මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. රක්තගත වාතය "රක්තවාතයයි.." මෙය බොහෝදෙනා පීඩාවට පත් කරවන රෝගයක්... ලවණ, අම්ල, කටුක, ක්ෂාර රස බහුල ආහාර අනුභවය මේ සඳහා හේතු වෙනවා.. ඒ නිසා කුපිත වූ වාතය ලෙයට එකතු වූ විට රක්තවාතය හට ගනී.. අප ගන්නා ආහාර පරිපාචනයෙන් පසු රස ධාතුව හෙවත් ඕජස බවට පත්ව ශරීරයේ ගෙවී යන කොටස් පෝෂණය කරයි..
ඉතිරි වන කොටස් රුධිරය මඟින් සිරුරෙහි සන්ධිස්ථාන කරා ගමන් කර, ක්ලේෂ්මල ධාරා කලා අතරට පැමිණ, රැස් වී රක්තවාතය නම් රෝග තත්ත්වය ඇති කරයි.. රක්තවාතයෙන් පෙළෙන්නන් මුල දී සඳහන් කළ ලවණ, අම්ල, කටුක, ක්ෂාර රස බහුල ආහාරවලට විරුද්ධ ආහාර ගත යුතුයි.. එසේ ම අධික චිත්තාවෙන් තොරව සතුටින් සිටිය යුතුය. ශරීර තත්ත්වය අනුව කිරි, පලතුරු, ලුණු අඩු ආහාර ලබාගත යුතුයි.. තෙල් කෑම සහ අල, බතල, කොස් මෙම රෝගීන්ට අගුණයි..
රක්තවාතයේ ලක්ෂණ ලෙස පාද දාහය, ඇඟපත රතුපැහැ වීම, බිබිළි මතු වීම, ඉදිමීම, ක්ලාන්තය, රුධිර පීඩනය, ආහාර අරුචිය, මහන්සිය ආදිය ඇති වෙනවා... රක්තවාතය පාරම්පරිකව ද ඇති විය හැකි අතර උෂ්ණ කාලවලදී මෙම රෝගය උත්සන්න විය හැකියි.. විශේෂයෙන්ම රක්තවාතයෙන් පෙළෙන රෝගීන්ට අධි රුධිර පීඩනය ද ඇති වෙනවා.. එබැවින් ඒ සියල්ල පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර දීම වැදගත් වෙනවා... මෙහිදී බෙලි දලු සහ නීරමුල්ලිය තම්බා බීමෙන් රුධිර පීඩනය අඩු වනු ඇතියි... මීට අමතරව රුධිර පීඩනය අඩු වන ප්‍රතිකාර ආයුර්වේදයේ තව බොහෝ සඳහන් වන අතර එම ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් සහ නිර්දේශ මත ලබාගත හැකියි..
රක්තවාතයට ප්‍රතිකාර ලබා දීමේදී වමන, විරේචන, සමන, ශිරා මෝක්ෂණ (රක්තවාත වැඩි වූ විට කූඩැල්ලන් ලවා අපිරිසිදු රුධිරය ඉවත් කර ප්‍රතිකාර කරන ක්‍රමය) වැනි ක්‍රම අනුගමනය කරයි... විරේචනයේ දී ත්‍රස්තවාලු, තිප්පිලි, දැත්ත මුල්, සාරණ මුල්, අරළු සහ නෙල්ලි යෙදූ කසාය ලබා දීමද සිදුකරනවා..
මීට අමතරව රක්තවාතයට ප්‍රතිකාර වශයෙන් ඉකිරි මුල් (නීරමුල්ලිය), රසකිඳ, ඉඟුරු කසාය ද බැබිල, රසකිඳ, කටු තම්පලා මුල්, හාතාවාරිය අල කසාය ද යොදා ගන්නවා.. අරළු, නෙල්ලි, රසකිඳ, කටු කරූෂණ, කොහොඹ පංචාංගය යන ඒවා චූර්ණ කර උදේ සවස පේයාව සේ දිය හැකියි.. හිසට නීල්‍යාධිය, සිද්ධාලේප වැනි තෙල් ගෑ හැකියි..
අන්තර්ජාලය ඇසුරෙන්..