Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
11
"එදා ඒ පණිවුඩය ගැන දැන ගත්තාම මට පාන්දර 3 විතර වෙනකල් නින්ද ගියේ නැහැ..." - ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක - Photos

- "එදා ඒ පණිවුඩය ගැන දැන ගත්තාම මට පාන්දර 3 විතර වෙනකල් නින්ද ගියේ නැහැ..." - ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"අපි දෙන්නා ලොකු බෑග් අරගෙන බස් එකට නැග්ගාම මිනිසුන්ගෙ මුහුණු ඇඹුල් වෙනවා..."

"මම හඳහන් පස්සේ යන්නෙ නැහැ. අම්මා නම් ඉතින් ඒ ගැන බලනවා..."

අද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිටින තරු අතරින් බොහෝ දෙනා වැඩිපුර කතාබහ වන චරිතයක් ලෙස මේ කඩවසම් ක්‍රිකට් තරුව නම් කරන්න පුළුවන්. මැදගම ගමගේ දසුන් ශානක මේ අපූරු ක්‍රීඩකයා. විටින් විට කණ්ඩායමෙන් විසිවෙමින් තවත් විටෙක කණ්ඩායමට ඇතුළත් වෙමින් ස්ථාවර නොවූ ගමනක ආ දසුන් අද ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි හොඳ ආයෝජනයක් බවට පත් වෙලා. මේ ඔහු ගැනයි

 

දස්සා, මෙලෙසින් විශේෂ දක්‍ෂතා දැක්වීමේ රහස මොකක්ද?
මම හිතන්නෙ මට පිතිකරන ලැයිස්තුවෙ පොඩි වෙනසක් ලැබුණා. ඒ වගේම කාලයක් තිස්සේ ක්‍රීඩා කරමින් ලද පළපුරුද්ද එක්ක ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උනන්දු වුණා.

කොහොමද ප්‍රේක්‍ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර.
ඉතා හොඳයි. කොහොමටත් තරග ජයග්‍රහණය කරනකොට එහෙමයි.
 
එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය ගැන හිතන්නෙ කොහොමද?
අපි දැන් ජයග්‍රාහී මාවතට යළිත් පිවිස සිටිනවා. පරාජිත මානසික්තවය නෙවෙයි දැන් තියෙන්නෙ. හැමෝම ඉන්නෙ ජයග්‍රාහී මානසිකත්වයෙන්. ඒ නිසා මෙවර අපට වෙනසක් කරන්න පුළුවන් වේවි.
 
දස්සා, ක්‍රිකට් නොගැහුවා නම්?
මම සේවය කරන්නෙ මුල්‍ය ආකතනයක ක්‍රිකට් නොකළා නම්, දිගටම බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවර වෙමින් ඒ අංශයේම කටයුතු කරාවි. එහෙම නැත්නම්, අපේ තාත්තා හාඞ්වෙයාර් ව්‍යාපාරයක් කරන්නෙ. එක්කෝ ඒක දියුණු කරගෙන සිටීවි.
 
පවුලේ විස්තර කිව්වොත්?
අම්මා තාත්තා සහ මල්ලිලා දෙන්නා.
 
ක්‍රිකට් වලට හිතගියේ කොහොමද?
ඉස්සර අපේ මාමා සැහැල්ලූ පන්දු ක්‍රීඩා කළා. ඉතින් නිතරම ගෙදර බැට් බෝල තිබුණා. මාමා ඒවා තියලා ගියාම අපි ඒවා අරගෙන සෙල්ලම් කළා. ඒ විදියට තමයි හුරු වුණේ.
 
අම්මා තාත්තා මොනවද කිව්වේ ඔබ ක්‍රිකට් ගහන එක ගැන?
මුලදි අම්මා කැමති වුනේ නැහැ. ඒ වන විට තාත්තා විදෙස්ගතව රැකියාවක් කරමින් සිටියෙ. ඒත් පසුව අම්මා මගේ පස්සෙන්ම සිටිමින් මාව උනන්දු කළා.
 
රටේ තරුවක් වන බවට හඳහනේ ලියවිලා තියෙනවද?
මම හඳහන් පස්සේ යන්නෙ නැහැ. අම්මා නම් ඉතින් ඒ ගැන බලනවා. මගේ හැකියාවන් වෙනුවෙන් තමයි උනන්දු වන්නේ.
 
කඩවසම් පෙනුම නිසා දසුන්ට රඟපෑමට ආරාධනා එහෙමත් ලැබෙනවා ඇති නේද?
අපෝ නැහැ. මට වඩා කඩවසම් ක්‍රීඩකයින් කණ්ඩායමේ තව සිටිනවා.
 
රඟපෑමට ආරාධනා ලැබුනොත්?
මගේ සම්පූර්ණ කැමැත්ත තියෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට විතරයි.
 
දසුන් මොන වගේ චරිතයක්ද?
මගේ පාඩුවෙ ජීවත්වන හරිම සරල චරිතයක්.
 
ප්‍රේමය ගැන කිව්වොත්?
අද මගේ සම්පූර්ණ ප්‍රේමය තියෙන්නෙ ක්‍රිකට්වලට විතරයි.
 
ක්‍රිකට් හැර වෙන දක්‍ෂතා මොනවද?
බැට්මින්ටන් සහ වොලිබෝල් ක්‍රීඩා කළා. දැන් නම් ක්‍රිකට් නිසා ඒවාට ඉඩක් නැහැ.
 
එදා ජාතික කණ්ඩායමට තේරුණු පුවත මුලින්ම දැන ගත්තාම මොන වගේ සතුටක්ද ඇතිවුණේ?
ඒක තමයි ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයකුගේ හීනය. ක්‍රිකට් ගහන ඕනෑම ක්‍රීඩකයකුගෙ අවසාන ඉලක්කය එය විය යුතුයි. ඒක ඉතින් ලොකු සතුටක්. එදා ඒ පණිවුඩය ගැන දැන ගත්තාම මට පාන්දර 3 විතර වෙනකල් නින්ද ගියේ නැහැ.
 
දසුන් ජීවිතය මොන විදියටද ගෙවන්න කැමති?
බලාපොරොත්තු ගොන්නක් නැහැ. අම්මා තාත්තා සහ මල්ලිලා දෙන්නව බලාගෙන, එයාලට සළකාගෙන සිටීම තමයි ප්‍රධාන අරමුණ. ලැබෙන දේ ලැබේවි. ඒ වගේම නොලැබෙන්නත් පුළුවන්. ඒක තේරුම් අරගෙන ජීවත්වන කෙනෙක්.
 
ඔබ වෙතින් ඔබ දකින හොඳම ගුණාංගය සහ දුර්වලතාවය මොකක්ද?
බොහෝ දුරට මිනිසුන්ව විශ්වාස කරනවා. හොඳ වගේම මගේ දුර්වලතාවයත් එයයි.
 
තරුණියන් වෙතින් ලැබෙන ආරාධනා හමුවේ ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?
ක්‍රිකට් ලෝලි තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හමුවේ ඒවා අගයනවා. ඒ හැර ඒක බාධාවක් කර ගන්නෙ නැහැ. මනස ක්‍රිකට් වෙතම තියාගන්න ඕනෑ.
 
එදා මතකයන් ගැන කිව්වොත්?
මාරිස්ටෙලා එකට යද්දි ක්‍රිකට් ගහලා ඉවරවෙලා වෑන් එකෙන් ගෙදර ආවේ. වෑන් එක කසල ගොඩක් වගේ, මගේ ක්‍රිකට් ආම්පන්න දාලා. වාහනය ගන්න දෙයක් නැහැ. සමහරදාට ගියේ බස්වල. දුෂ්මන්ත චමීර සහ මම දෙන්නම එකට ක්‍රීඩා කළේ. ඉතින් අපි දෙන්නා ලොකු බෑග් අරගෙන බස් එකට නැග්ගාම මිනිසුන්ගෙ මුහුණු ඇඹුල් වෙනවා. අපි බැනුම් අහලත් තියෙනවා. අපි කෝච්චියෙත් ගිහින් තියෙනවා. කරේ එල්ලාගෙන ගිය බෑග් මිනිසුන්ගේ ඇෙඟ් වැදිලා හොඳ බැනුම් අහලා තියෙනවා. ඒවා ජීවිතයට හොඳ පන්නරයක් වුණා. අදටත් වාහනය නැත්නම් බස් එකේ හරි කෝච්චියෙ හරි යනවා. ඒක හරිම සරලයි.
 
‘‘නීතිය’’ කරන්නත් අදහසක් තිබුණලූ නේද?
උසස්පෙළ හොඳට කළා. ඒ වගේ අරමුණකුත් තිබුණා තමයි.
 
ක්‍රීඩාව හැර වෙන මොනවටද වඩා කැමති?
සංගීතයට ආසයි. ඒත් සිංදු කියන්න බැහැ. බීච් එකට වෙලා නිදහසේ ඉන්න ආසයි. ඒ වගේම පංසලට යන්නත් ආසයි. පල්ලියටත් යනවා. අපේ අම්මා කතෝලික ආගමේ. ඉතින් අපි පංසල් පල්ලි දෙකටම යනවා. මනසට එය ලොකු සහනයක්.
 
දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඬේවිඞ් මිලර් ඔබගෙන් බැට් එකකුත් ඉල්ලගෙන ගියා නේද?
ඔව්, එයා මම ගහන හයේ පහරවල් ගැන වර්ණනා කළා. කොහොමද ඒ විදියට ගහන්නෙ, අපිත් ඒ දිහා බලා ඉන්නවා කිව්වා. අවසන් සංචාරයෙන් පසුව ටීටුවෙන්ටි තරගාවලියකට ගන්න එයා මගෙන් බැට් එකකුත් ඉල්ලා ගත්තා. ක්‍රිකට්වල හැටි එහෙමයි. අපි අදහස් බෙදා හදා ගන්නවා.
 
ප්‍රේක්‍ෂකයින්ට මොන වගේ පණිවුඩයක්ද ඔබට කියන්න තියෙන්නෙ?
ඇත්තටම මීට වඩා හොඳ ප්‍රේක්‍ෂක රසිකත්වයක් දේශීය ක්‍රිකට් පිටියෙ තිබිය යුතුයි. එදා 96 කාලයේදී අපි නොකා නොබී මැච් බැලූවෙ කියලා මම අහලා තියෙනවා. ක්‍රීඩකයින් දිරිමත් වෙන්නෙ එවිටයි. එදා ජොබ් රැල්ලක් රටේ තිබුණෙත් නැහැ. අද ඔක්කොම කාර්ය බහුල වෙලා. ඉතින් ඒ ඔක්කෝම වැඩ පසෙකට දාලා ක්‍රිකට් නරඹන්න කියලා මම කියන්නෙ නැහැ. නමුත් අන්තර්ජාතික තරග විතරක් නරඹලා ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩාවට බනින්න එපා. එවිට අපි තවත් පස්සට යනවා.
 
 සඳුන් ගමගේ 



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top