හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයේ මේ වන විට තැන්පත් කර තිබෙනවා.
ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහල් පරිශ්‍රයේ තැන්පත් කර තිබූ ඇයගේ දේහය අද පෙරවරුවේ රිය පෙරහැරකින් නිදහස් චතුරස්‍රය වෙත රැගෙන එනු ලැබුවා.
ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් මන්දිරයේ මේ වන විට තැන්පත් කර ඇති අතර පස්වරු තුන දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.