ඒ අනුව, මින් ඉදිරියට ‘වාසනා’ හස්තියා දිවයිනේ ප්‍රධාන පෙරහර සඳහා පමණක් සහභාගි කරවීමටයි තීරණය කර ඇත්තේ. හස්තියාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙමින් මෙම පියවර ගත් බව රුහුණු මහා කතරගම දේවාලයේ මාධ්‍ය අංශය සඳහන් කළා.
මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන කුඩා පෙරහර සඳහාද ‘වාසනා’ හස්තියා සහභාගි කරවීමට පියවර ගෙන තිබූ අතර, ඒ හේතුවෙන් තවමත් බොහෝ පිරිස් තම පෙරහර සඳහා හස්තියා ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකරමින් පවතිනවා.
කෙසේ වෙතත්, නිතර නිතර දීර්ඝ ගමන් ප්‍රවාහනය කිරීම මෙන්ම අඛණ්ඩව පෙරහර සඳහා යෙදවීම හස්තියාගේ සෞඛ්‍යයට සහ ජීවිතයටද විශාල තර්ජනයක් වන බැවින් මෙම තීරණය ගත් බවයි කතරගම දේවාලයේ මාධ්‍ය අංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.