අම්මා කෙනෙක් තමන්ගේ ළමයා එක්ක මෙහෙම ෆොටෝ ගන්න එකනම් හරි කැතයි. ඔච්චරටම ෆොටෝ මේනියාවක් තිබ්බනම් උදාරිට තිබුණා තනියම ෆොටෝ වලට ඉන්න. අනික ඔය ඕන තරම් නිළියෝ ඉන්නේ බබාලා ඉන්න, කෝ එයාලා ඔය වගේ ෆොටෝ ගන්නවද? උදාරිට මොනාද මේ වෙලා තියෙන්නේ? කාලයක් තිස්සේ ඔබේ හිත අස්සේ තිබ්බ මේ ප්‍රශ්න වලට උත්තර දෙයියොත් දන්නේ නෑ.
ඒ හින්දා ඔන්න මේ සතියේ Hiru Gossip Call කරා උදාරිට, එක පාරක් නෙවෙයි දහ දොළොස් පාරක්ම. උදාරිව අල්ලන්න අපි දැල් නොදාපු ටික විතරයි. අන්තිමට රූගත කිරීමකට යද්දි පාර හොයා ගන්න බැරුව රස්තියාදු වෙන වෙලාවක අපි ඇයව අල්ල ගත්තා. ඇය මේ දවස් වල අංගම් සටන් ඉගෙන ගන්නවලු. ඒ ආත්මාරක්ෂාවට නං නෙවෙයි, මේ සඳුදා ඉදලා හිරු ටීවී ටෙලි පෙරහැරෙන් දිග හැරෙන බිනරමලී ටෙලිනාට්‍ය වෙනුවෙන්. කොහොම හරි අතට අහුවුන වෙලාවෙ අපි අර ප්‍රශ්න ටික උදාරිගෙන් ඇහුවා...
ප්‍රශ්නය - උදාරි ඇයි දරුවා එක්ක ෆොටෝ අරන් ප්‍රසිද්ධ කරන්නේ?
උත්තරය - මට ලස්සන දරුවෙක් ඉන්නවා. ඉතිං අපි දෙන්නගේ ෆොටෝ අරන් FB දානවා.
ප්‍රශ්නය - විවාහය පරිස්සම් කරගන්න මොනවගේ ආරක්ෂක ක්‍රමද භාවිත කරන්නේ?
උත්තරය - බොළඳ වෙන්නේ නැතුව ඔලුවෙන් වැඩ කරනවා.
උදාරි හරි හදිස්සියෙන් උත්තර දෙන්නේ. ඒත් ඉතිං ඔබේ හිතේ තියෙන අනිත් ප්‍රශ්නත් එකක් නෑර අපි ඇයගෙන් ඇහුවා. ඒ සම්පූර්ණ කතාව අහන්න මේ සතියේ Hiru Gossip Call එකට මෙතනින් කන් දෙන්න. හැබැයි උදාරිගේ අර අංගම් පොර කෙරුවාව බලන්න නම් මේ සඳුදට හිරු ටෙලි පෙරහැර බලන්න වෙනවා හොඳේ.
උදාරී ‘‘බිනරමලී‘‘ ටෙලි නාට්‍ය රූගත කිරීම් අතර...
සටහන හා සංවාදය - සජීව ද සිල්වා
කලින් Hiru Gossip Call එක මෙතනින් අහන්න.