දිග හුස්මක් අරගෙන ඉන්න. 2014 වසර තවම ඉවර නැහැ. මොකද හින්දි රසිකයින්ගෙන් තියෙන දරුණු චෝදනාවක් තමයි හින්දි සිනමාව දැන් වැටිලා කියලා. ඇයිද කියනවානම් දැන් බලන්න තරම් සුපර් හිට් හින්දි සිනමාවෙ බිහි නොවන නිසා. මොකද 2014 වසරේ පළමු මාස හය ඉකුත්ව ඇතත් මතක හිටින හින්දි චිත්‍රපටි ආවෙ අතේ ඇඟිලි ගානට. Hasee Toh Phasee, Gunday, Queen, 2 States වැනි චිත්‍රපට 2014 වසරේ මුල් කාර්තුවේ නිකුත් වුන සාර්ථක චිත්‍රපටයි. නමුත් 2013 වසරේ තිරගත වුන Aashiqui 2, Chennai Express, Krrish 3, Ram-Leela, Race 2, Bhaag Milkha Bhaag, Yeh Jawaani Hai Deewani, Dhoom 3 වැනි අති සාර්ථක චිත්‍රපට ඒවා තිරගත වීමට පෙර සිටම රසිකයින් සිටියේ දැඩි නොඉවසිල්ලෙන්. Aashiqui 2 හා Chennai Express වැනි චිත්‍රපට ගැන වසරක් ගෙවී ඇති අද දක්වාම රසිකයින් කතාබහ කරනුයේ දැඩි ආශාවෙන්. නමුත් මේ කියන්නට යන්නේ හින්දි චිත්‍රපට රසිකයින් උද්යෝගමත් කරන රසවත් පුවතක්. එනම් සුපිරි චිත්‍රපට පෙළක්ම 2014 වසරේ අවසන් කාර්තුවේ නිකුත්වීමට පෙළගැසී සිටිනවා.
Kick
සල්මන් ඛාන් 2014 වසරේ මුලසිටම සාර්ථක වූවා. ඒ ඔහුගේ 'Jai Ho' චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වීමෙන්. එය ඉන්දියානු රුපියල් කෝටි 100 ආදායම ඉක්මවා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකික නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස් සමග ඔහු රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන 'Kick' එළැඹෙන ජූලි 25 වැනිදා සිට ලොව පුරා තිරගත වනවා. Sajid Nadiadwala ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් වේයැයි විචාරකයින් පවසනවා.
Bang Bang
2010 වසරේ ටොම් කෘස් හා කැමරන් ඩයස් රඟපෑ 'Knight and Day' චිත්‍රපටයේ බොලිවුඩ් නිර්මානය ලෙස 'Bang Bang' චිත්‍රපටය ඔක්තෝම්බර් 02 වැනිදා සිට තිරගතවීම ආරම්භ වනවා. සුපිරි නළු නිළියන් දෙදෙනෙකු මෙහි ප්‍රධාන චරිත නිරූපනය කිරීම බොලිවුඩ් රසිකයින්ගේ වැඩි අවධානයක් ලබාගැනීමට හේතුවක් වෙනවා. ඒ රිතික් රෝෂන් හා කත්රිනා කයිෆ් යන සාර්ථක නළු නිළියන් මෙයට රංගනයෙන් දායක වීමයි. Siddharth Anand ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයත් 2014 වසර වර්ණවත් කරාවි.
Finding Fanny
දීපිකා පදුකෝන් රගපාන කොයි චිත්‍රපටයත් අතිසාර්ථක වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඒ නිසාම දීපිකාව තමන්ගේ චිත්‍රපටයට සම්භන්ධ කරගන්න අධ්‍යක්ෂකවරුන් පෙළ ගැහිලා ඉන්නෙ. මොකද පසුගිය වසරේ ඇය රගපෑ චිත්‍රපට හතරම කෝටි 100 ක් වන ආදායම් වාර්තා පසුකලා.
'Finding Fanny' කියන්නෙ 2014 වසරේ තිරගත වන දීපිකාගෙ පළමු චිත්‍රපටය. පසුගිය මැයි 23 වැනිදා සිට 'Kochadaiiyaan' නම් චිත්‍රපටයක් තිරගත වුවද එය දමිල චිත්‍රපටයක්. Homi Adajania ගේ අධ්‍යක්ෂණයක් වන 'Finding Fanny' චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ දීපිකා පදුකෝන් සමගින් අර්ජුන් කපූර්ය. එමෙන්ම නස්රුදීන් ෂා හා ඩිම්පල් කපාඩියා යන ප්‍රවීන නළු නිළියන්ද මෙහි රංගනයෙන් දායක වනවා. එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා සිට 'Finding Fanny' ලොවපුරා තිරගත වනවා.
Mardaani
Gulaab Gang හා Revolver Rani යන චිත්‍රපට සාර්ථක වූ පසුව බොලිවුඩ් අධ්‍යක්ෂකවරුන් ප්‍රචන්ඩ කතානායිකාවක් වටා දිවෙන චිත්‍රපට කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. ඊට අනුව නිර්මානය වූ 'Mardaani' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ රාණි මුකර්ජී. ඒ පොලිස් නිළධාරිනියකගේ චරිතයක්. ආන්දෝලනාත්මක තේමාවක් යොදාගෙන නිර්මානය කර තිබීම මෙහි තවත් විශේෂත්වයක්. එනම් ඉන්දියාවෙ කාන්තාවන් ජාවාරම් කිරීම හා ඊට සම්භන්ධ අනෙකුත් අපරාධ මෙහි කතා තේමාවයි. එළැඹෙන අගෝස්තු 22 දා සිට 'Mardaani' තිරගතවීම ආරම්භ වීමට නියමිතයි. මෙය Pradeep Sarkar ගේ අධ්‍යක්ෂණයක්.
Bombay Velvet
අසාර්ථක වූ 'Besharam' චිත්‍රපටයෙන් පසුව රන්බීර් කපූර් වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටින චිත්‍රපටයක් ලෙස 'Bombay Velvet' චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 28 වැනිදා සිට තිරගතවීම ආරම්භ වනවා. රන්බීර් සමග මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ සරාගි නිළි අනුෂ්කා ශර්මා. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙහි බොහෝ දර්ශන ශ්‍රී ලංකාවේදී රූගත කර තිබීමයි. එමෙන්ම කරන් ජොහාර් නම් ඉන්දියානු සිනමාවේ දැවැන්ත චරිතය සිය ප්‍රථම රංගනය ඉදිරිපත් කිරීමද මෙහි තවත් විශේෂත්වයක්. වීදි සටන් කරුවෙකුගේ චරිතයක් නිරූපනය කරන රන්බීර් කපූර්ගේ පෙම්වතිය වන්නේ ජෑස් ගායිකාවක් වන අනුෂ්කා ශර්මායි. Anurag Kashyap ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි කාලයකට පසුව රවීනා තන්ඩන්ද රංගනයෙන් දායක වනවා.
Bobby Jasoos
චරිතාංග නිළියක් වන විද්‍යා බාලන්ගේ සුපිරි අපූරු රංගන හැකියාව නැවත වරක් ප්‍රේක්ෂකයින්ට දැකබලාගැනීමේ වාසනාව 'Bobby Jasoos' හරහා ලැබෙනවා. 'Bobby Jasoos' හී ඇය හයිද්‍රාබාද් නගරයේ අංක එකේ පුද්ගලික රහස් පරීක්ෂකයෙකු වීමේ අභිලාශයෙන් නොයෙකුත් වික්‍රමයන්ගේ නිරත වන චරිතයක් නිරූපනය කරනවා. The Dirty Picture හා Kahaani චිත්‍රපටවලින් ඇයගේ රංගන හැකියාවන් පෙන්වීමට හැකියාවක් ලැබුනත් Ghanchakkar, Shaadi Ke Side Effects චිත්‍රපට එතරම් සාර්ථක වූයේ නැහැ. නමුත් මෙවර ඇයගේ කාලය යළිත් එළැඹෙනු ඇතැයි බොලිවුඩ් විචාරකයින් පවසනවා. Samar Shaikh ගේ අධ්‍යක්ෂණයක් වන 'Bobby Jasoos' ජූලි 04 වැනිදා සිට තිරගත වීම ඇරඹෙනවා.
Haider
2014 වසරේ ඔබට දැක ගත හැකි තවත් වෙනස්ම ආකාරයක හින්දි චිත්‍රපටයක් ලෙස 'Haider' නම් කරන්නට පුළුවන්. ශ්‍රේෂ්ඨ ගත්කතුවර විලියම් ශේක්ෂ්පියර්ගේ 'හැම්ලට්' කතාවට අනුව නිර්මානය කර ඇති මෙය Vishal Bhardwaj විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරන ලද 'Maqbool' චිත්‍රපටය 'මැක්බත්' කෘතියට අනුවත් 'Omkara' චිත්‍රපටය 'ඔතෙලෝ' නාට්‍ය අනුසාරයෙනුත් නිෂ්පාදනය වූවා. ෂයිඩ් කපූර් හා 'Aashiqui 2' චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ශ්‍රද්ධා කපූර් හා තාබු මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. 'Haider' ඔක්තෝම්බර් 02 වැනිදා සිට තිරගතවීම ආරම්භ වනවා.
Happy New Year
2014 වසරේ ඔබට දකින්නට ලැබෙන සුපිරිම සිනමා අත්දැකීම 'Happy New Year' චිත්‍රපටය බවට අවිවාදයෙන් සදහන් කරන්නට පුළුවන්. ඒ ගැන මෙහි රංගනයෙන් දායක වන නළු නිළියන්ගේ ලැයිස්තුවෙන්ම අදහසක් ලබාගැනීමට ඔබට අපහසු වන්නේ නැහැ. ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, ජැකී ෂෙරෆ් යන සුපිරි නළු නිළියන් රැසකගෙන් 'Happy New Year' වර්ණවත් වනවා. ප්‍රහසන චිත්‍රපටයක් වන 'Happy New Year' චිත්‍රපටය මෙම වසර සදහා ෂාරුක් ඛාන් රගපාන පළමුවන චිත්‍රපටය වනවා. ඉන්දියානු සිනමා ඉතිහාසයේ චිත්‍රපට ගීතයක් වෙනුවෙන් වැඩිම මුදල වියදම් කල ගීතයද මෙම චිත්‍රපටයට ඇතුලත් වන බවයි එහි අධ්‍යක්ෂිකා Farah Khan පවසන්නේ.එළැඹෙන ඔක්තෝම්බර් 23 වැනිදා මෙම චිත්‍රපටය ලොව පුරාම තිරගතවීම අරඹනවා.
ඉතිං චිත්‍රපට රසියකයින්ට ආසාවෙන් මගබලාගෙන ඉන්නට චිත්‍රපට රැසක් එළැඹෙන කාලය තුළ නිකුත්වීමට නියමිතයි.