Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
10
"ක්‍රිකට් පිටියේ දිනපු කිසිම ජයක් මගේ දුව තරම් වටින්නේ නෑ" ලිමීගේ 18 වැනි උපන්දිනයට ඩිල්ෂාන්ගෙන් තැබූ ආදරණීය සටහන මෙන්න!

- "ක්‍රිකට් පිටියේ දිනපු කිසිම ජයක් මගේ දුව තරම් වටින්නේ නෑ" ලිමීගේ 18 වැනි උපන්දිනයට ඩිල්ෂාන්ගෙන් තැබූ ආදරණීය සටහන මෙන්න!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,053 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන නාමයක් සටහන් කළ, මුළු ලෝකයක්ම ආදරය කරපු විශිෂ්ට ක්‍රිකට් තාරකාවක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ.


ක්‍රිකට් පිටියේදී ඩිල්ස්කූප් පහරින් ලෝකයම වසඟ කරපු ඒ අභීත ක්‍රීඩකයා, තමන්ගේ නිවස ඇතුළේදී කෙතරම් සංවේදී, ආදරණීය පියෙක්ද කියන එක නැවතත් මුළු රටටම මතක් කර දී තිබෙනවා.

ඒ ඔහුගේ ආදරණීය දියණිය ලිමීගේ 18 වැනි උපන්දිනය වෙනුවෙන් තැබූ හදවතටම දැනෙන සුබපැතුම් සටහනත් සමඟයි. පුංචි දියණියක් ලස්සන, කරුණාවන්ත වගේම ශක්තිමත් යුවතියක් බවට පත්වෙමින් ජීවිතයේ 18 වැනි කඩඉම පසුකරන ඒ සොඳුරු මොහොත පියෙකුට කෙතරම් ආශීර්වාදයක්ද යන්න ඩිල්ෂාන්ගේ සටහනෙන් මනාව පැහැදිලි වෙනවා.

මුහුණුපොතට සංවේදී සටහනක් එක්කරමින් ඩිල්ෂාන් පවසා තිබුණේ, ක්‍රිකට් පිටියේ තමන් ලැබූ කිසිදු අසමසම ජයග්‍රහණයක් ඇගේ පියා වීම තරම් ආඩම්බරයක් තමන්ට ලබා නොදුන් බවයි.

"සුබ 18 වැනි උපන්දිනයක් වේවා මගේ ආදරණීය ලිමී. අද ඔයා ඉන්න මේ ලස්සන, කරුණාවන්ත, ශක්තිමත් තරුණියක් බවට පත්වෙනවා දැකීම මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම ආශීර්වාදයයි. ක්‍රිකට් පිටියේ මං ලබපු කිසිම ජයග්‍රහණයක් ඔයාගේ තාත්තා විදියට මට දැනෙන ආඩම්බරයට කවදාවත් සම කරන්න බැහැ. ඔයාගේ මේ අලුත් පරිච්ඡේදය නිමක් නැති සතුට, හීන පස්සේ දුවන්න ධෛර්යය, ආදරය සහ සිනහවෙන් පිරි ජීවිතයක් ගෙනදේවා. ඔයාට කොච්චර වයස ගියත්, ඔයා හැමදාමත් මගේ පුංචි කෙල්ල. හැමදාමත් ඔයාට ආදරෙයි. සුබ 18 වැනි උපන්දිනයක් ලිමී."

ක්‍රිකට් පිටියේ දහස් ගණන් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් ගැස්වූ ඒ සුපිරි ක්‍රීඩකයා, දියණිය ඉදිරියේ පිය සෙනෙහසින් උණු වූ හැටි දුටු රසික හදවත් අතිශය සංවේදී වී තිබෙනවා. සමාජ මාධ්‍ය වෙත මුදාහැරි මොහොතේ පටන් ලක්ෂ සංඛ්‍යාත රසික ප්‍රතිචාර ගලා ආවේ ලිමී දියණියට ආශීර්වාද එක්කරමින් මෙන්ම, ඩිල්ෂාන් තුළ සිටින ඒ අපූරු පියාට ආදරය පුදකරමිනි.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top