Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
24
ලග්න රැසකට සුබපල එක්කරමින් ප්‍රබල ග්‍රහ මාරුවක්.. වෙලා තියන වෙනස මෙන්න..

- ලග්න රැසකට සුබපල එක්කරමින් ප්‍රබල ග්‍රහ මාරුවක්.. වෙලා තියන වෙනස මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මේ කියන්න යන්නේ ඔබේ ජීවිත තවත් වෙනස් කළ ග්‍රහ මාරුවක් ගැන ඇසෙන කතාවක්.

තවත් සුවිශේෂී ග්‍රහ මාරුවක් එක්කම ඔබේ ජීවිතවලට මේ වෙන්න යන වෙනස මොකක්ද..? 


ලග්න අටකට යෝග පොකුරකින් ජය, සැප, සතුට සහ ධන ලාභ උදා කරමින් ඊයේ රාත්‍රී 08.06ට බුධ ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියට සංක්‍රමණය වුණා. අන්න ඒ නිසා මෙන්න මේ ලග්නවලට උදාවන්නේ වෙනස්ම කලදසාවක්.

මෙහිදී අතිශය භාග්‍යමත් වාසනාවන්ත රාජ ලක්ෂ්මී නම් වූ යෝග බලය ක්‍රියාත්මක වීමෙන් සහ සිංහාසන, හර්ෂා, සරලා, විමලා, මයුර, චන්ද්‍රචූඩා, වෙශී, වොශී, උභයචාරී යෝග ලග්න දොළසටම යෙදීමෙන් ව්‍යාපාර දියුණුව, ධන ලාභ අත්වන අතර කටක, තුලා, මකර, මේෂ ලග්න සතරට පංචමහා පුරුෂ යෝග අතරින් ගුරු හංස, ජයසිඳු යෝග බලයද මාලවි සහ පියුමාකාර යෝග බලය ද වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ ලග්න සතරට රුචක, මහීපාල යෝග බලයද උදාකරවනවා. මේෂ, සිංහ ලග්නවලට ධර්මකර්මාධිපති, ප්‍රිය මෘත්‍යු යෝග ද යෙදෙන අතර ශ්‍රී ලක්ෂ්මී මාතා බැල්මෙන් සහ යෝග පොකුරක ආශීර්වාදයෙන් බොහෝ දෙනාට සුබපල යෙදෙන කාලයක් වනු ඇතියි.
මේ ග්‍රහ ගමන අනුව මුළුමහත් විශ්වය පුරා කලා කෞශල්‍යාත්මක සංස්කෘතික විචිත්‍රබවක් විද්‍යමාන වෙනවා.
පෞරාණික කලා ශිල්ප, අවිහිංසාව, පරසරය සුරැකීම අගයමින් මනුෂ්‍යත්වය ඉස්මතු කෙරෙයි. සහජ කුසලතා, නිපුණතා වේගවත් දියුණුවකට පාත්‍ර කෙරෙනවා. මානසික ප්‍රබුද්ධතාවයක් හැඩ ගැන්වෙයි. ධනය සහ සමෘද්ධිය උදා කෙරෙයි.
බොහෝ දුරට සමාජ දූෂිත වංචනික ක්‍රියා රැසක් එළි කෙරෙන කාල පරාසයකි. මාර්ග, ගමනා ගමන, පාරිසරික විපත් බහුලවන විෂමාචාර කාල පරාසයකි. ගිනි ගැනීම්, ගිනි තැබීම් සමඟ වායුගෝලීය විෂමත්වය උත්සන්න වෙයි.
මාලවි, රුචක, ගුරු හංස ආදී පංච මහා පුරුෂයෝග අතරින් යෝග තුනක් සමඟ යෝග පොකුරක උදාව පවතිනු ලබයි. විශ්වය පුරාම චිත්‍රපට, ටෙලිනාට්‍යය, වේදිකා නාට්‍ය, කැටයම්, මූර්ති වැනි කලා නිර්මාණ, කලාකාමී සංදර්ශන, සංස්කෘතික වැඩමුළු,ලේඛන කලාවේ අසිරිමත් පොත්පත්, ලිපි ලේඛන ඇතුළුව සාරගර්භ වැඩසටහන් බහුල කාල පරාසයකට සමාරම්භය සිදු වන්නේ ය. එසේම රෙදිපිළි, විවිධ ආලේපන, තෛලවර්ග, නිර්මාණය කෙරෙමින් වෙළෙඳපොළ වෙත ළඟාවන කාල පරාසයකි. අක්ෂාංශ, දේශාංශ ස්වරූපය මත ඉන්දියාවත් ශ්‍රී ලාංකාවත් උසස් ආර්ථික වර්ධනයකට ළඟාවන කාල සීමාවෙකි.
විමර්ශනය, ගවේෂණය, විචාරශීලීත්වය මුවහත්වන, ගුණාත්මක වැඩසටහන් බහුල කෙරෙන, නව යුගයක උදාවීම මෙන්ම ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ පෙර පින් ඵලදෙන අපූර්ව කාල පරාසයකි. විචාරශීලී නවගමන් මඟකට රුවන් දොරටුව විවර කෙරෙන, ප්‍රශංසනීය වූ බුද්ධිමතුන්ගේ කටයුතුවලට ආශිර්වාද කෙරෙන පුණ්‍යවන්ත, ස්වර්ණමය, අසිරිමත් යුගයකි.

මේෂ රාශිය

පෞරුෂය වර්ධනය කරගත හැකි භාග්‍යයමත් යුගයෙකි. තමන්ගේ ශුභවාදී කළමනාකරණය විමර්ශනය කරගන්න. සියලු සිතැඟියාවන් ධාර්මිකව සූදානම් කර ගැනීමෙන් ඉටු කරගත හැකිය. දැනුම, ධනය, බලය ගලා එන අනාගත ස්වකීය පරපුරට අවිහිංසාව, අවංකබව, ආත්ම ගෞරවය ආදී ගුණාංග යොමු කරන කාලසීමාවකි.

වෘෂභ රාශිය

අරමුණු සිතැඟියාවන් මල්ඵල ගැන්වෙන අපූර්වාත්මක වාසනාවන්ත කාලයෙකි. ආර්ථිකය දේපළ වස්තු රැස් කිරීමේදී හැකිතාක් ධාර්මික වන්න. අන්‍යයන්ගේ ජීවන රටා සුරක්ෂිත කරවමින් ස්වකීය වාසනාව භාග්‍යය සඳහා දැනුම අවබෝධය තුළින් ඉදිරියටම යන්න.

මිථුන රාශිය

ඔබගේ දැනුම අවබෝධය වර්ධනය කරන රැකියා ආදායම් මාර්ග ඇතුළුව සමාරම්භක කටයුතු සඳහා ප්‍රශස්ත කාලපරාසයකි. භාග්‍යවත් යෝග රැල්ලක උදාවද පවතිනු ලබන වාසනාවන්ත කාලයෙකි. ඥානකාරක බුධ ඇතුළුව සිකුරුගේ ද ආරක්ෂිත බව ගෙනදෙයි.

කටක රාශිය

ඔබගේ සිතැඟියාවන් බොහෝ දුරට සඵල කරදෙනු ලබයි. රැකියා ආදායම් මාර්ග සාර්ථක කොට දෙයි. මානසික ස්වභාවය මත නොසිතූ විරූ ගමන් මඟකට ස්වර්ණයම කාල පරාසයක් වර්තමානයෙහි යෙදී ඇත. ඒ අතර ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මූලිකකොටගත් පිරිස් ද ඇති බව මතක තබාගන්න.

සිංහ රාශිය

ඔබගේ අභිමතාර්ථ සඵල කෙරෙන භාග්‍යමත් කාල පරාසයෙකි. සමාරම්භ කටයුතු නොනැවතී කරගෙන යෑමට හැකි වෙයි. කල්ගතවූ රෝගාබාධක සුවවෙන පදිංචියෙහි ආලෝකය ගෙනදෙන භාග්‍යමත් කාල පරාසයකි. නොනැවතී ඉදිරියටම කටයුතු කරගෙන යෑම යහපත් වෙයි.

කන්‍යා රාශිය

උත්සව ආදි අරමුණු රැසක් ඉටුවන භාග්‍යමත් කාල පරාසයකි. අනාගත කටයුතු ද සතුටුදායක ලෙස සිද්ධ වෙයි. නව ජීවන ගමන් මඟකට කරුණු කාරණා යෙදෙයි. උත්සාහය, උනන්දුව දෙගුණ තෙගුණ වන කාල පරාසයෙකි.

තුලා රාශිය

ඔබගේ රැකියා ආදායම් මාර්ග ඇතුළු දෙස් විදෙස් ගමන් බිමන් ද දියුණුව උදෙසා කෙරෙන කටයුතු ද සාර්ථක කෙරෙනු ඇත. එසේම වර්තමානය ද අතිශය හිතවාදි වන්නෙකි. උදාර ජීවිතයකට හිතවාදී ග්‍රහ බලයක් දෘශ්‍යමාන වෙයි. සියලුම අරමුණු සඵල කරන ඉදිරි වර්ෂයද ශුභයි.

වෘශ්චික රාශිය

පදිංචි ස්ථානය, භූමිය, රැකියා ආදායම් මාර්ග සියල්ල සතුටුදායක වන, ශක්තිය ධෛර්යය ලබාදෙන භාග්‍යයමත් කාල පරාසයෙකි. අවිහිංසාවාදී ජීවන ගමන් මඟකට පාත්‍රවීමෙන් ද කරුණාව මෛත්‍රිය හදවතෙහි වර්ධනය කර ගැනීමෙන් ද වාසනාවන්තව ජීවත්විය හැකි වෙයි.

ධනු රාශිය

අරමුණු බොහෝ දුරට සාර්ථකබවට නැඹුරු කෙරෙයි. ධාරණ ශක්තිය වර්ධනය කොටගෙන නව ගමන්මඟකට පිවිසීමට හේතුවෙයි. පදිංචිය, සමාරම්භක බාහිර සියලුම කටයුතු අතිශය ප්‍රශංසනීය වෙයි. ජීවිතය පුරා බලපාන අරමුණු සඵල කරන පෙර පින් ඵලදෙන්නාවූ හිතවාදී අසිරිමත් කාල පරාසයකි.

මකර රාශිය

නවතාවයකින් අරමුණු කෙරෙන සියලුම කරුණු කාරණා බොහෝ දුරට සාර්ථක වෙයි. අසිරිමත් කරුණු බොහෝ දුරට විධිමත් කෙරෙන බලවත් ආකර්ෂණීය බවට පාත්‍රකෙරෙන, පදිංචිය, භූමිය ආශ්‍රිතව සියලුම කටයුතු 2025න් ආරම්භ කොට අවශ්‍යතා සපුරා ගැනීමට යෝධබල යෝධ ශක්තිය උදාවන කාලයෙකි.

කුම්භ රාශිය

සංවර්ධන කටයුතු, හිතවාදී පිරිස් බලය, ධනය තහවුරු කෙරෙයි. බොහෝ දුරට ගුණාත්මක පසුබිමක් සමඟ සංසාරික පින් දහම් මතුවන කාල පරාසයකි. ධර්මාන්විතව උසස් දරු පවුලක ආකර්ෂණය ලබන විජයග්‍රාහී ජීවිතයකි. දිගුකාලීන අරමුණු සඵල වන කාලයෙකි.

මීන රාශිය

පෙර පින් ඵලදෙන ගුණාත්මක කාලයකි. ප්‍රභූජනයාගේ ආශ්‍රය ලැබෙමින් උසස් මානසිකත්වයක් සමඟ දේව ශුද්ධ ආකර්ෂණය ලැබෙන කාල පරාසයකි. ජීවිතයෙහි ස්වර්ණමය උච්ච අවස්ථාවකට සරිලන ආලෝකවත් ජීවිතයකට අවශ්‍ය ශක්තිය බලය ඔබවෙත සංක්‍රමණය වන වර්ණවත් සමයකි.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top