Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
11
"එක කඩයක්වත් තිබුණේ නැහැ, තිබ්බෙත් එක බස් එකයි ,දියවන්නා ඇල දිගේ පාරුවලින් මිනිස්සු බඩු ගෙනියනවා.."- අමිතා වැදිසිංහ - Photos

- "එක කඩයක්වත් තිබුණේ නැහැ, තිබ්බෙත් එක බස් එකයි ,දියවන්නා ඇල දිගේ පාරුවලින් මිනිස්සු බඩු ගෙනියනවා.."- අමිතා වැදිසිංහ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

"ඊට පස්සේ අපි දෙන්නා එකතු වෙලා විවාහ වුණා..."

"එදා එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්’ ගීත ගායනය කළා..."

‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි’, ‘සෙංකඩගල දළඳා සමිඳුන්’, ‘රන්ද්‍රජිත් එන්න ආදරේ’ ඇතුළු අමරණීය ගී පෙළක් අප සංගීත ක්ෂේත්‍රයට එක්කල අමිතා මැදසිංහ නම් වන ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනිය එදත් අදත් ජනතාවගේ ගයිකාවයි. දශක ගණනාවක් පුරා ගී ගැයූ ඇය ගැනයි මේ සටහන.


ඔබේ උපන් ගමෙන් අපි කතාව පටන් ගනිමු
උපන් ගම කොළඹ කිරුළපන. අද භාවිතා කරන කිරුළපන ඩී.එම්. කොළඹගේ මාවතේ තමයි අපේ මහගෙදර පිහිටලා තිබුණේ.

මහගෙදර විස්තර කියමු බලන්න
අපේ තාත්තා හැදී වැදිසිංහ, රැකියාව කළේ රජයේ මුද්‍රණාලයේ. තාත්තාගේ ගම මතුගම, වලගෙදර, අම්මා අර්ලිතා කුරේ. ගම කිරුළපන. පවුලේ සාමාජිකයින් හතර දෙනයි. වික්ටර්, ධනපාලි, මම සහ ලීනා නංගි.

ඔබ ළමා කාලයේදී කිරුළපන තිබුණේ කොහොමද?
ඒ කාලේ කිරුළපන ඉතාම ලස්සන ගමක්. අපේ ගෙදර ළඟ තිබුණා විශාල පිට්ටනියක්. අන්න ඒ පිට්ටනියේ තමයි අද විවෘත විශ්වවිද්‍යාලය ඉදි කරලා තියෙන්නේ. නාවල පාර හරිම පටුයි. එක කඩයක්වත් තිබුණේ නැහැ. නුගේගොඩ සිට බොරැල්ලට එක ප්‍රයිවෙට් බස් එකක් ගියා. එච්චරයි.

කොහොමද ළමා කාලය?
හරිම සුන්දරයි. දියවන්නා ඇල දිගේ පාරුවලින් මිනිස්සු බඩු ගෙනියනවා. අපි බලාගෙන හිටියා.

ඉගෙන ගත්තේ මොන පාසලේද?
ගෙවල් ළඟ තිබුණු සද්ධමෝදය විද්‍යාලයෙන් තමයි මුලටම අකුරු කළේ. ඊළඟට නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වුණා.

සෞන්දර්ය විෂයන්ටත් අනුලා විද්‍යාලය ප්‍රසිද්ධයි, ඔබත්?
පණස් ගණන්වල බටහිර සංගීත විෂය විතරයි තිබුණේ. ඒ විෂය මමත් ඉගෙන ගත්තා. විද්‍යාලයේ සිටි මානස්පට්ටිආරච්චි ගුරුතුමා පුහුණු කළ ‘රාමායණය’, ‘සිරිසඟබෝ’, ‘සකුන්තලා’ යන නාට්‍යවල රඟපෑවා. ඒවායේ ගීත ගායනය කළා.

පසුකලෙක ප්‍රේමකුමාර එපිටවල නැටුම් ගුරුවරයෙක් විදියට අනුලාවට ආවාම මමත් එතුමාගෙන් නර්තන විෂය හැදෑරුවා. සංගීත විශාරද ඩබ්.එෆ්. විමලසිරි ගුරුතුමා යටතේ සංගීත විෂය ඉගෙනගෙන ගාන්ධර්ව විභාගයට පෙනී සිටලා සමත් වුණා.

ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලපෑ පවුල් පසුබිමක් තිබුණද?
අපොයි ඔව්. ඒක නම් මහා දිග කතාවක්. අපේ ඥාතියෙක් තමයි ගුවන් විදුලියේ සිටි ඩී.එම්. කොළඹගේ මහත්මයා. එතුමා එහි ප්‍රධානියා. ‘කොළඹ සිට කතා කරමින්’ යනුවෙන් ජාතික ගුවන්විදුලියේ ප්‍රථම නිවේදකයා හැටියට වාර්තා වෙන්නේ එතුමා. එතුමා පදිංචි වෙලා හිටියේ අපේ ගෙදර ළඟ. එතුමා හරිම කළුයි. ඒ නිසා අපි එතුමාට කිව්වේ කළු බාප්පා කියලා.

ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග මහත්මයත් අපේ ඥාතියෙක්. එතුමා කියන්නෙත් කලු බාප්පා කියලා. ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් සූරීන් අපේ අම්මාගේ පාර්ශ්වයෙන් ඥාති කෙනෙක්.

වයස අවුරුදු හතවෙනකොටත් අපේ ගෙදර රේඩියෝවක් තිබුණේ නැහැ?
ඒ කාලේ මං රේඩියෝව අහන්න කළු බාප්පලාගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා. ඒ ගෙදර ග්‍රැමෆෝනයකුත් තිබුණා. මෙන්න මේ පවුල් පසුබිම මගේ ගායන ක්ෂේත්‍රයටත් සංගීත ක්ෂේත්‍රයටත් යොමුවීමට බලපෑවා කිව්වොත් හරි.

මොකක්ද එහි ආරම්භය?
ආනන්ද සමරකෝන් සූරීන්ගේ සොහොයුරෙක් වූ බර්ටි සමරකෝන් මහත්මයා එක දවසක් මාව එක්කන් ගියා. ගුවන්විදුලියට එතුමාගේ සංගීත වැඩසටහනකට.

මොකක්ද ඒ කාලේ සිදු වූ අමතක නොවන සිදුවීම්?
එක සිද්ධියක් කියන්නම්. රත්නපුරේ නගර ශාලාවේ තිබුණා මොලමුරේ ආර්යාව පිළිගැනීමේ උත්සවයක්. ඒ පිළිගැනීමේ ගීතය ගායනා කරලා මගේ අතින් එතුමියට මල් කළඹක් පිළිගැන්නුවා. හොඳට මතකයි. එතකොට මගේ වයස අවුරුදු හතයි.

ඊට පස්සේ?
බර්ටි සමරකෝන් මහත්මයා මාව යොමු කළා ගුවන්විදුලියේ ‘බ්‍රසල්ස් කෝපි’ ආධුනික ගී වැඩසටහනකට. එතැනදී මට ප්‍රථම ස්ථානය හිමිවුණා. වැඩසටහන මෙහෙය වූයේ ඒ කාලේ සිටි ඉතා දක්ෂ චිත්‍රපට නළුවෙකු වූ ලැඩී රණසිංහ මහත්මයා. මයික්‍රොෆෝනයට මාව උස නැති නිසා ලැඩී රණසිංහ මහත්මයා මාව වඩාගෙන හිටියා.

ඉතින් තරුණ වියට පත්වන විට කොහොමද තත්ත්වය?
මට ගායන හැකියාවක් තිබෙන බව දැනගත් රෝහිත විජේසූරිය සංගීතවේදියා මාව එක්කගෙන ගියා ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ ‘පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයාණෝ’ ගීතයේ කෝරස් ගායනයට. එදා තමයි මම කලා ජීවිතයට පිවිසුණේ.

එදා කෝරස් ගායනයට එක්ව සිටි අය තමයි විශාරද නන්දා මාලනී, රෝහිත විජේසූරිය, නාරද දිසාසේකර සහ නන්දා ජයතුංග. ඒ චිත්‍රපටයේ සංගීතය පණ්ඩිත අමරදේවන්ගේ.

පණ්ඩිත් අමරදේවයන් හඳුනාගැනීමෙන් පසුව ඔබගේ ගායන ජීවිතය විශාල වශයෙන් පරිවර්තනයට ලක්වෙන්න ඇති නේද?
ඇත්තටම ඔව්. අමරදේවයන් සංගීතය සැපයූ හැම චිත්‍රපටයකටම වගේ ගීත ගායනය කරන්න මාව සම්බන්ධ කරගත්තා. ප්‍රථමයෙන්ම ‘ආදරයයි කරුණාවයි’ චිත්‍රපටයට. මිල්ටන් පෙරේරා, නාරද දිසාසේකර සමග මලින් මලේ රේණු උරා රගන බඹර සතර දිගන්තේ ආදී ගීත 04ක් ගායනය කළා. ගීත ලිව්වේ මහගමසේකර.

ඊට පස්සේ?
රෝහිත විජේසූරිය සංගීතවේදියාගේ උපදෙස් මත මම රජයේ සංගීත විද්‍යාලයට ඇතුළුවුණා.

කවුද ඒ කාලේ සිටි සමකාලීනයන්?
විශාරද නන්දා මාලනී. වික්ටර් රත්නායක, සේන වීරසේකර, අමරසිරි පීරිස්,  ත්‍යාගා එන්.එඩ්වඩ්, සුජාතා පෙරේරා, මර්වින් පෙරේරා අපට ඉහළ පන්තියේ සිටියා. මහාචාර්ය සනත් නන්දසිරි, සරත් දසනායක, මම රජයේ සංගීත විද්‍යාලයට ඇතුල්වීමට පෙරයි ‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි’ ගීතය ගායනය කළේ.

ඔබ සරල ගීත ගායිකාවක් වූ පසු තවත් යුග ගීත කිහිපයක් ගායනා කළා මට මතකයි?
ඔව්. මම 1962දී සරල ගී පරීක්ෂණයෙන් සමත් වීමෙන් පසු ටියුඩර් ජයශාන්ත සමග ‘විලක නෙළුම් මට කුමට’, ඒ.එල් බී. කන්දෙපොළ සමග ‘ආදර චාරිකා’, මර්වින් පෙරේරා සමග ‘එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්’ ගීත ගායනය කළා.

ඉතින් එක මොහොතක් එක සෙවණක ගත කළ ආදර මතකයක් ඔබේ සංගීත ජීවිතයේ ඇති නේද?
තියෙනවා තියෙනවා. ඒ සිද්ධිය මෙහෙමයි. එක දවසක් වික්ටර් දළුගම කියන තරුණ සංගීතවේදියා මුණගැහෙන්න මම ගියා. මට හොඳ තනුවක් නිර්මාණය කරලා දෙන්න කියලා ඉල්ලා හිටියම හොඳ ලස්සන තනුවක් නිර්මාණය කරලා දුන්නා.

කරුණාරත්න අබේසේකර සූරීන් ඒ තනුවට පද රචනයක් කළා. ඒ ගීතය තමයි ‘රන් දොරින් එන්න ආදරේ’ ගීතය. අදටත් ජනප්‍රියයි.

ඊට පස්සේ අපි දෙන්නා එකතු වෙලා ‘රන් දොරින් එන්න ආදරේ කියා’ විවාහ වුණා. වික්ටර්ගේ තනුවකට අනුව අමරදේවයන් සමග මා ගැයූ ‘අනෝතත්ව විල නෙළුම් නෙළාලා’ ගීතයත් මට අමතක කරන්න බැහැ. එහි පද රචනය සුනිල් සරත් පෙරේරා මහතාත්, දැනට මම ගීත 800ක් විතර ගායනා කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මියගේ වර්තමාන තත්ත්වය?
වීරකැටිය මහා විද්‍යාලය, අශෝක විද්‍යාලය,  පිඹුර මහා විද්‍යාලය, බුලත්සිංහල විද්‍යාලය, පානදුර පිංවත්ත මහා විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය සහ සද්ධර්මෝදය විද්‍යාලයන්හි ගුරුවරියක් ලෙස සේවක කර පසුව රජයේ පාසල් සංගීත අධ්‍යක්ෂ තනතුරක් ලබලා දැන් විශ්‍රාම සුවයෙන් පසුවෙනවා.

දරුවන්?
තුසිත, චන්ද සහ සංගීතා.

සටහන හා ඡායාරූප - අමරදාස සිල්වා




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top