Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
27
"ඒ ප්‍රශ්න ඉතා නරකයි ඒ නිසා මා ඉතාමත් අපහසු තත්ත්වයකට පත්වුණා.." - සරාගී නිලි සනී ලියොන් ලිංගික ජීවිතය ගැන කතා කරයි - Photos

- "ඒ ප්‍රශ්න ඉතා නරකයි ඒ නිසා මා ඉතාමත් අපහසු තත්ත්වයකට පත්වුණා.." - සරාගී නිලි සනී ලියොන් ලිංගික ජීවිතය ගැන කතා කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"ලිංගික චිත්‍රපට තාරකාවක් හා වෛශ්‍යාවක් අතර සමානකමක් තියෙනවා.."
"මිනිස්සු දකින්නේ මගේ අතීතයට තිබෙන සම්බන්ධය පමණයි.."


අන්තර්ජාල වැඩසටහනකට අදාළ පූර්ව ප්‍රචාරක පටයක සනී ලියොන් නොඑසේනම් 'කරන්ජිට් කෞර්' ගෙන් මාධ්‍යවේදියෙකු මෙසේ ප්‍රශ්න කරනු දක්නට විය. "ලිංගික චිත්‍රපට තාරකාවක් හා වෛශ්‍යාවක් අතර වෙනස කුමක් ද?"

සනී ලියොන් ගේ පිළිතුර වූයේ "සමානකමක් තිබෙනවා - ධෛර්යය"

මේ කියන ධෛර්යය සනී ලියොන් ගේ ගමන් විලාසය, මුහුණ වගේම පිළිතුරුවලිනුත් මට දැනුණේ මුම්බායි හි හෝටලයකදී සම්මුඛ සාකච්ඡාවකට ඇය හමුවූ අවස්ථාවේදීයි.


සනී ලියොන්, දිව්‍යා ආර්යා සමග කළ සම්මුඛ සාකච්ඡාව

මෙහි මුලින් ම කී සම්මුඛ සාකච්ඡාව, එම මාධ්‍යවේදියා සමග ඉදිරියට ගෙනයාම ඉතා අපහසු කාර්යයක් වූ බව ඈ මා සමග කීවාය.

"ඒ ප්‍රශ්න ඉතා නරකයි ඒ නිසා මා ඉතාමත් අපහසු තත්ත්වයකට පත්වුණා. නමුත් මිනිස්සු තුළ ඒ කුතුහලය තිබෙන නිසාත්, ඒවාට උත්තර දෙන්න අවශ්‍ය වූ නිසාත් අපි ඒක ඉදිරියට ගෙන ගියා"

පස්වෙනි වසරත් ඉන්දියාව තුළ වඩාත් ම ගූගල් සෙවුමට ලක්වූ පුද්ගලයා සනී ලියොන් වේ. ඔවුන්ට ඇය දැකගන්න අවශ්‍ය ය, ඇය ගැන දැනගන්න අවශ්‍ය ය, නමුත් වැඩි දෙනා තුළ ඇය ගැන නිගමනයක් තිබේ.

ඔවුන් තුළ එවැනි දෘෂ්ටියක් ගොඩනැගීමට හේතුවුයේ තමන් ම බව සනී විශ්වාස කරන්නීය.

"මම මට අවංකයි, නමුත් මිනිස්සු දකින්නේ මගේ අතීතයට තිබෙන සම්බන්ධය පමණයි. මම දන්නවා ඒ දැක්ම ඇතිකළේ මමයි. නමුත් හැම කෙනෙකුට ම වෙනස් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ වෙනස දකින්න මිනිසුන්ට හැකියාව තිබෙනවා."

බොලිවුඩ් සිනමාවට එක්වූ සනී ලියොන් මේ වනවිට චිත්‍රපට කීපයක ප්‍රධාන චරිතවලට පණ දී තිබේ. මෑතකදී ඇය තමන්ගේ ම සුවඳ විලවුන් සන්නාමයක් වන 'The Lust' (රාගය වැනි අරුතක්) දියත් කළාය.

ඊට තැබූ එම නමත් ඇය කෙරෙහි ඇති ප්‍රතිරූපය ඉදිරියට ගෙන යනවා නේදැයි මා විමසුවා.

ඊට එකඟ නොවූ ඇය, මෙතරම් තරුණ වයසක සුවඳ විලවුන් නිපැයුමක් එළිදක්වන්නට ලැබීම ඕනෑම තරුණියක ගේ සිහිනයක් විය හැකි බව පැවසුවාය. ඒ අවස්ථාව තමන්ට ලැබුණු විට ඊට තබන්නට කැමති වූ නම එය බව ද ඈ කීවාය.

"වෙනත් සුවඳ විලවුන් සන්නාම ද එවැනි නම්වලින්, එනම් seduction හෝ fire and ice වැනි නම් වලින් තිබෙනවා" යැයි ද ඇය තර්ක කළාය.

කරන්ජිට් කෞර්, සනී ලියොන් ගේ සැබෑ නම ය.

සනී ලියොන් ගේ ස්වයංචරිත චිත්‍රපටයට 'කෞර්' යන නම යෙදීමට එරෙහිව විරෝධය දැක්වූ ශිරෝමනි ගුරුද්වාර ප්‍රබන්ධක් කමිටුව (SGPC) නම් වූ මුල් පෙලේ සික් සංවිධානයක් පෙන්වාදෙන්නේ ඒ නම සික් ප්‍රජාවට අතිශයින් ම සුවිශේෂී වුවක්වන අතර සනී ලිංගික චිත්‍රපට කර්මාන්තයේ යෙදුණු තැනැත්තියක් බවය.

මේ ගැන මා සනීගේ අවධානය යොමු කළ විට ඇය පැවසුවේ, එය තමන්ට දෙමාපියන් දුන් නම වන අතර එය තමන්ගේ ගමන් බලපත්‍රයේ ද ඇති බවකි.

"කරන්ජිට් කෞර් මගේ නියම නමයි, සනී ලියොන් කියන්නේ මගේ වැඩකටයුතු සඳහා යොදාගත් නම"

බිග් බොස් (Big Boss) නම්වූ රියලිටි ටීවී වැඩසටහන ඔස්සේ ද සනී ලියොන් ජනප්‍රිය වුවාය

ලිංගික චිත්‍රපට කර්මාන්තයේ සිය ක්‍රියාකාරීත්වය පිළිබඳ සනී කිසිවිට ලැජ්ජාවට පත් නොවූවාය. එදින ද ඇය කීවේ, එය තමන්ගේ තේරීම බව ය.

පෞද්ගලිකව ලිංගික ප්‍රකාශන නැරඹීමට ඉන්දියාවේ බාධාවක් නැත. නමුත් ලිංගිකත්වය ඇතුළත් දේ නිෂ්පාදනය සහ / හෝ බෙදාහැරීම නීතිවිරෝධී වේ.

ලොව විශාලත ම භාවිතය සහිත ලිංගික වෙබ් අඩවිය වන Pornhub පෙන්වා දෙන ආකාරයට අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා කැනඩාවට පසු ලොව සිව්වෙනි විශාලතම ලිංගික චිත්‍රපට නරඹන රට වන්නේ ඉන්දියාව ය.

එසේනම්, ලිංගික චිත්‍රපට කර්මාන්තය ඉන්දියාව තුළ නීතිගත කළ යුතු ද?

ඊට පිළිතුරු දීමට මැලි නොවූ සනී, "ඒක මම ගන්න ඕනෑ තීරණයක් නෙවෙයි, ඒක කළ යුත්තේ ආණ්ඩුවයි. ජනතාවයි තීරණය කරන්න ඕනෑ ඔවුන්ට අවශ්‍ය මොනවාද කියලා," යනුවෙන් සඳහන් කළාය.

නමුත්, ලිංගිකත්වය පිළිබඳ සංවාද විවෘත කිරීමට හා සාමාන්‍යකරණය වීමට එවැනි කර්මාන්තයක් උදව් වේද? ඇමෙරිකාව තුළ ඇය ලත් අත්දැකීම කුමක් ද?

ඊට පිළිතුරු ලෙස සනී පැවසුවේ, තමන්ගේ කැමැත්ත වෙනත් කෙනෙකුට බලපෑමක් නොවිය යුතු බවය. සමාජයේ මතවාද ගොඩනැගෙන්නේ පවුල්වලින් ඒවගේම සෑම තරුණියකට ම සිය දෙමාපියන්ගෙන් ලබන ගුරුහරුකම් හේතුවන බව ඇය කීවාය.

ලිංගික චිත්‍රපට කර්මාන්තයට පිවිසීමේ සිය තීරණයට දෙමාපියන්ගේ එකඟත්වය ඇයට නොලැබිණි. එහෙත්, ස්වාධීන කාන්තාවක බවට ඔවුන් තමන්ව ගොඩනැගූ බව හැඟෙන්නේ යැයි කී ඇය, ඒ ගැන ඔවුන්ට ගරු කරන බවත්, ඒ නිසාම තමන්ට සිය කැමැත්ත පරිදි තීරණ ගැනීමට හැකිවී ඇති බවත් සඳහන් කළාය.

සනී ට දැන් තමන්ගේ ම දරුවන් ඇත. එක් දියණියක හදාවඩා ගන්නා අතර එකඟතාවකට අනුව වූ වෙනත් පිළිසිඳ ගැනීම්වලින් ඇයට පුතුන් දෙදෙනෙකු ද සිටී.

ඔවුනටත්, තමන්ගේ ම ස්වාධීන තීරණ ගැනීමේ නිදහස දීමට ඇයට හැකි වේවි ද?

"ඇත්තෙන් ම ඔව්, හැකි උපරිම ඉහළට ඔවුන් යනවා දකින්න මට ඕනෑ. අඟහරු ලෝකෙට වුනත් යන්න, ඒත් ඔවුන්ගේ තීරණත්, ගමනත් ඔවුන්ගේ ම දෙයක් වේවි" යැයි සනී පැවසුවා ය.

මගේ අන්තිම ප්‍රශ්නය බොහෝවිට ඇයව වඩාත් අපහසුවට පත්කළ එක වන්නට ඇත. එය සනී ලියොන් සම්බන්ධයෙනි. එහෙත් පිළිතුරු දීමට සිදුවුයේ කරන්ජිට් කෞර් ට ය.

ඔබේ අතීත රැකියාව ඔබේ දරුවන්ට පැහැදිලි කරන්නට ඔබට හැකි ද?

සනී ඊට කැමති වූයේ නැත. නමුත් එය කෙදිනකවත් ඇයගේ සිතිවිලිවලට එක්වී නොතිබූ ආකාරයක් නොපෙනිණි.

තමන්ගේ ජීවිතයේ ගත් තීරණවලින් මෙන් ම, එම තීරණ නිසා මිනිසුන්ගේ මනස තුළ ඇතිවූ දෘෂ්ටි හා ප්‍රතිරුපයෙන් බිදීගොස් ජීවත් වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.

එහෙත්, දැනට එය තමන්ගේ අවධානය යොමුවූවක් නොවන බව ඇය කීවේ එම 'ධෛර්යයෙන්' ම ය. දිගු කාලයක සිට පැවති මවක වීමේ අපේක්ෂාව සපුරාගැනීම ගැන ඇය ප්‍රමෝදයෙන් පසුවන්නී ය. එම අත්දැකීමේ සෑම මොහොතක් ම ඈ දැන් සතුටින් විඳින්නී ය.

පසුව ඇය කීවේ, වේලාව පැමිණි විට නිසැකයෙන් ම තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් සිය දරුවන්ට අවංක වන බව ය.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top