ලංකාවේ ලස්සනම දුම්රිය මාර්ගයක ගමනක් යන්න හීන දැකපු ඔයාට මේ කියන්න හදන්නේ හුඟාක් සතුටු හිතෙන පුවතක් ගැනයි...
ඇල්ල ඔඩිසි නානුඔය, නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක කෙරෙනවා.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.
එල්ජින් දිය ඇල්ල සහ සමිටලෙවල් ප්‍රදේශයේ දර්ශනීය ස්ථානවලදී දුම්රිය මන්දගාමීව ගමන් කරන අතර ඉදල් ගස්ස්සින්න දුම්රිය ස්ථානය අසළ විනාඩි 06 ක් මෙන්ම ආරුක්කු නවයේ පාලම අසළ විනාඩි 10ක කාලයක් දුම්රිය නතර කර තැබීමටයි නියමිතව තිබෙන්නේ.
මෙම ඇල්ල ඔඩිසි නානුඔය දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සැම දිනකම 514 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිතයි.
මේ අතර පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙහි පළමු පන්තියේ වෙන්කළ ආසන රුපියල් 7,000ක්ද, දෙවන පංතියේ වෙන්කළ ආසන රුපියල් 6,000ක්ද තෙවන පංතියේ වෙන්කල ආසන රුපියල් 5,000ක්ද වන බවයි පැවසෙන්නේ.