ඉතාම පෝෂ්‍යදායී ආහාරවලින් එකක් ලෙස බිත්තර හඳුන්වන්න පුළුවන්. ප්‍රෝටීන් මෙන්ම යකඩ, ඛනිජ ලවණ සහ විටමින් කිහිපයක් සහ මේදයත් බිත්තරවල අඩංගු වෙනවා කියලා ඔබ දන්නවාද..?
මේ නිසාම දිනපතා බිත්තර ආහාරයට ගැනීම ඔබව සෞඛ්‍ය සම්පන්නව තැබීමට උපකාරී වන බව නවතම අධ්‍යයනවලින් පවා තහවුරු වෙලා තිබෙනවා. දිනපතා බිත්තර ආහාරයට ගැනීමේ වාසි මොනාද කියන කාරණයයි ....
බර අඩුවීම
බිත්තරයක් යනු ප්‍රෝටීන් සහ මේදයේ එකතුවක් සහිත ආහාරයක්.
දිනපතා පරිභෝජනය කරන විට එය ඔබව දිගු වේලාවක් බඩ පිරි ඇති ලෙසට තෘප්තිමත් කරනවා පමණක් නොව ඔබේ බර අඩු කර ගැනීමටද උපකාරීවනවා.
ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීම
බිත්තරයක් යනු ඔබේ දවස ආරම්භ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා දෙන මිල අඩු ආහාර වලින් එකක් වගේම එය පහසුවෙන් සාදා ගන්නත් පුළුවන්. බිත්තර කහ මදය තුළ විටමින් ඩී අඩංගු වන අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝගවලින්ද ඉක්මනින් සුවය ලබා ගත හැකියි. ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය විවිධ ඛනිජ ලවණ සහ විටමින් එහි අඩංගු බැවින් එය හොඳ ප්‍රතිශක්තිකරණයක් ශරීරයේ ගොඩනගනවා.
පරිකල්පන ශක්තිය වැඩිදියුණු කරයි
බිත්තර දිනපතා ආහාරයට ගන්නා විට මතක ශක්තිය වැඩිදියුණු වනවා. ඒ බිත්තර සතුව මනසට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු වීම හේතුවෙන්. මෙම පෝෂ්‍ය පදාර්ථ පුද්ගලයෙකුගේ මනෝභාවය සහ මතකය වැඩිදියුණු කරනවා. කාන්තාවකගේ දෛනික නිර්දේශිත කොලීන් අගයෙන් සියයට 26 ක් බිත්තරයක අඩංගු බව ද පැවසේ...
අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලය කිරීම
සිරුරට හිතකර නොවන කොලෙස්ටරෝල් පාලනය කරමින් සිරුරට හිතකර කොලෙස්ටරෝල් නිපදවීමේ හැකියාව බිත්තර සතු විශ්මිත ගුණයක්. එමෙන්ම හදවත් රෝග ඇති වීමද බිත්තර ආහාරයට ගැනීම නිසා අවම වනවා.
සම සෞඛ්‍ය සම්පන්න කරයි
සම නීරෝගිව ලස්සනට තියාගන්න අපි හැමෝම කැමතියි නේද? බිත්තරවලට සම නිරෝගී කරන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද ? සෙලේනියම් සමේ සෞඛ්‍යයේ වැදගත් අංගයක් වන අතර බිත්තර සතුව එම පෝෂණ ගුණය බහුලව පවතිනවා. ඔබ දිනපතා බිත්තරයක් අනුභව කරන විට, එය ඔබේ සම පෝෂණය කරන අතර එය නිරෝගීව තබා ගැනීමටද බෙහෙවින් උපකාරී වනවා.
ඔබත් ඔබේ දෛනික ආහාර වේලට බිත්තර එක් කර ගන්න. එය ඔබව නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් කරා මග කියාවි.... මෙතරම් විශ්මිත ගුණ රැසක් තිබෙන බිත්තරයක් දිනපතා ඔබේ කෑම වේලට එකතුකර ගන්න අමතක කරන්න එපා...
අන්තර්ජාලය ඇසුරෙන්..