ඔබ දන්නවාද මේ වෙනකොට හැමෝම මේ සමාගම ගැන කතා කරන්නේ ඇයි කියලා. Nvidia, ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම බවට පත්ව තිබෙනවා.
AI චිප් නිෂ්පාදනයේ දැවැන්තයා වන Nvidia සමාගම, ලොව ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 5 ක වෙළෙඳපොළ වටිනාකමක් (Market Capitalization) වාර්තා කළ සමාගම ලෙස ඉතිහාස ගත වී ඇති අතර, මෙය Nasdaq කොටස් වෙළෙඳපොළේ (Nasdaq-listed) ලැයිස්තුගත වූ සමාගමක් අත්කර ගත් ඉහළම වටිනාකම ද වෙනවා.
ඉකුත් අඟහරුවාදා දිනයේදී Nvidia කොටස් මිල 5% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඩොලර් 201.03 ක වාර්තාගත ඉහළම අගයකට ළඟා වීමටද එහිදී හැකියාව ලැබී තිබෙනවා.
මෙම තියුණු වර්ධනයට ප්‍රධාන හේතු වූයේ, Nvidia සමාගම සිය AI ප්‍රොසෙසර සඳහා ඩොලර් බිලියන 500 ක වටිනාකමකින් යුත් ඇණවුම් ලැබුණු බව නිවේදනය කිරීම සහ එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුව (U.S. Department of Energy) සඳහා නව සුපිරි පරිගණක (supercomputers) හතක් නිපදවීමට සැලසුම් කිරීමයි.