විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ, මෙවර විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463ක් බවයි.
ඉන් 382,249ක් පාසල් අපේක්ෂකයින් වන අතර, 69,214ක් පෞද්ගලික අපේක්ෂකයින් ලෙස විභාගයට ඉදිරිපත් වනු ඇති.
එමෙන්ම, පවතින කාලගුණික තත්ත්වයන් හෝ වෙනත් යම් ආපදා හේතුවෙන් අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට බාධාවක් මතු වුවහොත්, ඒ සඳහා සහාය වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කළේ, කිසියම් හේතුවක් මත විභාගයට යාමට අපහසුතාවයක් ඇති වුවහොත් වහාම පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි.
117 (ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය)
1911 (විභාග දෙපාර්තමේන්තුව)
මේ අතර අපේක්ෂකයින් තම ප්‍රවේශ පත්‍ර සහ වලංගු හැඳුනුම්පත් සමඟ නියමිත ආරම්භක වේලාවට පැයකට පෙර විභාග මධ්‍යස්ථනා වෙත පැමිණෙන ලෙසයි
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ.
මෙවර විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463ක්.
ඉන් 382,249ක් පාසල් අපේක්ෂකයින් වන අතර, 69,214ක් පෞද්ගලික අපේක්ෂකයින් ලෙස විභාගයට ඉදිරිපත් වනු ඇති.