බෝතල් කළ පානීය ජලය, අපි නිතර නිතරම පානය කරන්නේ අපේ පහසුවටයි..
ඒ විතරක් නෙවෙයි එක වරක් භාවිත කරන්න තියන ඒ බෝතල් බොහෝ දෙනෙක් නැවත නැවත භාවිත කරන්නත් පෙළඹෙනවා..
ඒත් ඒ නිසා මෙන්න මේ වගේ අහිතකර ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන් කියලා ඔබ හිතුවද..? පිරිමි ඔබ මේ ගැන අනිවාර්‍යයෙන්ම දැනුවත් වෙන එක ගොඩක් වැදගත්..
එක්වරක් පමණක් භාවිතයට ගෙන ඉවතලන ලද ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයට ගැනීම හරහා පිරිමින් නිසරුභාවයට පත්වීමේ දැඩි අවධානමක් ඇති බවට අනාවරණය වී තිබෙනවා..
රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානි වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි පවසන ආකාරයට ප්ලාස්ටික් බෝතල් සූර්යාලෝකයට නිරාවරණය වී රත්වීමත් සමග ඒවායේ ඇති විෂ රසායන අංශූ එහි ඇති ජලයට එකතු වන බවයි..
එම විෂ රසායන අංශූ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනයට සමාන වන බැවින් පිරිමි පුද්ගලයකු දිගින් දිගටම එක්වරක් පමණක් භාවිතයට ගෙන ඉවතලන ලද ප්ලාස්ටික් බෝතල්වලින් ජලය පානය කිරීම හරහා ඔවුන් කාන්තා ලක්ෂණ පෙන්නුම් කරන බවද වෛද්‍යවරයා සඳහන් කළා...
එමෙන්ම කාන්තාවන්ගෙන් ගර්භිණී මව්වරුන්ට, කලළයට, අලුත උපන් දරුවන්ට මෙම රසායනය අනතුරුදායක වන අතර ඒ හරහා පිරිමින්ගේ දරුඵල ලැබීමේ හැකියාව අඩුවන්නටද මෙම රසායනය බලපාන බව වෛද්‍යවරයා සඳහන් කරනවා...
එම නිසා සෑම විටම ආහාර පාන ගැනීම සඳහා ප්ලාස්ටික් භාජන භාවිතයට නොගෙන වීදුරු, මැටි භාජන හෝ වෙනත් ආරක්‍ෂිත දෑ භාවිතයට ගැනීමට වග බලාගන්නා ලෙස වෛද්‍යවරයා පවසන්නේ..
අරුණ පුවත්පත ඇසුරෙන්..