය වන බවයි. නමුත් කාන්තාවක් විදිහට අපේ මුහුණේ අවපැහැ වී ඇත්නම්, කුරුලෑ ආදිය එනවා නම් අපි ඒ ප්‍රශ්න කර්මයට බාර නොදී පිළියම් සොයා යෑම ඉතා  ඕනෑකමින් කළ යුතුයි. සෑමවිටම සුන්දරත්වය රැක ගැනීමේදී ස්වභාවික දේවලට මූලික තැන දුන්නොත් ඒක ගොඩක් හොඳයි කියා මා විශ්වාස කරනවා.

රූමත් ඔබේ සුන්දරත්වය රැක ගන්න මොනවා ද කරන්නේ කියලා දැන ගන්න කැමැතියි?
මම පුංචි කාලේ ඉඳලම ස්වභාවික ආලේපන වර්ග ගැල්වීමට හුරුවී සිටියේ. ඉස්සර මට මතකයි ආච්චි අම්මා කොහොඹ කොළ තම්බලා නාවනවා. නාන්න කලින් අමු කහ උරච්චි කරලා ඇගේ  ගානවා. සම ලස්සන වෙන්න කියලා සුදු හඳුන් උරච්චි කරලා ගානවා. මේ වගේ දේවල් කෙරුණ නිසා කුරුලෑවක් මූණේ ආවත් මම කරන්නේ කොහොඹ කොළයක් පොඩි කරලා තියලා සනීප කරනවා හැරෙන්න කෘත්‍රිම දේවල් කරන්නෙ නෑ. අම්මාත් මගේ සුන්දරත්වය රැක ගන්න ගොඩක් වෙහෙසුන කෙනෙක්. එයා හරිම ආසයි මාගේ ලස්සන කොණ්ඩයට සාත්තු කරන්න. ඉස්සර ගෙදරදීම හින්දන තැඹිලි තෙල් ගාලා අම්මා කොණ්ඩයට තෙල් සාත්තු කරනවා. කොණ්ඩය නිරෝගීව ඝනව කළුව වැඩෙන්න කියා සුමානයකට දවසක් වෙරළු කොළ කොටලා ඉස්ම ගල්වලා පැය බාගයක් විතර තියලා සෝදා හරිනවා. එවැනි දේ නිසා මා පුංචි කාලේ ඉඳලාම ක්ෂණිකව ප්‍රතිඵල ගෙන දෙන කෘත්‍රිම අත්හදා බැලීම් කරන්න ඇත්තටම බය වුණා.

අද වනවිට ඔබ මොනවද සුන්දරත්වය රැක ගන්න කරන්නේ?
රංගන ශිල්පිනියක් ලෙසට ඇගේ  හැඩය පවත්වා ගැනීමට කෑම බීම ගැනීමේදී වැඩි සැලකිල්ලක් දක්වනවා.බත් කන්නේ නැති තරම්. එළවළු තම්බලා කනවා. නැත්නම් මාළු හෝ මස් තැම්බූ පෙත්තක් තමයි රාත්‍රී ආහාරයට ගන්නේ. ඊට අමතරව සතියකට දින දෙකක් හෝ තුනක් රාත්‍රියේදී පැයක පමණ කාලයක් ඇවිදීමට හුරුවී සිටිනවා. වෙනිවැල්ගැට වීදුරුවක් සුමාන දෙකකට සැරයක් බොනවා. ඒක මට අම්මා පුංචි කාලේ ඉඳලාම අද වෙනකම්ම දෙන ඖෂධීය පානයක්. වෙනිවැල්ගැට පානයෙන් සම පැහැපත් වෙනවා වගේම ලෙඩවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා.

ඊට අමතරව කරපිංචා, වැල්පෙනෙළ, හාතවාරිය, මුකුණුවැන්න ආදී කොළ වර්ගයක් හෝ දෙකක් යොදා පිළියෙල කර ගන්නා ඖෂධීය කොළ කැඳ වීදුරුවක් දින දෙකකට වරක් බීමටත් මම පුරුදු වී සිටිනවා.

දෛනිකව පලතුරු ජූස් වර්ගයක් බීමටත් පුරුදු වෙලා ඉන්නවා. ගස්ලබුවලට මම ගොඩක් කැමැතියි. ගස්ලබුවලින් සමේ පැහැයට ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මට අවශ්‍ය ගොඩක් පලතුරු ගෙවත්තේම වගා කරලා තියෙනවා.

මේ හැමදේම අතරේ වතුර ගොඩක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. එමගින් සමේ තෙතමනය ආරක්ෂා වෙනවා වගේම සම වියළීම ආදියත් ස්වාභාවිකවම පාලනය කෙරෙනවා.

ම්... තව මම නිවාඩුවක් ලැබෙන වෙලාවට සමේ පැහැය ආරක්ෂා කර ගන්න සතියකට වරක් සුදු හඳුන් කුඩු, කොකුම්පොතු කුඩු, කස්තුරි කහ, අවශ්‍ය ප්‍රමාණයට ගෙන එළකිරිවලින් මිශ්‍රකර ඇෙඟ් ගල්වා විනාඩි 20ක් විතර තිබෙන්නට හැර සෝදා හරිනවා. මෙමගින් සමේ අවපැහැ ගතිය නැතිවී දීප්තිමත් පෙනුමක් ලැබෙනවා.

දෛනික ආහාර වේලට පලා වර්ගයක් එක්කර ගන්නවාමයි. වැටකොළු, තුඹ කරවිල, බීට් රූට්, කැකිරි, පොලොස්, දෙල් වර්ග එළවළුවලට මං ගොඩක් කැමැතියි.

පෝෂ්‍යදායී ආහාරත් අරන් පුළුවන් වෙලාවට ව්‍යායාම කරලා ඉන්නකොට අපිට ඒක ගතට වගේම හිතටත් දැනෙනවා. අපි නිරෝගී කියන පණිවිඩයත් හිතට නිරතුරුවම ලැබෙනවා.

කොණ්ඩය වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ?
කාර්යබහුල ජීවිතයේදී ලොකු වෙලාවක් නැතත් වරලසට සාත්තු කරන්න කාලය යොදවන්න පුළුවන් වෙලාවට කෝමාරිකා මදයට විටමින් ඊ කරල් දෙකක් දමා හිස් කබලේත්, හිසකෙස්වලත් හොඳින් ගල්වා මසාජ් කර සෝදා හරිනවා. ඊට අමතරව පොල් තෙල්වලට විටමින් ඊ කරල් 2ක් දාලා ඉඳහිට හිස මසාජ් කරන්න මං පුරුදු වෙලා ඉන්නවා. මෙය හිසේ කළු පැහැයට මෙන්ම හිසේ නිරෝගී බවටත් ඉතාම යෝග්‍ය සත්කාරයක්.

ඔබ මේ ලෝකයේ දැක්ක ලස්සනම කාන්තාව කවුද?
මගේ අම්මා. පංචකල්‍යාණයේම අගතැන්පත් ඇය එදා වාගේම අදත් හරිම ලස්සන සුන්දර කාන්තාවක්. ස්වභාවිකව ලස්සන රැකගෙන ඉන්න ඇය තමයි මගේ මුල්ම රූපලාවන්‍ය ගුරුතුමිය වුණෙත්. මේ ආත්මීය බැඳීමට මම හරිම ආසයි.

ඔබට කෙනෙක් ලස්සනයි කියා ළඟට ඇවිත් කිව්වොත්?
ඒ වචනය අහන්න මේ ලෝකයේ සෑම කාන්තාවක්ම ආසයි වගේම මමත් ආසයි. ලස්සනයි කියලා අහනවාටත් වඩා මම ගොඩක් ආසයි හැමදාම ලස්සනට ඉන්න.

බාහිරින් වාගේම අභ්‍යන්තරවත් ලස්සනට ඉන්න සිතුවිලි බලපානවා නේද?
ඔව්. ජීවිතයට ප්‍රශ්න එනවා යනවා. ඒක අපි හැමෝටම පොදු ධර්මතාවක්. මොන දේ වුණත් ඒ හැමදේම තාවකාලිකයි. සිතුවිලිවලින් පිවිතුරුව නිරවුල්ව ඉන්න පුළුවන් නම් අපි ඉබේම ලස්සනත් වෙනවා.

ඔබට වඩාත් ගැළැපෙන ඇඳුම?
දිග ගවුමට මම ගොඩක් ලස්සනයි කියල හැමෝම කියනවා.

ඇඟට ලස්සනම පාට?
මම ආසම පාට සුදු. ලා රෝස, කහ පාටටත් මම ගොඩක් ආසයි. හමටත් ලස්සනයි.

අසුන්තා එදිරිසූරිය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top