සෙවණගල ප්‍රදේශයේ රජයේ පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් එම පාසලේම දහතුන් වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු සහ ඔහුගේ මිතුරෙකු විසින් දූෂණය කිරීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වනවා.
අතවරයට ලක් වූ ශිෂ්‍යාව පාසලට ගොස් පාසල ආරම්භ කිරීමට පෙර ඇයගේ පෙම්වතා වන දහතුන වසරේ ඉගෙනුම ලබන දහඅට හැවිරිදි ශිෂ්‍යයකු සමඟ පාසලෙන් පිට වී ත්‍රීවිල් රථයකින් එහි තිබූ පාළු නිවසකට ගොස් තිබෙනවා.
පසුව පාසල් ශිෂ්‍යයාගේ තවත් මිතුරෙකු එතැනට පැමිණ ඇති අතර දෙදෙනාම ඇයට ලිංගික අතවර කර එම හැසිරීම ජංගම දුරකථනයකින් වීඩියෝ කර ඇති බවයි පැවසනේනේ.
පාසලේ විදුහල්පති ස්‌වාමීන්වහන්සේට සිද්ධිය සැලවී සෙවණගල පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පාසල් ශිෂ්‍යාව සමඟ සිටි පාසල් සිසුවා හා ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යාව පොලිසියට පවසා ඇත්තේ මීට වසරකට පෙර තවත් තරුණයකු ද ඇයට ලිංගික අතවර සිදු කර ඇති බවයි.
අතවරයට ලක් වූ ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‌ෂණයක් සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
සෙවණගල පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.