Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
10
යුද හමුදාවට එකම දවසේ එකතු වෙලා උපන් දිනය දාම මේජර් ජනරාල් ධුරයට උසස් වූ නිවුන් සොහොයුරන්ගේ කතාව

- යුද හමුදාවට එකම දවසේ එකතු වෙලා උපන් දිනය දාම මේජර් ජනරාල් ධුරයට උසස් වූ නිවුන් සොහොයුරන්ගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"හෝඩියේ පන්තියේ පටන් එකම විදිහට ඇන්දේ.."

"අපි දෙන්නා ආමි එකට යනවා කිව්වම අම්මා අකමැති වුණා.."

යුද හමුදාව එකම දිනයක එක්වී එකම පාඨමාලාවක් හදාරා තම උපන් දිනය දාම මේජර් ජනරාල් ධුරයට උසස් වූ නිවුන් සොහොයුරන් දෙදෙනකු ගැන මෙම සතියේ අසන්නට ලැබුණේය.

තම පනස් තුන්වැනි උපන් දිනය යෙදුණු සැප්තැම්බර් 06 දා යුද හමුදා ඉතිහාසයට වාර්තාවක් තබමින් මේජර් ජනරාල් ධුරයට උසස් වූ නිවුන් සොහොයුරන් දෙදෙනා ලෙස ලියවෙන්නේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්න නිවුන් සොහොයුරු දෙපළය.

යුද හමුදාව තුළදීත්, පිටත සමාජය තුළදීත් එකිනෙකාට අඳුරාගත නොහැකි තරම් වන මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා සරදමක් මෙන් ෙදෙවෝපගත ලෙස ආ ගමනකින් පසුව මෙම උසස්වීම් ලදහ.


ලීලා සෙනවිරත්න මහත්මියට හා ජනසීහ සෙනවිරත්න මහතාට දාව 1965 සැප්තැම්බර් 06දා ජයන්ත හා පූරක යන නිවුන් සොහොයුරන් රත්නපුර මහ රෝහ‍ලේදී මෙලොව එළිය ලදහ.

සාමාන්‍යයෙන් නිවුන් දරු උපතක් විනාඩි දෙක තුනක පරතරයක් ඇතිව සිදුවුවද ජයන්ත ඉපදී විනාඩි හතළිහකට පසුව පූරක උපත ලැබිම විශේෂිත සිද්ධියක් විය.

ඉපදුනදා පටන් එකට හැදුණු වැඩුණු අයියා මලෝ දෙදෙනාම පෙර පාස‍ලේ පටන් එකට ඉගෙනුම ලබන්නේ සංසාර ගත බැඳීමක් ලෙසින්ය.

හෝඩියේ පන්තියේ පටන් එකම ඇඳුමින්, එකම සපත්තු සෙරෙප්පු, බෑග් සහිතව ආගිය ඔවුන් දෙදෙනා ගුරුවරුන්ට පවා හඳුනාගත නොහැකි වූ තරම්ය.

රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලද මොවුන් දෙදෙනා ඉන් පසුව හිදැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවේය. සැමවිටම ජයන්ත හා පූරක දෙදනාට එකම පන්තියේ ඉගෙනුම ලබන්නට හැකිවිය. සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙදෙනාම එකම ප්‍රතිඵල ලැබිමද විශේෂිත විය. ජයන්ත ‍‍‍ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා බවට පත්වෙද්දි පූරක ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත්විය.

මොවුන් දෙදෙනා පාසල් ක්‍රීඩාවලදී මෙන්ම කැඩෙට් ශිෂ්‍යයන් ලෙස ශිෂ්‍ය භට බළකාය තුළ කටයුතු කරන්නේද එකටය. පූරක ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූයෙන් කැඩෙට් පුහුණුවීම්වලින් ඉවත් වෙද්දී ජයන්ත රෙජිමේන්තු සැරයන් තනතුර දක්වා ඉදිරියට ගියේය. පූරක ක්‍රීඩා අංශයෙන් ඉහළට ගියේය.

උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටි පූරක හා ජයන්ත දෙදෙනාම පාස‍ලේ ගුරුවරුන්ටද පාසල් මිතුරන්ටද මාරුවී ගිය අවස්ථා එමටය. උසස් පෙළට පන්ති තුනක් තිබුණ ද උසස් පෙළ පන්තියේත් එකට සිටින්නට ඔවුනට හැකිවිය.

ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සමත්වූ පූරක හා ජයන්ත දෙදෙනා මීළඟට යුද හමුදාවට බැඳෙන්නට එකම තීරණයකට එන්නේ යුද ගැටුම් ඇරඹී තිබි සමයකය.

“අපි දෙන්නා ආමි එකට යනවා කිව්වම අම්මා අකමැති වුණා. ඒත් අප්‍පොච්චා කැමති වුණ නිසා අපි දෙන්නම අයදුම්පත් පුරවලා යැව්වා” යැයි ජයන්ත සෙනවිරත්න සිය මතකය අවදි කළේය.

ආමි එකට යන්න එකට කතා වෙලා අපි දෙන්නා ඇප්ලිකේෂන් දැම්මා. මුලින්ම ඉන්ටවිව් එකට යන්න ආවෙ මට. පුංචි අයියට ඉන්ටවිව් එක වැටුණේ පහුවදායි. අපි දෙන්නා දවස් දෙකකට ඉන්ටවිව් ගියත් දෙන්නම තේරුණා. පූරක සෙනවිරත්න වසර තිස් දෙකකට පෙර තම මතකය ආවර්ජනය කළේය.

1985 නොවැම්බර් 01 දා පාඨමාලා අංක 22 යටතේ යුද හමුදාවට ආධුනික කැඩෙට් නිලධාරීන් ලෙස එක්වූ පූරක හා ජයන්ත පුහුණුවීම් සඳහා යන්නේද එකටමය.

කොතලාවල ආරක්ෂක පීඨයේ එකටම මාස එකහමාරක ඉංග්‍රීසි පුහුණුව සඳහා අනුයුක්ත වූ මොවුන් දෙදෙනා දියතලාවේ මසක පුහුණුවකින් පසුව පාඨමාලා අංක 21 යටතේ පාකිස්තාන් පුහුණුව සඳහා පාකිස්තානය බලා පිටව යන්නේය.

පාකිස්තාන් පුහුණුව සඳහා ජයන්ත හා පූරක ලංකාවෙන් පිටව යන්නේ තම පාඨමාලාවට අයත් නිලධාරීන් හැටදෙනකු සමගය. මෙම හැට දෙනා කණ්ඩායම් තුනකට බෙදා වෙන් කරද්දිත් පූරක හා ජයන්ත එකම කණ්ඩායමට වැටෙන්නේත් ෙදෙවයේ බැඳීමක් මෙනි. එම පුහුණුවෙන් අනතුරුව 1986 ජූලි 24 දා පාකිස්තානයේදී විසිරයාමෙන් පසු මාදුරුඔය වනගත සටන් ක්‍රම සඳහා පුහුණුවීම් ඇරඹෙන අතර එහිදීත් කණ්ඩායම් පහකට මෙම පිරිස බෙදා වෙන් කරද්දීත් අහම්බයක් මෙන් පූරක හා ජයන්ත එකම කණ්ඩායමේ සිටියහ. යුද හමුදාවට මුලින්ම සම්මුඛ පරීක්ෂණ සඳහා ගිය නිසා බාලයා වුවත් පූරකගේ බඳවාගැනීම් අංකය වූයේ 60580ය. බාලයාට වඩා අංක පහළවක් පහළින් ජයන්තට හිමිවන්නේ 60595ය.

ඉපදුනදා පටන් එකට හැදී එකම පාස‍ලේ එකම පන්තියේ පවා ඉගෙනුම ලබා යුද හමුදාවටත් එකම දිනයක බැඳී එකම පුහුණුව ලද මොවුන් දෙදෙනා වෙන්ව යන්නේ යුද හමුදා කැඩෙට් පුහුණුව අවසන් කර ඒකකවලට වෙන්කරද්දීය.

අපි දෙන්නම ඉන්ෆැන්ට්රි (පාබල බලඇණි) යන්න ඉල්ලුවා. මට සිංහ රෙජිමේන්තුව හම්බවුණා. මල්ලිට සංඥා බළකාය හම්බවුණා. එකම ගෙදර දෙන්නා ඉන්ෆැන්ට්රි දාන්න බැහැ කිව්ව නිසා අපි එතැනදි යුනිට් දෙකකට කැඩිලා ගියා. අපි පුහුණුව අවසන් කරලා රාජකාරිවලට යද්දී රටේ යුද්ධය ඇවිල ගිය කාලයක් වුණා. මම පළවැනි මෙහෙයුම මාන්කුලම්වලට ගියා. එතැන් පටන් දිගටම හිටියේ බැට්ල් එකේ. මල්ලිත් පනාගොඩ ඉඳලා මෙහෙයුම් කලාපවලට ආවා.

“බලවේගය මෙහෙයුම 01 දි හා වන්නි වික්‍රම මෙහෙයුමට මල්ලියි, මායි දෙන්නම එකටම ගියා. අපි මෙහෙයුමේ කලාපවල ඉද්දි අප්පච්චිට හාට් ඇටෑක් එකක් හැදිලා නැති වුණා. එදා කිතුල්ඔතුවේ දී ආමි එකට කොටින්ගෙන් ඇටෑක් එකක් ආවා. අප්පච්චි හිතලා තියෙන්නේ මමත් ඒ ඇටෑක් එකට අහුවුණා කියලා. අවසානයේ තාත්තා පපුවේ අමාරුවක් හැදිලා එදා නැතිවුණා.

යුද්ධයේ උච්චතම අවස්ථාවල මෙහෙයුම් කලාපවල කටයුතු කළ ජයන්ත සෙනවිරත්න, පූරක සෙනවිරත්න යන නිලධාරින් දෙදෙනා ලුතිනන් කර්නල් ධුරය දක්වා උසස්වීම් ලැබුවේ එකටය. දෙවන ලුතිනන්, ලුතිනන් කපිතාන්, මේජර් නිල පහුකරමින් ලුතිනන් කර්නල් නිලය දක්වා එකම දිනයකදී උසස්වීම් ලැබුවේය.

වන්නි බිඳවැටීම සිදුවන විට මඩු පල්ලිය අත්පත් කරගැනීමට පළමුවන සිංහ රෙජිමේන්තුවට නායකත්වය දෙමින් යන්නට ජයන්ත සෙනවිරත්න කටයුතු කරන්නේය. කෙසේ හෝ මඩු පල්ලිය කොටි ග්‍රහණයෙන් මුදාගන්නැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිව සිටි අනුරුද්ධ රත්වත්තේ මහතා දුන් නියෝගයකින් පසුව පැය දහසයකින් මඩු මුදාගත්තේ කර්නල් ජයන්ත සෙනවිරත්නගේ නායකත්වය යටතේය.

මොවුන් දෙදෙනාගෙන් ජයන්ත සෙනවිරත්න ලුතිනන් කර්නල් නිලයට උසස්වූ පසුව අණදෙන නිලධාරි ධුරයට පත්වන්නේ පූරක සෙනවිරත්නට පෙරය. පාබල රෙජිමේන්තු තුළ උසස්වීම් සඳහා පුරප්පාඩු තිබුණද සංඥා රෙජිමේන්තුව තුළ පුරප්පාඩු නොවූයෙන් පූරක සෙවිරත්න උසස්වීම ප්‍රමාද විය.

2006 මුලදී කර්නල් ධුරයට උසස් වූ ජයන්ත සෙනවිරත්න බලසේනාධිපතිවරයකු ලෙස පුනරින් ඇතුළු මෙහෙයුම් ප්‍රදේශවල රාජකාරී කටයුතු කරන්නේ මෙම කාලසීමාවේදීය.
වසර තිහක කාලයක් තුළ යුද මෙහෙයුම් ප්‍රදේශවල වැඩිපුරම රාජකාරී කළ අයිය මලෝ දෙදෙනාගෙන් ජයන්ත සෙනවිරත්න මෙහෙයුම් කලාපවලින් කොළඹට එන්නේ සිව්වැනි ඊලාම් යුද්ධයත් අවසන් වූ පසුවය.

පූරක සෙනවිරත්න බලසේනාධිපති ධුරයට පත්ව සිටියදී ජයන්ත සෙනවිරත්න සිටියේ පිරිස් පාලන අධ්‍යක්ෂ ලෙසය.

57 වැනි සේනාංකාධිපති, 53 වැනි සේනාංකාධිපති ලෙසත් සේවය කරන ජයන්ත සෙනවිරත්න මාදුරුඔය පුහුණු පාස‍ලේ සේනාවිධායක ලෙස කටයුතු කරන්නේය.

බ්‍රිගේඩියර් නිලයටත් උසස්වීමේදී ජයන්ත මුලින්ම එම තනතුරට උසස්වූ අතර පූරක සෙනවිරත්න ඉන් පසුව උසස්වීම් ලදහ. මෙම උසස්වීම්වලින් පසුව යළිත් එකවර උසස්වීමේ වරප්‍රසාදය මොවුන් දෙදෙනාට යළිත් ලැබෙන්නේ පසුගිය සතියේදිය. ගිය මස තිස්වැනිදා සිට පුරප්පාඩු වූ මේජර් ජෙනරාල් තනතුරු සඳහා අයියා මලෝ නිවුන් සොහොයුරන්ගේ නම් දෙකද යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබුණේය.

ජනාධිපති විදේශ සංචාරය නිමකර පැමිණීමෙන් පසුව ජයන්ත සෙනවිරත්න හා පූරක සෙනවිරත්න මේජර් ජනරාල් ධුරයට උසස් කිරීමට දුන් නිර්දේශය යුද හමුදා මූලස්ථානය මගින් නිර්දේශ කරන්නේ සැප්තැම්බර්06 දාය.

සිය පනස් තුන්වැනි උපන් දිනය දාම නිවුන් සොහොයුරන් දෙදෙනා මේජර් ජනරාල් ධුරයට පත්වන්නේ යුද හමුදා ඉතිහාසයේ මේජර් ජනරාල් ධුරයට උසස්වූ පළමු නිවුන් සොහොයුරන් ලෙසය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top