Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
26
"ගමේ යාළුවෝ එක්ක එකතුවෙලා වැලි ගොඩ දාලා මගේ අත්දෙකෙන්ම සිමෙන්ති අනලා තියෙනවා..." - චාමර රණවක

- "ගමේ යාළුවෝ එක්ක එකතුවෙලා වැලි ගොඩ දාලා මගේ අත්දෙකෙන්ම සිමෙන්ති අනලා තියෙනවා..." - චාමර රණවකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

"ඒ දවස්වල අපි හිටියේ වරිච්චි බිත්ති බැඳපු සිංහල උළු වහපු ගේක.."

"පුංචි කා‍ලේ මම හැදුනේත් වැඩුණේත් ධීවර වාඩියක.."

චාමර රණවක කියන්නේ දැන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ගමේකමත් එක්ක ජනතාවට සමීප ඔහු විවිධ ගීත එක්ක ජනතාව අතරට යනවා.මේ ඔහු ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.


ඔබට පසුගියදා විශේෂ සම්මානයක් හිමි වූ බව ආරංචි වුණා. කැමතිද ඒ ගැන රටටම කියන්න?
සමස්ත ලංකා දහම් සිසිල පදනම මගින් පහුගියදා මා හට ශාසන මාමක දේශ ශක්ති දේශ කීර්ති කියන සම්මානය පිරිනමනු ලැබුවා. මම මේ වන විට බෞද්ධ ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. හැබැයි මේ සම්මානය මට දෙන්න එකම හේතුව එය ‍නෙවෙයි. මම බුදු දහම වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙනවා. ඒ සියල්ල හේතු කරගෙන තමයි මට මේ සම්මානය ලබා දුන්නේ.
 
මොනවාද ඔබ බුදු දහම වෙනුවෙන් කරලා තියෙන දේවල්?
අපේ ගමේ පන්සල තමයි හොරපවෛල ආනන්ද ගිරි විහාරය (ගල උඩ පන්සල) මේ පන්සලට චෛත්‍යයක් නැහැ. සුදු හාමිනේ (මගේ බිරිඳ) තමයි එහි වෛත්‍යයක් හදන්න මුලින්ම මුදලක් යෙදෙව්වේ. මුදලින් වගේම ශ්‍රමයෙනුත් මම ඒ කටයුතුවලට උදව් උපකාර කළා. ගමේ යාළුවෝ එක්ක එකතුවෙලා වැලි ගොඩ දාලා මගේ අත්දෙකෙන්ම සිමෙන්ති අනලා තියෙනවා. දහම් පාසල් වෙනුවෙන්, වෙහෙර විහාර සිද්ධස්ථාන වෙනුවෙන් මම ඒ වගේ වැඩ කරනවා. හැබැයි මම ඒ ගැන කාටවත් කියන්න යන්නේ නැහැ. ඔබ ඇහුවේ නැත්නම් මම ඒ ගැන කතා කරන්නේවත් නෑ. මගේ ළඟින් ඉන්න අය මේවා ගැන දන්නවා. වැලි ගොඩදාන්න ගඟට බැස්සාම මම චාමර රණවක කියන ගායකයා නෙමෙයි . මම හොඳ සිංහල බෞද්ධයෙක්. මොන සම්මානය ලැබුණත් ඒ හැම සම්මානයකටම වඩා මට මේ සම්මානය වටිනවා.
 
ප්‍රසංග වේදිකාව තුළ වැඩිම මිලක් අය කරන ගායකයන් අතර ඔබත් එක්කෙනෙක්. ඒ වගේම ඔබටත් සංගීත කණ්ඩායමක් තිබෙනවා. ඒත් ඔබේ ප්‍රතිපත්ති ගැන කවුරුත් දන්නේ නැහැ.
අද පවතින ක්‍රමය තමයි ප්‍රසංග වේදිකාව තුළ නර්තනයක් ඉදිරිපත් කිරීම. එහිදී ගෑනු ළමයෙක්ගේ ඇඳුම්වලින් හා යම් යම් නර්තන අංග තුළින් සරාගී බව මතුවනවා. මම එයට තදින්ම විරුද්ධයි. ප්‍රසංග වේදිකාවට එකතු වන අය එන්නේ ගීත රසය විඳින්න මිසක් සරාගි රසය විඳින්න ‍නෙවෙයි. මම ගයන ප්‍රසංගවලදී මම සංවිධායකයින් ගෙන් අහනවා නර්තන කණ්ඩායම කවුද කියලා. මම ගයන අවස්ථාවේ ඉදිරිපත් කරන රංගනයන් ගැන මම හැම වෙලාවෙම සැලකිලිමත් වෙනවා. මගේ සංගීත කණ්ඩායම තුළින් කරන ඉදිරිපත් කිරීම්වලදී නම් ඔය කරුණු ගැන මම තදින්ම අවධානය යොමු කරනවා.
 
ඔබේ සංගීත කණ්ඩායම ආයුබෝවන් ශ්‍රී ලංකා දෙවැනි වතාවට නේද මේ ලෙසින් ජනතාව අතරට එන්නේ?
ඔව්. මීට කලිින් මගේ ආයුබෝවන් ශ්‍රී ලංකා කණ්ඩායම තිබුණා. නමුත් යම් යම් හේතු මත එය ඉබේම නතර කෙරුණා. දැන් මම අලුත් පිරිසක් සමග මගේම සංගීත කණ්ඩායමක් සමගින් වේදිකාවට ගොඩ වදින්නයි හදන්නේ.
 
ඒ කවදාද?
මාර්තු 24දා රාත්‍රියේ ආඩිඅම්බලමේදී තමයි කුළුඳුල් ප්‍රසංගය පවත්වන්නේ. ඊට පස්සේ රට වටා හා ලෝකය වටා ප්‍රසංගය පවත්වන්න තමයි සැලසුම් කරගෙන ඉන්නේ.
 
ඔබේ ඇතැම් ගීතවල පද රචනයත් සංගීත තනුවත් ඔබේමයි. ඔබ සංගීතය කොයි තරම් දුරට හදාරා තිබෙනවාද?
ඇත්තම කිව්වොත් මම පාස‍ලේදීවත් සංගීතය හදාරලා නැහැ. ගීතයක තනුවක් මනසට ආවම මම ඒක පැත්තක රෙකෝඩ් කරලා තියනවා. ගීතයක් ලියලා තනුවක් දාන්න මට විනාඩි 10 ඇති. හැබැයි මම වෙන අයට ගීත නිර්මාණය කරන්නේ නැහැ. වෙන අය නිර්මාණය කළ ගීත ගයන්නෙත් නැහැ. මම සින්දු හදන්නේ මට ගායනා කරන්න විතරයි

සමහරු තමන්ගේ අතීතය හංගද්දී ඔබ පැකිලීමක් නැතිව ඒ අතීතය සිහිපත් කරනවා. කොහොමද ඒ වගේ ධෛර්යයක් ලැබුණේ?
මම ඉඳුරුව අඟුරුවිල කියන ධීවර ගම්මානයේ තමයි ඉපදුනේ. අම්මයි තාත්තයි කළේ ධීවර රස්සාව. ඒ කියන්නේ මාළු අල්ලපු එක. පස්සේ කාලෙක අපි ධීවර වාඩියකට ආවා. පුංචි කා‍ලේ මම හැදුනේත් වැඩුණේත් ධීවර වාඩියක. ගොකරැල්ල මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලබලා ඊට පස්සේ මතුගම ශාන්ත මේරි විදුහලින් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. මම විවාහ වුණේ 2005දී. පුංචි පුතා ඉපදුනේ 2016දී. සුදු හාමිනේ (ඉනෝෂා ගුණවර්ධන) තමයි මාව නිසි ආකාරයට කළමනාකරණය කරලා මෙතැනට ගෙනාවේ. මුල් කා‍ලේ අපි නොයෙක් දුෂ්කරතා වින්දා.

සමහර ඒවා හරිම කටුක අත්දැකීම්. හැබැයි මම සමහරු වගේ මම විඳපු දුක කියන්න ලැජ්ජා වෙන්නේ නැහැ. මම දුක ගැන හොඳට දන්නා නිසා තමයි ජනතාවගේ ගායකයා වුණේ.
 
අතීතය හා අනාගතය ගැන දැන් ඔබට මොනවාද හිතෙන්නේ?
අතීතය ගැන ‍පොතක් ලියන්න තරම් කරුණු මා ළඟ තියෙනවා. කවදාවත් ගායකයෙක් වෙන්න නොහිතපු මම අහම්බෙන් ගමේ ප්‍රසංගයක ගී ගයලා තමයි මේ තරම් දුර ආවේ. මුල් කා‍ලේ මට ප්‍රසංගවලින් ලොකු ආදායමක් ලැබුණේ නැහැ. සුදු හාමිනේ අත් දෙකේ කරගැට එනකල් ඇඳුම් මහලා හම්බ කරලා තමයි අපේ ජීවිත ගැට ගහ ගත්තේ. ඒ දවස්වල අපි හිටියේ වරිච්චි බිත්ති බැඳපු සිංහල උළු වහපු ගේක. සුදු හාමිනේ මාව බැඳලා ගෙදර ආපු දවසේ අපේ වහ‍ලේ උළු කැට 6ක් කඩාගෙන වැටුණ හැටි මට අද වගේ මතකයි. මම මුලින් කිව්වේ පන්ස‍ලේ ෙචෙත්‍යයට මුල්ගල තියන්න මුලින්ම සල්ලි දුන්නේ සුදු හාමිනේ කියලා. එයා රෙදි මහලා එකතු කරපු සල්ලි තමයි ඒ. අපි විවාහ වුණේ 2005 දරුවෙක් ගැන අවුරුදු ගාණක් අපි දෙන්නා හීන මැවුවා. 2016 තමයි පුතා ඉපදුනේ. පුතාගේ නම නිලංග ච්ෙතිය රණවක. මගේ නම නිලංග චාමර රණවක. මම මගේ පුතාට 'ච්ෙතිය' කියලා නම දැම්මේ ලොකු හේතුවක් ඇතුවයි. තවමත් අපේ විහාරස්ථානයේ ෙචෙත්‍යය ඉදිවෙමින් පවතින්නේ. මුදල් ආධාර  වගේම ෙචෙත්‍ය හදන්න යාළුවොත් එක්ක වැලි ගොඩ දැම්මෙත් මම. ෙචෙත්‍ය හදලා ඉවර කරන එක තමයි මගේ ලොකුම හීනය. ඒකයි පුතාට ච්ෙතිය කියලා නම දැම්මේ. මට ඕන කවදා හරි මගේ පුතා සමාජය තුළ හොඳ කෙනෙක් වෙනවා දකින්නයි. අනාගතය ගැන මට තියෙන්නේ ඔය වගේ බලා‍පොරොත්තු ගොන්නක් විතරයි.
 
ආරියවංශ කුලතිලක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top