වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරීනා මචාඩෝ වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ඇගේ දියණිය වන ඇනා කොරීනා සෝසා විසින් ඔස්ලෝ නුවරදී ඊයේ පැවති උත්සවයේදී භාරගෙන තිබෙනවා.
නොබෙල් සම්මාන ආයතනයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මචාඩෝට මෙම සම්මානය පෞද්ගලිකව භාර ගැනීමට නොහැකි වුවද, ඇය යුරෝපීය නගරයක සිටින බවයි.
වෙන්ටේ වෙනිසියුලා පක්ෂයේ විපක්ෂ නායිකාව වන මචාඩෝ, ඇගේ දියණිය වන ඇනා කොරීනා සෝසා මචාඩෝ විසින් සම්මානය භාර ගැනීමට නියමිතව තිබූ, ප.ව. 1 ට (12:00 GMT) පැවති උත්සවයට මඳ වේලාවකට පෙර නිකුත් කරන ලද ශ්‍රව්‍ය පටයකින් "මම ඔස්ලෝ හි සිටිනවා, මම එන අතරමගයි" යනුවෙන් ප්‍රකාශ කර තිබුණා.
නෝර්වේ නොබෙල් ආයතනය තහවුරු කළේ "ඇයට අද දින උත්සවයට පැමිණීමට නොහැකි වුවද, මචාඩෝ ආරක්ෂිත බවත්, ඇය අප සමඟ ඔස්ලෝහි සිටින බවත් තහවුරු කිරීමට අපි අතිශයින් සතුටු වන" බවයි.
ඇය "අද සවස් යාමය සහ හෙට උදෑසන අතර කාලයේදී" ඔස්ලෝ වෙත ළඟා වනු ඇතැයි ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් බර්ග් හාර්ප්විකන් පැවසුවා.
මචාඩෝට මෙම ත්‍යාගය ඔක්තෝබර් මාසයේදී පිරිනමන ලද අතර, නොබෙල් කමිටුව ඇය රටේ විපක්ෂ ව්‍යාපාරයේ ඉටු කළ කාර්යභාරය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දැක්වූ ස්ථිර සහයෝගය අගය කළා.
දක්ෂිණාංශික මත දරන මචාඩෝ, මෙම සම්මානය අර්ධ වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන්ද කැප කළේ මෙය තමාට හිමිවේ යැයි ට්‍රම්ප් අතිශය බලාපොරොත්තුවක සිටියදීයි.
ඔක්තෝබර් මාසයේදී මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගලාභියා ප්‍රකාශයට පත්කළ මොහොතේදී මචාඩෝගේ පැමිණීම වටා කටකතා පැතිර ගියා.
මචාඩෝ අද දින මෙම අවස්ථාවට සහබාගි වනු ඇති බවට නොබෙල් කමිටුව පැවසූ නමුත් අඟහරුවාදා ඔස්ලෝ හිදී ඇය සමඟ සැලසුම් කළ මාධ්‍ය සාකච්ඡාවක් කල් දමා පසුව අවලංගු කර තිබෙනවා.
මාස 11 කට පෙර මචාඩෝ අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට පසුව සැඟවී සිටින, බවයි විදෙස් වාර්තා පැවසුවේ.