මේ දවස්වල උඩ බැලුවත් දේශපාලනය, බිම බැලුවත් දේශපාලනය. ඒ ඇරෙන්න වෙන කතාවක් ඇත්තෙම නෑ. ඔය අස්සේ අපි දේශපාලන නොවන කතාවක් කලොත් රට්ටු පැත්තවත් බලන්නේ නෑ. එහෙම උණසුමක මේ සතියේ හිරු Gossip Call කලා රුවන් හෙට්ටිආරච්චිට.
පසුගිය දවසක හිරු ටීවී ‘‘වින්දනීය උදෑසනට‘‘ ඇවිත් රුවන් කීව කතාවක් නිසයි අපි මේ සැරේ ඔහුව තොරගන්න හිතුවේ.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්..
ගෞරව් ගැයූ සීතමාරුතේ ගීතය පහතින්...
වාහනේ ඩ්‍රයිව් කරන ගමන් හිටියත් රුවන් අපේ කාතාවට ඉඩදීලා වාහනේ පාර අයිනේ නවත්තලා කතාවට සෙට් වුනා.
ප්‍රශ්නය - රුවන් සිංදු කියන්න කලින් මුලින්ම කලේ ?
උත්තරය - සින්දු කියපු එකම තමයි.
ප්‍රශ්නය - රුවන් ගෞරව් සීත මාරුතේ කිව්වේ රුවන්ගෙන් අහලාද ?
උත්තරය - නෑ. කීවට පස්සේ ඇහුවා.
ඔන්න ඔහොම අපි කතාවට එන්ටර් වේගන එද්දිම ශෙරිල්ගෙන් රුවන්ට කෝල් එකක්.
‘‘ශෙරිල් Hiru Gossip එකෙන් කෝල් එකක්. මං පස්සේ ගන්නම්‘‘ කියලා රුවන් ආයෙත් අපේ කොල් එකේ.
සිංදුවක් Remake කරන්න ආසාවක් නැද්ද, රුවන්ගේ සිංදුවක් අපි කියනවා නම් මොනවද කරන්න ඕනි , දෙන්නා තුන්දෙනා වෙන දවසක් ගැන තාම හිතලා නැද්ද වගේ ඔබ රුවන්ගෙන් අහන්න හිතපු ප්‍රශ්න ටිකක් ඔන්න අපි ඇහුවා. ඒ කතාවේ ඔක්කොම තියෙන හිරු ගොසිප් කෝල් එකට මෙතනින් කන්දෙන්න.
පසුගිය සතියේ ගොසිප් කෝල් එක මෙතනින් අහන්න.
සටහන හා සංවාදය :- සජීව ද සිල්වා