Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
12
ඔහු තමන්ගේම දියණියට මෙහෙම දෙයක් කළේ කොහොමද..? උසස් පෙළට ලියන්න හිටි සිසුවියටක සිදුවුණු ඇස් අදහාගන්න බැරි කතාව මෙන්න..

- ඔහු තමන්ගේම දියණියට මෙහෙම දෙයක් කළේ කොහොමද..? උසස් පෙළට ලියන්න හිටි සිසුවියටක සිදුවුණු ඇස් අදහාගන්න බැරි කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,404 Views

සිසුවෙකුගේ ජීවිතයේ වැදගත්ම කඩයිමක් තමයි උසස් පෙළ විභාගය කියන්නේ.

එම විභාගයට මුහුණ දෙන්න සූදානමින් ටියි ඇයට මොකක්ද මේ වුණේ? බලංගොඩින් ඇසෙන ඒ ඇස් අදහාගන්න බැරි කතාව මෙන්න.


මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් ගිනිතැබුවේ යැයි කියන එම සිසුවියගේ පියා ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බලන්ගොඩ සමනලවැව පොලිස් වසමේ සීලගම ගිල්ම ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙක්.

මෙම සැකකරු බිරිඳ සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ‍පෙරේදා (09) රාත්‍රී ඔවුන් පදිංචි නිවෙස ගිනි තබා ඇති බවත් එහිදී මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔහුගේ දියණියගේ පෙත්පත් සහ ඇඳුම් පැළඳුම් ගිනිගෙන විනාශ වී ඇති බවත් සමනළවැව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මොහුගේ මෙම හැසිරීම හේතුවෙන් ඔහුගේ බිරිය සහ දරුවන් නිවෙස අතහැර වෙනත් ඥාති නිවෙසක සිටි අවස්ථාවේදී සැකකරු නිවෙසට පැමිණ මෙලෙස ගිනි තබා තිබූ බව ද පොලිසිය අධිකරණයට කරුණු අනාවරණ කළා.

සැකකරුගේ දියණිය මෙවර උසස් පෙළ ව්භාගයට පෙනී සිටින බැවින් ඇයගේ ව්භාග ප්‍රවේශ පත්‍රය සහ එක් ගවුමක් මෙන්ම පොත්පත් කිපයක් පමණක් රැගෙන මෙදින රාත්‍රි මව සමඟ නිවෙසින් ගොස් තිබූ බවත් ගින්නෙන් එම සිසුවියගේ අනෙක් සියළු පොත්පත් විනාශ වී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකරු බීමතින් පැමිණ නිවෙසේ අඩදඹර කරගන්නා අයෙක් වන බවත් මෙදිනද එලෙස අඩදබර කර ගන්නා අවස්ථාවේදී පොලීසියට ලද තොරතුරකට අනුව නිලධාරියෙක් එම නිවෙසට ගිය බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එහිදී සැකකරු බීමතින් නිදාගෙන සිට ඇති අතර ‘දන් ප්‍රශ්නයක් නෑ’ යනුවෙන් ඔහුගේ බිරිඳ පැවසූ බැවින් පොලිස් නිලධාරියා ආපසු හැරී පොලිසියට පැමිණි බවත් අධිකරණයේදී කරුණු හෙළි විණි.

ඉන්පසු සැකකරුගේ බිරිය සිය දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බැවින් ඇයත් රැගෙන ඥාති නිවෙසට ගොස් ඇති බවත් තම ස්වාමියාගේ චර්යාව අයහපත් බැවින් එලෙස නිවෙසින් ගිය බවත් ඇය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඒ අනුව ඉකුත් (09) වැනිදා රාත්‍රි දහයට පමණ නි‍වෙසක් ගිනි ගන්නා බවට සමනළවැව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් එම ස්ථානය පැමිණෙන විටත් නිවෙසෙන් අඩක් පමණ ගිනි ගෙන තිබු බව පොලීසිය පැවසුවා.

මෙම සැකකරු මුලින් පවසා ඇත්තේ තම නිවෙස වෙනත් කිසිවකු හෝ ගිනි තබා ඇති බවත්, පසුව කළ පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී එය තමන් විසින්ම සිදුකළ බවට පිළිගනු ලැබ තිබූ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් තම නිවෙස ගිනිගෙන පොත්පත් හා ඇඳුම් පැළඳුම් විනාශ වී තිබුණත් එම සිසුවිය ඊයේ (10) සහ අද (11) උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට ඇති බවට වාර්තා වෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top