ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝවක රඟපෑ අය සහ එහි නිර්මාණකරු වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ එක් කාන්තාවක් මෙම අසභ්‍ය චිත්‍රපටයෙහි රංගනයේ යෙදෙන අතර එහි DVD පිටපත් 6000 ක පමණ ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතු කර තිබූ බවද හෙළිවී තිබෙනවා.
බටහිර නිල් වීඩියෝ චිත්‍රපට නිර්මාණය කරන ආකාරයටම මෙම අසභ්‍ය වීඩියෝව සඳහා ඉහල තාක්ෂණය භාවිතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙහි රංගනයෙන් දායක වන කාන්තාව හමුවන්නට එන පිරිමින් දෙදෙනා ඇය සමග අඹුසැමියන් ලෙස ජීවත් වන ආකාරය පටිගත කර තිබෙන බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකාවේ නමක් දිනා ඇති අධ්‍යක්ෂවරයෙකු විසින් මෙම අසභ්‍ය නිල් චිත්‍රපටය නිර්මාණය කර තිබෙන අතර රංගනයෙන් දායකවූ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි නිරූපණ ශිල්පිනියක්.
ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද රංගනයෙන් දායකවී තිබෙනවා.
වේයන්ගොඩ, කූරිකොටුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක මෙම චිත්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන අතර එම නිවස මිතුරෙකුගෙන් හිතවත්කම මත ලබාගෙන පසුව මේ පිළිබදව දැනගැනීමෙන් එහි හිමිකරු විසින්ම මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද හෙළිව තිබුණා.
මෙම චිත්‍රපටය මිලට ගත් අය සහ එම DVD හුවමාරු කරගැනීමේදී ඒ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිලි ඔස්සේ උපාය දූතයෙකු යොදවා අදාල පුද්ගලයින් කොටුකරගෙන තිබුණා.