Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
17
ඊයේ සිදුවුණු ප්‍රබල ග්‍රහ මාරුව, ඔබේ ජීවිතයට කොහොම නම් බලපෑම් කරාවිද..? ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..

- ඊයේ සිදුවුණු ප්‍රබල ග්‍රහ මාරුව, ඔබේ ජීවිතයට කොහොම නම් බලපෑම් කරාවිද..? ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33 Views

මේ වර්ෂය තවම ඇරඹුණා විතරයි. ගෙවෙන කාලය ඔබට මොන වගේ වේවිද..?

ඊයේ දිනයේදිත් ඔන්න තවත් ප්‍රබල ග්‍රහ මාරුවක් සිද්ධවෙලා තියනවා. මේ කියන්න යන්නේ  අන්න ඒ ගැන ඇසෙන කතාවයි.


මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට පංච මහා පුරුෂයෝග බලයද කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට එම යෝගයේ බලය වක්‍රාකාරයෙන්ද යෙදෙමින් ජනවාරි 16 පෙරවරු 4.28ට සෙනසුරු හිමි මකර රාශියට සෙන්පති අඟහරු සංක්‍රමණය සිද්ධ වන්නේය. පෙබරවාරි 23 දහවල් දක්වා දින 38ක් පුරා කුජ එහි පවතින්නේය.

එම භාග්‍යමත් යෝගබලය ජවබලසම්පන්නව යෙදුණු විට ජන ප්‍රධානියකු සමාන මහජන ගෞරව, ප්‍රණාම, සම්මාන, ආකර්ෂණීයබව, දීර්ඝායුෂ, සැප සම්පත් හිමිවන අතර රජකු හා සමාන රාජකීය ක්‍රියාකාරකම්, අතිශය පුණ්‍යවන්ත, ගුණවන්ත ජීවිතයක් මෙන්ම ආරක්ෂිත සේවාවන්හි නම් ප්‍රධානත්වය උරුම වන්නේය.

මේ රුචක යෝග බලය පෙබරවාරි 23 දහවල් කාලය දක්වා පවතී. ත්‍රිකෝණ බලය අනුව කන්‍යා, ධනු, මීන ජන්මලාභින්ට ද මෙකී යෝග බලයේ වක්‍රකාර ප්‍රතිඵල ලැබෙනු ඇත. පෞද්ගලික කේන්දරයේ ද ප්‍රබලත්වය අනුව වා, පිත්, සෙම්, කෝප දෝෂ මර්දනය කෙරෙමින් හදිසි ආපදා විපත්ති මඟහැරෙමින් මෙහි දැක්වෙන රුචක යෝගය අසාමාන්‍ය ගුණාත්මක බවක් පිළිබිඹු කෙරෙයි.

නිර්ණාමික නාමික සොර සතුරු බලවේග මර්දනය කෙරෙයි. ආරක්ෂාව ළඟා කෙරෙයි. මෙය නිදුක් නිරෝගී, ශක්ති සම්පන්න, සුපිරිසුදු මානසික ශක්තියක් සහ මානුෂික දිවි මඟකට ආලෝකය ලැබීමෙකි.

සිංහ ලග්න ජනරජ කේන්දරය අනුව වංචනික ක්‍රියාකාරකම් විශාල වශයෙන් ද අබිරහස් කුමන්ත්‍රණ හෙළිදරව් වීමෙහි ප්‍රවණතාවයක් ඇති වෙයි. වයඹ, උතුර ඊශාන උණුසුම් වීමක් දක්නට ලැබේ.

රහස් සතුරන් මතුවෙයි. මහලු මඩම්වල ගැටලුකාරී තත්ත්ව ඇති වෙයි. අපරාධ පිරිස්, බන්ධනාගාර, උන්මත්තකාගාර, නීතිවිරෝධී අනාචාර හැසිරීම්, මංකොල්ලකෑම් දක්නට ලැබෙනු ඇත.

සබඳතා, විවාහ මංගල්‍ය, ගිවිසුම්, පදිංචි ස්ථාන ආශ්‍රිත නවීකරණ කටයුතු ආදිය අස්ථාවරබවට පත්විය හැකිය.

ඉහත ග්‍රහ ගමන්මඟ අනුව රාජ්‍ය අංශය බුද්ධිමත්ව දූරදර්ශීව, ආරක්ෂාව හා ජනතා රැකවරණය සපයමින් අප්‍රමාදව ක්‍රියාත්මක විය යුතු කාල පරාසයකි.

මේෂ ලග්නය

කර්මස්ථානගතව රුචක යෝගය සක්‍රීය වෙමින් පවතිනු ලබයි. නඩුහබ, ආරාවුල්, මතභේද, රෝගබාධ, රැකියා ආදායම් මාර්ග, සබඳතා, විවාහ මංගල්‍ය ආදියෙන් විජයග්‍රහණය ලැබෙයි. උසස් නිලධාරි සහ ප්‍රභූ ජනතාවගෙන් කීර්ති ප්‍රශංසා ගරු නම්බු නාම ගලා එයි. සමාරම්භක කටයුතුවලින් ජය ලබයි. දේපළ වස්තුව ගොඩමඩ ඉඩකඩම් ලාභ ගෙන දෙයි.

වෘෂභ ලග්නය

මංගල යෝග, රැකියා ආදායම් මාර්ග සාර්ථක වීමෙන් සැනසුම සතුට උදාකරයි. ඔබගේ 09 වැන්නෙහි ග්‍රහබලය අනුව වැඩිහිටි කෙනකුගේ රෝගාබාධකයක් මුල්කොට වියදමක් දරනු පෙනෙයි. කීර්ති නාමයට හානිකර බවක් උදාවීම, හිතවතෙකුගෙන් දුරස්ථ වීම වැනි දේ සිදු විය හැකිය.

මිථුන ලග්නය

නව වසර මූලාරම්භය හිතවාදි මානසිකත්වයකට විජයශ්‍රීය ගෙන දෙයි. අටවැන්නෙහි උච්ච අඟහරු සබඳතා වියවුල් කරන බවක් පෙන්වයි. සතුරු බලවේගයක් හෝ පදිංචිය ආශ්‍රිත මත භේද ඇවිස්සෙන සුලුවෙයි. අතමාරු සඳහා අසුබ දායක කාලපරාසයකි.

කටක ලග්නය

හත්වැන්නේ කුජ සිකුරු සංයෝගය පවුලේ අරගල මතභේද සිත්වේදනා නිතර ගෙන දීමකි. ඉඩකඩම් ගැටලු, වාද විවාදවලට නුසුදුසු කාලයකි. සැනසීම, සතුට, ආදායම් තත්ත්වය ගැටලුකාරීබවක් ඇති කරනු පෙනී යයි. රැකියා ආදායම් මාර්ගද තරමක් දුබල කෙරෙමින් කාලය ගත වෙයි.

සිංහ ලග්නය

06 වැන්නෙහි ග්‍රහ තත්ත්වය අතිශය යහපත් වෙයි. හදිසි ධනවාසනා ගෙන දෙන අපේක්ෂා ද බොහෝදුරට සාර්ථක වන කාලයකි. ගෘහ ජීවිතයෙහි ආකූල ව්‍යාකූල බවක්ද මතු කෙරෙයි. ඊර්ෂ්‍යා වෛරකාර සතුරු උවදුරුවලින් දුරස්ථ වෙයි. හදිසි පින්කම් උත්සව කෙරෙනු ඇත. රැකියා ආදායම් මාර්ග ව්‍යාපාරික කටයුතු සතුටුදායකය.

කන්‍යා ලග්නය

05 වැන්නෙහි උච්ච බල ලබන්නාවූ කුජ ශාරීරික සෞඛ්‍යය සඳහා බාධක අවහිර දුෂ්කරතා මතු කරන්නේය. රැකියා ආදායම් මාර්ගවල දුර්වල බවක් දක්වන්නේය. අන්‍යයන්ගේ කටයුතු පිළිබඳ අතගැසීමෙන් ඉවත්ව සිටීම අතිශය හිතකර වෙන්නෙකි. දරු දැරියන්ගේ ප්‍රශ්න ගැටලු මතුවිය හැකිය. ගමන් බිමන් යෙදෙනු ඇත. විවේකයට බාධක ගෙන දෙයි.

තුලා ලග්නය

සිව්වැන්නෙහි රුචක යෝග බලය උදා වීම නිසා උත්සාහය, උනන්දුව මත පෙබරවාරි අග සිට ක්‍රමයෙන් ආර්ථික තත්ත්වය යහපත් වනු ඇත. දිගුකාලීන අරමුණු සඵල කරගැනීමෙහිදි මෙන්ම ආර්ථිකයේ විවිධ බාධක අවහිර දුෂ්කරතා මතින් කාලය ගෙවී යන්නේය.

වෘශ්චික ලග්නය

කුජ, ශුක්‍ර‍්‍ර යෝගබලය වෘශ්චික රාශියෙහි 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ඇත. ලැබීම් අංශය දියුණු වෙයි. ගැටලු අර්බුධ නිරාකරණය කෙරෙයි. සවර්ණාභරණ, ඇඳුම් පැලඳුම් ආදිිය ලැබීම්, නඩුහබ දිනීම්, සතුරුකරදර ජය ලබාදීමට හේතුයි. ගරු සම්මාන ලබමින් කීර්ති ප්‍රශංසා ගලා එයි. ගෘහභාණ්ඩ මිලදී ගනියි. බාහිර ස්ථානවලට යෑමට අවස්ථාව සැලසේ.

ධනු ලග්නය

කුජ ශුක්‍ර , චන්ද්‍ර චූඩා, මයුර, පාරිජාත ආදි යෝග පොකුරකින් ආලෝකමත් වන ධනු රාශිය අතිශය ජවබල සම්පන්න බවක් දෘශ්‍යමාන කෙරෙයි. පදිංචි ස්ථානය ආශ්‍රිත නවතාවයක් අසිරිමත් බවක්ද පෙනීයයි. සතුරු අවහිර බාධක දුෂ්කරතා මතුවිය හැකි බැවින් හදිසි තීරණ තීන්දු ගැනීම සුදුසු නැත. අලුත්වැඩියා කිරීම් ආශ්‍රිත වංචාවන්ට අසුවිය හැකි බැවින් කල්පනාකාරි වන්න.

මකර ලග්නය

ලග්නයේ කුජ උච්චවීමෙන් ශුභවාදී යහපත උදා කෙරෙනු ඇත. එසේම කුජගෙන් රුචක යෝගය උදා වෙනු ඇත. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක වෙයි. දුරබැහැර ගමන් බිමන් යෙදෙයි. ආරම්භක අරමුණූු ගණනාවක වෙනසක් ප්‍රමාදයක් පෙන්නුම් කෙරෙයි. ඉතා ළගින්ම ඇසුරු කෙරෙන උදවිය දුරස්ථ කෙරෙයි.

කුම්භ ලග්නය

12 වැන්නෙහි කුජ ශුක්‍ර යෝග බලය මතු කෙරෙයි. පාරිජාත, චන්ද්‍ර චූඩා යෝග ආශ්‍රිතව ජීවිතයෙහි නවගමන් මඟක ප්‍රවේශයකටද තුඩු දෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක කෙරෙයි. අවහිර බාධක මතු කෙරෙයි. මඟහැරෙන, අතහැරෙන ක්‍රියාකාරකම් රැසක්ද බලපා හැකි බැවින් බුද්ධිමත්ව දූරදර්ශීව කටයුතු කරන්න.

මීන ලග්නය

අඟහරු සිකුරු යෝග බලය අයස්ථානය වූ 11 වැන්නෙහිදී දුබල වන බවක් විද්‍යමාන කෙරෙයි. 02 වැන්නාවූ ධනස්ථානයට 11 වැන්නෙහි ග්‍රහබලය චතුර්කෝණ දෘෂ්ටියෙන් පෙන්වයි. මයුර, පාරිජාත, චන්ද්‍ර චූඩා, සත්කලත්‍ර යෝග බලය ජීවන ගමනෙහි රුවන් දොරටුව විවරණය කෙරෙයි. දේපළ වස්තු ලැබීම ආකර්ෂණීය බව මතුවෙයි. පදිංචි ස්ථානය ඇතුළු සමාරම්භක කටයුතු සතුටුදායක කෙරෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top