කුරුණෑගල නගරය ආසන්නයේදී සිදු වූ මෙම අනතුර නිසා මුළු ප්‍රදේශයම කම්පාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
තම මෝටර් රථයෙන් කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටි මෙම තරුණයාට, එක්වරම රථයේ පාලනය ගිලිහී ගොස් තිබෙනවා.
වේගයෙන් ඉදිරියට ඇදුණු රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක සහ දුරකථන රැහැන් කණුවක ඉතා දරුණු ලෙස ගැටී ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණ රියැදුරාව වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තා. නමුත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහු රෝහලට ඇතුළත් කරන විටත් අවසන් හුස්ම හෙළා තිබූ බවයි.
අවාසනාවන්ත ලෙස මෙලෙස මියගොස් ඇත්තේ යක්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙක්.
මේ වන විට කුරුණෑගල පොලිසිය මගින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.
පාරේ යන එන ඔබත් සැලකිලිමත් වන්න. මොහොතක නොසැලකිල්ල මුළු ජීවිතයක්ම අඳුරු කරන්න පුළුවන්.