බ්‍රිතාන්‍ය ජාතික නිරූපිකාවක් වන Chloe Ayling නම් 20 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් අන්තර්ජාලය හරහා ලිංගික වහලියක් ලෙස විකිණීමට සැලසුම් කිරිමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙය සිදුව ඇත්තේ ඉතාලියේ මිලාන් නගරයේදීයි.
Photoshoot එකක් කිරිමට මෙන් මිලාන් නගරයට ගෙන්වා ගෙන ඇයව සිහිසුන් කොට අත්වලට මාංචු දමා ගමන් මල්ලක දමාගෙන ඈත ගොවිපලකට ගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඇය දින හයක් පුරාවට එසේ සඟවාගෙන සිට ඇති අතර පවුම් 270,000කට ඇයව අලෙවි කිරිමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පැහැරගත් පුද්ගලයා සුදානම්ව සිට ඇත්තේ ඇයව මිලදී ගන්නා පුද්ගලයාට ඇයව එපා වු පසු කොටින්ගේ ආහාරයට ඇයව දැමීමට සුදානම් වු බවයි. ඔවුන් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන ලෙස වාර්තා වේ. පසුව ඇය මවක් බවට දැනගැනීමෙන් පසු ඇයගේ නියෝජිතයින්ගෙන් ඇයගේ විකුණුම් මුදල ඉල්ලා සිට ඇත්තේ එසේ විකිණීම වළකා නැවත නිදහස් කිරිමටයි. ඒ අතටම මිලාන් පොලිසියෙන් යුරෝ 50,000ක කප්පම් මුදලක් ද ඉල්ලා ඇත. පසුව පරීක්ෂණ මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
නිරුපද්‍රිතව නැවත තම මව් රටට පැමිණි මෙම සූරූපි නිරූපිකාව පවසා ඇත්තේ ඇය තත්පරෙන් තත්පරේට ඇයගේ ජීවිතය පිළිබඳව අධික ලෙස බියවු බවයි.