අතේ තිබුණු ලෝක කුසලාන 4ක්ම එක දිගට අහිමි වුන අපිට මේ පැරදුන මැච් 5 කජ්ජක්ද කියලයි අපි ඒ තුවාලේ වේදනාව අඩු කරගත්තේ. හැබැයි මේ කැළල නම් කවදාවත් මැකෙන එකක් නෑ. ඒ බව දැන දැනත් මේ හදන්නේ තුවාල පාරන්න නෙවෙයි. අනිත් අයත් බලන්නේ අපේ ඇහෙන්ද කියලා දැන ගන්නයි.
ඇය මුලින් නිරූපිකාවක්, දැන් රංගන ශිල්පිනියක්. නව පරපුරේ කියලා බයක් නැතුව කතා කරන්න පුළුවන් වයසක ඉන්න නිසා මේ සතියේ හිරු Gossip Call කරේ රිතූ ආකර්ෂට.
කාර් එකේ වැඩකට එළියට ගිහින් හිටියත් කතා කරපු වෙලාවේ ලෝභ නැතුව විනාඩි 5ක් 6ක් ඇය අපිට දුන්නා. ඉතින් ක්‍රිකට් කියලා බලන්නේ නැතුව අපි කාපු කෑම ගැන මුලින්ම ඇයගෙන් ඇහුවා.
ප්‍රශ්නය - අපි ඉන්දියාවට පරාද වුන එක ගැන මොකද හිතෙන්නේ ?
උත්තරය - දුකයි, ඒත් ජය පරාජය අපි බාර ගන්න ඕන මොනවා වුනත්.
ප්‍රශ්නය - විරාත් කෝලිගෙන් යෝජනාවක් ආවොත් මොකද කියන්නේ?
උත්තරය - මං හිතන්නෙ නෑ විරාත් මට යෝජනාවක් ගෙනෙයි කියලා. ආවොත් එදාට බලමු.
කොහොමද? අපි දාන ෆුල් ටොස් පන්දුවලටත් ඇය ආරක්ෂිත පහරවල් එල්ල කරන්නේ. ඒ හින්දා ඊලගට අපි යෝකර් බෝල ටිකක් එක දිගට දැම්මා. මෙතනින් එහාට ඔබේ හිතේ තියෙන සැර ප්‍රශ්ණ ටිකයි අපි ඇයගෙන් ඇහුවේ. වැරදිලාවත් ශාරුක් චිත්‍රපටයකට ආරාධනා කලොත් යනවද? ලොකු ගාණක් ඉල්ලනවද? ඒ වගේම ඇගේ පාසල් පෙම ගැනත් අපි ඇහුවා.
අපි දාපු ඒ යෝකර් පන්දු වලට ඇය OUT වුනාද කියලා දැන ගන්නනම් මෙන්න මෙතනින් ඒ කතාබහේ ඔක්කොම තියෙන මේ සතියේ හිරු Gossip Call එකට කන් දෙන්න...
ගිය සතියේ හිරු Gossip Call එක මෙතනින් අහන්න..
සටහන හා සංවාදය - සජීව ද සිල්වා.