Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
03
'' සමහර දවස්වලට තිස් දහ, හතළිස් දහ හොයනවා... මිනිස්සු දහ දොළොස් දෙනා එක්ක නි...... අන්තිමට මම මේ ජීවිතයට ඇබ්බැහි වුණා..'' ගමෙන් නගරෙට ඇවිත් අසුන්දර වූ ජීවිත කතා...

- '' සමහර දවස්වලට තිස් දහ, හතළිස් දහ හොයනවා... මිනිස්සු දහ දොළොස් දෙනා එක්ක නි...... අන්තිමට මම මේ ජීවිතයට ඇබ්බැහි වුණා..'' ගමෙන් නගරෙට ඇවිත් අසුන්දර වූ ජීවිත කතා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ගම්වල ඉඳලා නගරෙට ඇවිල්ලා රැකියා කරන සමහර අක්කලා නංගිලා කොච්චර නම් අසරණද කියලා මේ දේවල් ගැන අහද්දී නම් ඔයාට හිතෙන්නම ඕනේ.. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ඒ නංගිලා අක්කලාගෙන් එක්කෙනෙක්ගේ කතාවක් විතරයි..




පසුගිය කාල සීමාව තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළ හොර රහසේ පවත්වාගෙන ගිය මුදලට තරුණියන් විකිණීමේ ස්ථාන කිහිපයක්ම විටින් විට වැටලීමට පොලිස් නිලධාරීන්ට හැකි වුණා.

විශේෂයෙන්ම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන මුවාවෙන් අන්තර්ජාලය හරහා මෙම ජාවාරම ජයටම සිදු කරගෙන ගොස් තිබුණා.

සමහරු තවමත් එය සිදු කර ගෙන යති. ජාවාරම්කරුවෝ මේ සඳහා සුන්දර ළාබාල යුවතියන් යොදා ගනිති. ඒ ඔවුන්ට සමාජයේ වැඩි ඉල්ලූමක් තිබෙන නිසාය.


නගරබද පවත්වාගෙන යන මෙම ස්ථානවල අඟපසඟ විකුණන බොහො යුවතියෝ ගම්බද අය වෙති.

ඒ අතරින් බහුතරයක් මෙම රැකියාවේ නියැලෙන්නේ කුඩා කලම තම ජීවිතය වරද්දා ගත් නිසාය.

ඒ සමගම මෙම රැකියාවේ නියැලෙන යුවතියෝ මත්පැන්වලට අමතරව අයිස් වැනි භයානක මත්ද්‍රව්‍ය භාවිතයට ද ඇබ්බැහි වී සිටිති.

මේ පසුගිය දිනක මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා සුන්දර යුවතියන් විකිණීමේ ජාවාරමක නිරතවී සිටියදී නීතියේ රැහැනට කොටු වූ ළාබාල යුවතියන් අතරින් එක්කෙනෙක් තමයි අද අපේ කතා නායිකාව වෙන්නේ ,

අපි ඇයව ශානි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙමු..

මේ ඇයගේ වචනයෙන්ම ඇයගේ කතාවයි.

”මගේ ගම මාතර. මාතර කිව්වට නගරයේ නොවෙයි. ටිකක් ඈතට යන්න ඕනා. මගේ අම්මයි තාත්තයි ව්‍යාපාරයක් කළේ. ගමේ තිබුණු ලොකුම සිල්ලර බඩු කඩය තිබුණේ අපිට. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. පවුලේ බාලයා මමයි. එක් සහෝදරයෙක් සහ සහෝදරියක් මට ඉන්නවා. නගරයේ තිබුණු කාන්තා විදුහලක තමයි මම ඉගෙන ගත්තෙ. ඕ ලෙවල් පාස් වුණා. ඒ ලෙවල් වාණිජ අංශයෙන් කරගෙන හිටියේ. ඒ කාලේ මම තරුණයෙක් එක්ක යාළු වුණා. ඒ අපේ කඬේට බඩු දාන්න එන අයියා කෙනෙක්. එයා පෞද්ගලික කොම්පැනියක රෙප් කෙනෙක්. මට වඩා අවුරුදු නමයක් වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි.ඒ කාලේ මට එයාගෙන් තොර ලෝකයක් තිබුණෙ නැහැ. අපේ තාත්තා නීතිකාරයා. මං ගැන හොඳට හොයලා බැලූවා. ඒක නිසා අපිට නිතරම හම්බ වෙන්න බැරි වුණා. වැඩිපුරම ආදරේ කළේ ෆෝන් එකෙන්.මාස කීපයක් ගතවෙද්දී මට එයා නැතුව බැරි වුණා. දෙමව්පියන්ට වඩා ආදරයක් එයා ළඟ තියෙනවා කියලා හිතුනා. ඒක නිසා එයා ළඟටම යන්නම තමයි හිත. අන්තිමේදි අපි දෙන්නා තීරණයක් ගත්තා. ඒ හොර රහසේ පැනලා යන්න.

එතකොට මගේ වයස අවුරුදු දාහතයි. ඒ ලෙවල් කරන්න ගත්තා විතරයි. අපි පැනලා යන්න මාසයක් විතර ප්ලෑන් කළා. සැරින් සැරේ මගේ ඇඳුම් ටිකක් ඒ අයියට දීලා තිබුණා. කිහිපවිටක්ම තාත්තට හොරෙන් කඩෙන් සල්ලිත් ගත්තා. දවසක් පෞද්ගලික පන්තියකට යන විදියට ගෙදරින් පැනලා ඒ අයියත් එක්ක කොළඔ ආවා. එතකොට මම පොඩි කෙල්ලෙක්. ගොඩක් ලස්සනයි. හැමෝම කිව්වේ මම අම්මගේ කපාපු පළුව කියලා. පැනලා ඇවිත් දවස් තුනක් අපි කොළඹ පැත්තෙ හෝටලයක හිටියා.

ඒ දවස් ටිකේ මට වෙන්න ඕන සේරම දේ වුණා. ගෙදරට ගින්දර දීලා ආවත් මට ඒ ගැන එච්චර ලොකු කැක්කුමක් තිබුණෙ නෑහැ. මොකද මගේ ලෝකය වුණේ මේ මනුස්සයා. පැනලා ආපු දවසෙම මම ගෙදර අයට කිව්වා. ඒගොල්ලො කලබල වෙලා මාව හැම තැනම හෙව්වා. පොලිසියටත් ගිහින් කියලා. තාත්තා පුදුම කේන්තියකින් ඉඳල තියෙන්නෙ. දවස් 3ක හනිමුන් එක ඉවර වෙලා රාජගිරිය පැත්තේ පොඩි ඇනෙක්ස් එකක් ගත්තා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකකුත් ගත්තා. මම හිතුවේ එතැන් සිට ජීවිතය සුන්දරයි කියලා. සේරම අමතක කරලා ඔහු සමග සතුටින් ඉන්න තමයි ප්ලෑන් කළේ.

මාස තුනක් අපි සතුටින් හිටියා. එයා රස්සාවට ගියේ නෑ මම බැන්දට පස්සේ. මගේ අතේ හා එයාගෙ අතේ තිබුණු සල්ලි ටික ඉවර වුණා. ඊට පස්සෙ තමයි ජීවිතයේ වෙනස් වෙන්න පටන් ගත්තේ. මම දැනගත්තේ පස්සේ. මිනිහා කුඩු කාරයෙක්. ඒ වගේම කසාද බැඳපු කෙනෙක්. ඒක දැනගත්ත දවසේ ජීවිතය පවා එපා වුණා. මට මැරෙන්න තරම් හිතුණා. ඉවසුවා. කොහොම හරි මේ මනුස්සයව හදා ගන්නවා කියලා හිතුවා. ඒක නිසා තව තවත් ඒ මිනිහට ආදරය කළා. හොඳින් කිව්වා කුඩු ගහන එක නවත්තන්න කියලා. ඒත් ඇහුවේ නෑහැ. තවත් මාස කීපයක් එහෙම යද්දි අපිට ජීවත් වෙන්න විදියක් තිබුණෙම නැහැ. ඒක නිසා මම තීරණය කළා රස්සාවකට යන්න. අපේ ඇනේක්ස් එක ළඟ අක්කා කෙනෙක් හිටියා. එයා රාජගිරිය පැත්තේ සපත්තු බෑග් හදන පොඩි ෆැක්ටරි එකක වැඩ කළේ. මාවත් එතැනට ගත්තා.

මාස කීපයක් එතන වැඩ කළා. ගෙදර ආවාම අමුම අපායක්. අර මිනිහත් එක්ක ජීවත්වෙන්න බැහැ. හැමදාම රණ්ඩු. අතින් පයින් හොඳටම මට ගහනවා. එක එක මිනිස්සු ජෝඩු කරනවා. ඒ මදිවට කුඩු ගහන්න සල්ලිත් ඉල්ලනවා. පුළුවන් තරම් ඉවසුවා. කරන්න දෙයක් නැති නිසා. එහෙත් කවදාවත් ඒ මිනිහගෙන් සැනසීමක් හම්බෙන්නෙ නැහැ කියලා මම තේරුම් ගත්තා. මොනව කරන්නද කියලා හිතාගන්න බැහැ. හම්බවෙන්නෙත් සොච්චම් පඩියක්. වැඩ කරන තැන අක්කා කෙනෙක් හිටියා. එයා මට ගොඩක් හිතවත්. මගේ ප්‍රශ්න සේරම එයා දන්නවා. එයා හරි හොඳ කෙනෙක් ඒත් සල්ලි ප්‍රශ්න තිබුණා. දවසක් එයා මට කිව්වා අපි ටික කාලයක් ස්පා එකක වැඩ කරමු කියලා. එයා දන්න කෙනෙක් වැඩ කරනවලූ. දවසට හොඳ ගාණක් හොයනවලූ.

දවස් ගාණක් මම ඒ ගැන කල්පනා කළා. මට යන්න හිත දුන්නෙම නෑහැ. අන්තිමේදී හිත හදාගෙන මම ඒකට කැමැති වුණා. ඒ අක්කා එක්ක නාවල තියෙන ස්පා එකකට අපි ගියා. එදා ඉඳන් තමයි මගේ ජීවිතයේ ආයෙ වෙනස් වෙන්න පටන් ගත්තේ. බොරු කියන්න ඕනෙ නෑනේ. මගේ ලස්සනට ගොඩක් අය කැමති වුණා. එතන ස්පා කියලා තිබුණේ නමට විතරයි. ඇතුලෙ හැම දෙයක්ම වෙනවා. මාස කීපයක් යද්දි ක්‍රම ක්‍රමයෙන් මම ඒවට කැමති වුණා. ඒ එක්කම මිනිහා කුඩුත් එක්ක පොලීසියට අහුවෙලා තිබුණා. ඊට පස්සේ එයාට මොනව උනාද කියල අද වෙනතුරු මම දන්නේ නැහැ. හෙව්වෙත් නැහැ. පදිංචියත් මම වෙනස් කළා.

මම වෙනස් වෙන්න පටන් ගත්තා. අඳින පළඳින එක පවා වෙනස් කළා. ටික කොණ්ඩෙ කොටට කපලා පාට කළා. මගේ අතේ හොඳට සල්ලි තිබුණා. සමහර දවස්වලට තිස් දහ, හතළිස් දහ හොයනවා. මුලින්ම මම බියර් බොන්න පටන් ගත්තා. ඊට පස්සේ අරක්කු. අන්තිමට නැවතුනේ අයිසුත් ගහලා. අයිස් ගැහුවම නිදිමත එන්නේ නැහැ. ඇඟට අමාරුවක් නැහැ. කරන්නේ මොනවාද කියලවත් දන්නෙ නැහැ. සමහර දිනවලට මිනිස්සු දහ පහළොස් දෙනා එක්ක නිදා ගන්නවා.ඒ අතර මම කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ලව් කළා. ජීවිතය විඳින්නත් ඕනානේ. ඒ කොල්ලො අතින් දෙපාරක් මම ප්‍රෙග්නට් වුණා. දෙපාරක් මම ඇබෝෂන් කළා.කරන්න දෙයක් නැහැ. මම මේ ජීවිතයට ඇබ්බැහි වුණා. නොතේරෙනකමට එකෙකුට ආදරේ කළා. ඒ මිනිහා තමයි මගේ ජීවිතයම විනාශ කළේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මෙහෙම ජීවත් වෙනවා.''

”එතකොට ගෙදර අය” මම අතුරු ප්‍රශ්නයක් නැගුවෙමි.

”පැනලා ගියාට පස්සේ අම්ම මාත් එක්ක කතා කළා. ගෙදර එන්නත් කිව්වා. ඒත් මම ගියේ නැහැ. පස්සේ කොහොමහරි ඒගොල්ලන්ට ආරංචි වෙලා තිබුණා මම කියන කරන දේවල්. ඒක නිසා මට ඒගොල්ලන්ගෙ මුහුණ බලන්න බෑහැ. සහෝදර සහෝදරියන් මාව පවුලෙන් අයින් කරලම දැම්මා. ඉඳලා හිටලා අම්මට කතා කරනවා එච්චරයි.''

වයස තවම විසි තුනයි. දැන්වත් මේ ජීවිතයෙන් අයින් වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද? කිහිපවිටක්ම හිතුණා. එහෙත් බැහැ. පිරිමි කියන අය ආයෙමත් ජීවිතයටවත් මම විශ්වාස කරන්නේ නැහැ. මේ ජීවිතයට පුරුදුවෙලා ඉවරයි. මේක තමයි මගේ ජීවිතය දැන්. හොඳට සල්ලි හම්බ කරනවා කනවා බොනවා සතුටින් ඉන්නවා.”

”ඒ වුණාට ඔයා කරන්නේ නීති විරෝධී වැඩක් නේ.” අවසන් වශයෙන් මම ඇයගෙන් එලෙස විමසුවෙමි.

”යන්න. මෙරටේ මීට වඩා නීති විරෝධී වැඩ කොච්චර වෙනවද?. ඒවා ගැන කවුද කතා කරන්නේ. අපි ගැන තමයි හැමෝම කතා කරන්නේ. අපි බලෙන් මිනිස්සු ළඟට යන්නේ නැහැ මිනිස්සු තමයි අපි ළඟට එන්නේ.”
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top