මියයන විය ඔහු 90 වැනි වියේ පසුවුණා. 1936 මැයි මාසයේ දී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව ගම්මානයේ උපත ලැබූ ඒ ඔහු, සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලක හයවැනියායි.
සිරිසුමන ගොඩගේ යනු, ශ්‍රී ලාංකික ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු සහ ප්‍රකාශකයෙක් වන අතර, ඔහු ශ්‍රී ලංකාවේ දැවැන්තම පොත් ප්‍රකාශන ආයතනයක් වන ගොඩගේ ජාත්‍යන්තර ප්‍රකාශකයෝ (Godage International Publishers) ආයතනයේ නිර්මාතෘ සහ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා සිරිසුමන ගොඩගේ ඉටුකළ මෙහෙවර අතිමහත්.
වසර ගණනාවක් පුරා ඔහු සිය ප්‍රකාශන ආයතනය මෙරට පාඨකයන් අතර විශ්වාසනීය නාමයක් බවට පත් කිරීමට සමත් වුණා.
විශාල වශයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කෘති ප්‍රකාශයට පත් කරමින් මෙරට ලේඛක ලේඛිකාවන් දිරිමත් කිරීමෙහිලා ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා
ඔහුගේ සේවය ඇගයීමට ලක්කරමින් 2003 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට දේශබන්දු ගෞරව නාමය පිරිනමා තිබුණා.