සිරිපාදේ හිමේ සැඟවුණු බොහෝ කතා තියෙනව.
තවමත් ශ්‍රීපාදය අවටට ගම්මානවල මේ පැරණි කතා මුඛ පරම්පරා ගතව පැවත එනවා.
අදටත් ගම්වල ගැමියන් අතර ඇහුවාම පුදුම හිතෙන හුඟක් විස්තර තියෙනවා .
ශ්‍රී පාද අඩවිය ගෞතම බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇති නිසා ලොව පුරා ප්‍රසිද්ධයි.
ඒ වගේම මේ අඩවිය බල බලවත් විවිධ ගුප්ත අභිරහස් සැඟවී ගිය ස්ථානයක්.
මේ කියන්න හදන්නේ අන්න ඒ වගේ කතාවක්.
මේ කතාව 1940 ට දිව යනවා..
වර්ෂ 1940 දී ශ්‍රී පාද අඩවියට ඉහළින් පියාසර කරපු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වෙනවා.
යානය කඩා වැටෙනවා.
යානය ගමන් කළ තිදෙනෙක් අනතුරේදී මිය යනවා.
අනතුරින් කම්පනයට පත්වෙලා ඉන්න නියමුවා පැය කීපයකට පස්සේ ආනයෙන් බිමට බැහැල බැහැල දනවනාන්තරය මැදින් මිනිස් වාසස්ථානයක් හොයාගෙන ගමන් කරනවා..
ගුවන් නියමුවට ලොකු කම්පනයක්.නොහිතපු දෙයක් සිදුවුණු නිසා.
ඒ වගේම තද පිපාසයක්.
ගලා යන සීතල දොළින් වතුර බීලා,සිරිපා හිමි හැදුණු ගස්වල පළතුරු කාලා තමයි ඔහු දිවි රැකගෙන තිබුණේ..
අරමුණක් නැතුව ඔහේ ඉබේ ගාථා ඇවිදගෙන ගියපු ඔහුට එකපාරටම තැනිතලා බිමක් හම්බවෙලා තියෙනවා.
ඒ තැනිතලා බිම අක්කර ගණනාවක් පුරා විහිදී ගිය අලි ඇටකටු ඇද්දත් විසිරිලා ගියපු භූමියක්.
ගුවන් නියමුව මෙයින් පුදුමයට පත්වෙනවා.
ඒ භූමිය වට කරගෙන සරුසාරව ගහ කොළ වැඩී ගිය ඝන වනාන්තරයක්.
වනාන්තරයේ කෙළවර තැනිතලා සම භූමියක්.
ඒ අසල ගලායන ජලල පහරක්...
මුළු තැනිතලාව පුරාම දිරාගියපු ඇටසැකිලි ඇත්දලා අනුව ඒක ඇතුන්ගේ සූසානයක් කියලා ඔහුගේ හිතට අවබෝධ වුණා.
මේ ඇත්සුහුණේ බොහෝ වෙලාවක් හිටපු නියමුවා ආපහු යන්න පිටත් වුනා.
කොහොමින් කොහොම හරි දින ගණනාවක් කිසිම අවබෝධයක් නැතුව ඉබාගාතේ කැලෑවේ ඇවිද ඇවිද ගිය ඔහුට අන්තිමේට ගම්මානයක් හම්බුනා.
හැබැයි එතකොට දින ගණනාවක් ගතවෙලා.
ගම්මුන්ගේ මිත්‍රශීලි පිළිගැනීම ආගන්තුක සත්කාරය නිසා ඔහු ටික ටික සුවපත් වුණා.
ගම්මුන්ගෙ කෑම බීම ප්‍රතිකාර අත් උදවු ලැබිල සුවපත් වෙච්ච ගුවන් නිලධාරියා සිනාවලත් තම අත්දැකීම් ගැමියන්ට කිව්වා.
හැබැයි ඔහුට ආපහු ඇති සොහොන සොයාගෙන යන්න අවස්ථාවක් ලැබිලා තිබ්බේ නැහැ.
මොකද ඒ භූමිය පිහිටි ස්ථානයට ඔහුගේ මතකය ශක්තිමත් වුණේ නැහැ.
මේ ඒ ගැන එක කතාවක් විතරයි..
ශ්‍රී පාද අඩවිය ඇතුලේ අලි ඇතුන්ට සීමා වුණු , ගුප්ත සූසාන භූමියක් තියෙනවා කියලාත්, මේ තමන්ගේ ජීවිත කාලය අවසානය එළැඹ ඇති බවෙන් වගේ දැනෙන අලියතුන් ඒ සූසාන භූමියට ඇවිල්ලා ඇද වැටිලා මිය යන බවත් ශ්‍රීපාදා අඩවිය අවට පැරණි ගැමි ජනකථාවලත් ගැමි විශ්වාස වලත් නිතරම කියවෙන කතාවක්.
ඒ කාලේ ශ්‍රීපාද අඩවියේ වනාන්තර සරුවට වැඩි වන විනාශයක් නොතිබුනු ප්‍රදේශයක්.
ලංකාව පුරා විසිරසිටි මැද රට මැදරට ඒ අවට පැතිර සිටි දහස් ගණනක් ඇතුන්ටට ජීවත්වීමට සුදුසු පරිසරයක් ශ්‍රීපාද අඩවිය තුළළ තිබුණා.
අද කාලේ වගේ අලිමංකඩ ඇහිරිම් සිදුවුණේ නැහැ.
ඒ නිසා සුවසේ ජීවත් වෙලා ආයුෂ ඉවර වුණාට පස්සේ තමන්ගේ පරපුරේ සොහොන් බිම වෙත තනිව පැමිණීම හෝ රැලේ අතු උදව් කරුවන් සමග පැමිණීම සිදුවෙලා.
එහෙම තමයි පැරැන්නො කියන්නෙ.
ඒ සොහොන් බිම අවටත් ආරක්ෂාව ආහාර ජලය ඇති තරම් තිබ්බා. ඉතින් අවසාන කාලයේ ජීවත්වීම පිළිබඳ ලොකු ගැටලු මතුවෙලා නැහැ...
සමන් දෙවිඳුන්ගේ වාහනයත් සුදු ඇතෙක්.
සමහරවිට අපට නොදන්නා අබිරහසක් මෙතන තියෙනවා වෙන්න පුළුවන්
ඒත් මේ තත්ත්වය වෙනස් වුණා. ඉංග්‍රීසින් උඩරට. අල්ලා ගත්තට පස්සේ.
බ්‍රිතාන්‍යයේ ඉඳලා කෝපි වවන් ආපු වගාකරු ලංකාවට ඇවිල්ලා අක්කරයක් සීලින් දෙකක් වගේ ඉතා සුළු මුදලකට මිලදී ගත්තා.
තැනින් තැන මහා වනාන්තරේ එළි වුණා.
ජනාවාස වීමත් එක්ක අලි ගහනය අඩු වුණා.
අලි මංකඩවල් ඇහිරුණා.
ඒ වගේම සුදු ජාතිකයින් අලි ඇතුන් දඩයම් කරන්න පටන් ගත්තා.
හැටන් ශ්‍රී පාද අඩවිය සිංහරාජයේ වගේ පැතිවලි හිටපු අලි ගහනය අඩු වුණා.
ඒ කාලේ අලින්ම අල්ලලා පිටරට පැටවීම ඉංග්‍රීසීන් එක්ක ආදායම් මාර්ගයක් වුණා.
අද වෙනකොට ශ්‍රීපාදයට ඉන්නේ ඉතාම පුංචි කුරුවලි රංචුවක් විතරයි ..
ශ්‍රී පාද අඩවියේ රහසිගත බිමක ගුප්ත ඇත් සොහොනක් තිබූ බව බොහෝ පරැන්නෝ පිළිගන්නවා...
මේ කතා ඒ අනුමානයට සාක්ෂියක් සපයනවා...