ලොව ප්‍රමුඛතම කාමුක සිනමා වෙබ් අඩවි කිහිපයක් එකතුවී අන්තර්ජාලයේ සමානාත්මතාවය අහිමිවීමට එරෙහි විරෝධයකට එළඹ ඇත.
ලොව දැවැන්ත කේබල් සමාගම් වන AT&T, COMCAST සහ VERIZON වැනි සමාගම් විසින් තල දෙකක අන්තර්ජාලයක් ගොඩනැගීම සඳහා ඉදිරිපත්වූ යෝජනාවට ඇමරිකානු රාජ්‍ය සන්නිවේදන කොමිසමේ සහය පළ කිරීම මෙයට හේතු වී ඇත.
එය ක්‍රියාත්මක වුවහොත් කේබල් සමාගම් වලට වැඩි මුදලක් දී සේවය ලබාගන්නට සිදු වන බවත් විශාල සමාගම් වලට වඩා වේගවත් අන්තර්ජාලයක් හා බහුතරයක් අන්තර්ජාල සමාගම් වලට මන්දගාමී අන්තර්ජාලයක් හිමිවන බවත් වාර්තා වේ.
නිල් චිත්‍රපට ප්‍රචාරණයේ ප්‍රසිද්ධ නමක් දිනාගෙන ඇති වෙබ් අඩවි මෙයට විරුද්ධව එකට එකතු වී ඇත. මොසිල්ලා, ෆෝ ස්ක්වෙයාර් සහ රෙඩිට් යන අන්තර්ජාල සමාගම් මෙම විරෝධතාවය සංවිධානයකොට තිබේ.
ඊයේ දිනයේදී මෙම සමාගම් විසින් නිල් චිත්‍රපට පෙන්වීමේ වේගය අඩාල කරමින් මෙයට විරෝධය පළකොට ඇත. එමෙන්ම වීඩියෝව නැරඹීමට ප්‍රථම පරිශීලකයා විසින් කියවා ඉවත්විය යුතු පණිවිඩයක්ද තිරයේ ප්‍රදර්ශනය කොට ඇත.
ඉහත යෝජනාවට එරෙහි වීම පිලිබඳ අන්තර්ජාල පරිශීලකයන් මිලියන පනහක් දැනුවත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබුණි. කෙසේ නමුත් අන්තර්ජාලය දෙකට බෙදී ක්‍රියාත්මක වන්නට යන මෙම වෑයමට ගූගල්, මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක්, ඇමසන් වැනි දැවැන්ත සමාගම් දැඩි විරෝධතාවය පලකොට ඇතිබවට වාර්තා වේ.
වීඩියෝ නරඹන විට දිස්වී ඇති පණිවුඩය..