හොලිවුඩ් නිරූපිකාවක, නිවේදිකාවක මෙන්ම නිළියක වන කිම් කාඩේශියන් වඩාත්ම ප්‍රසිද්ධ වී සිටින්නේ ඇයගේ හැඩැති සිරුර නිසයි.
නමුත් සිරුරේ හැඩ පෙන්වන්නට සෙල්ෆි ඡායාරූප ගැනීම ඇයට උන්මාදයක් බවට පත් වූ ඇබ්බැහි වීමක් කියලත් බොහෝ දෙනා කියනවා.
අන්තර්ජාලයේ මත විමසීමකට අනුය වැඩිම සෙල්ෆි පින්තූර ප්‍රමාණයකට පෙනී සිට තිබෙන්නේ කවුද යන්න කතිකා කර තිබුණා.
ඒ අඟපසඟින් හොලිවුඩය වශී කරගෙන සිටින කිම් කාඩේශියන් බවයි සඳහන් වන්නේ.
මෙක්සිකෝවේ දින හතරක සවාරියක් ගිය අවස්ථාවේ දී කිම් කාඩේශියන් විසින් ගෙන තිබුණු සෙල්ෆි ඡායාරූප ප්‍රමාණය 6000 ක් වනවා.