Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
02
පුංචි පැටියාගේ කකුල් බකල් ද..? ඔයත් මේ ගැන වද වෙන අම්මා කෙනෙක් නම් හරියටම ඒ ගැන දැනුවත් වෙමු..

- පුංචි පැටියාගේ කකුල් බකල් ද..? ඔයත් මේ ගැන වද වෙන අම්මා කෙනෙක් නම් හරියටම ඒ ගැන දැනුවත් වෙමු..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
ඔබත් මේ ගැන දුක්වෙන මවක්ද..? නැතිනම් ඔබේ දරුවාටත් මෙහෙම වෙයි කියලා බයෙන්ද ඉන්නේ..

එහෙනම් මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වේවි.. 

කුඩා දරුවන්ට ඇති වන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි තත්ත්වයක් වශයෙන් කකුල් බකල්වීම හැඳින්විය හැකියි... වෛද්‍ය විද්‍යාත්මකව මෙය ජිනු වේරම් ලෙස හැඳින්වෙනවා... මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදු කළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මවුවරු දැනුම්වත්වීම ඉතා වැදගත්..

බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය උපතේදීම දැකිය හැකියි... එහෙත් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වූ පසු ස්වාභාවිකවම මෙම තත්ත්වය මගහැරී යන අවස්ථා ද දැකිය හැකියි... එහෙයින් වෛද්‍ය මතය වන්නේ දරුවන්ගේ මෙම බකල් ස්වභාවයට අවුරුදු දෙකක් යනතුරු ප්‍රතිකාර නොකළ යුතුය යන්නයි..

එහෙත් වර්තමානයේ මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී මීට මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර කිරීමේන් බකල්වීමේ ප්‍රවණතාව අවම කරගත හැකියි..

කකුල් බකල්වන ප්‍රධාන හේතුව

පාදවල ඇතිවන බකල් තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ දරුවන් ස්වෝත්සහයෙන් නැඟී සිටීමට ප්‍රථමයෙන් මවුපියන් විසින් දරුවන් නැඟිටුවා තැබීමට උත්සාහ දැරීමයි. එහිදී ස්වාභාවිකව සිදු විය යුතු මෙම ක්‍රියාව ආයාසයෙන් සිදු වීම නිසා පාදවල බකලතාව ඇති වෙනවා..

එමෙන්ම මේ තත්ත්වය අධික බරින් යුක්ත දරුවන්ගෙන්ද දිස් වෙනවා.. බොහෝ විට කුඩා අවධියේදී නිසි ප්‍රමාණයට වඩා බර වැඩි දරුවන්ගේ බර, පාදවලට දරා ගැනීමට අපහසුවීම නිසා මෙම තත්ත්වය ඇති වෙනවා.. මීට අමතරව ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශිවල දුර්වලතා ආදී තත්ත්වයන්ද මේ සඳහා හේතු වන්නට පුලුවන්...

නිසි වයසට පෙර ඇවිදවීමේ උපකරණවල තබන්න එපා

එමෙන්ම යම් දරුවකු නිසි වයසට පෙර සිටගන්නා අවස්ථාවලදී මෙන්ම දරුවන් ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම නිසාද මෙවැනි බකල තත්ත්වයක් ඇති විය හැකියි.. එමෙන්ම ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය නිසා ද මෙම පාද බකලතාව හෙවත් ජිනු වේරම් (genu verum) තත්ත්වය ඇතිවෙනවා.. පාද බකලතාව හෙවත් ජිනු වේරම් රෝගය නිවැරදි කර ගැනීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර යොදාගත හැකියි...

පෝෂණ ඌනතාවත් බලපායි

මෙම රෝගය සඳහා ප්‍රතිකාර සිදු කිරීමට පෙර මූලික වශයෙන් දරුවාට ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පිළිබඳව සනාථ කරගත යුතුයි... එමෙන්ම දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් නිසා මෙම තත්ත්වය ඇති වී දැයි යන්න සොයා බැලිය යුතුයි.. බොහෝ විට සීරම් කැල්සියම් මට්ටම මෙහිදී බලපායි.. එහෙයින් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර ඒ තත්ත්වයට මූලික හේතුව සොයා බැලීම වැදගත් වෙනවා...

ප්‍රතිකාර

මෙම ප්‍රතිකාර සිදු කිරීමේදී පේශි ශක්තිමත් කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කෙරේ. එහිදී විශේෂයෙන්ම පාදයේ Quadricep පේශි ශක්තිමත් කිරීමට කටයුතු කරයි.. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථිවලට යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි.. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම කළ හැකිය. ඒ සඳහා කළ හැකි ව්‍යායාම කිහිපයක් හඳුනාගත හැකියි..

එනම්, ග්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලු කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස් වීම මේ සඳහා සිදු කළ හැකි එක් ප්‍රතිකර්මයක්..

මෙහිදී පාදයේ මාංශ පේශි ශක්තිමත් වෙනවා... මෙමඟින් අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථාතත්ත්වයට පත් වෙනවා... මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග්‍රෑම් 50කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුයි...

ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථාතත්ත්වයට පත් වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතිය ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණවලින් වැඩි කිරීම කළ යුතුයි... එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වෙනවා.. එහිදීද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වෙනවා...

ව්‍යායාම

ට්‍රයිසිකල් පැදීමට යොමු කිරීම, තරප්පු නැඟීම ආදියද මෙහිදී සිදු කළ හැකි තවත් ව්‍යායාම කිහිපයක්.. එමෙන්ම මෙම තත්ත්වයේදී දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඩ් ස්පලින්ට් (Murmaid splint) හෝ මිඩියල් ස්පිලින්ට් (Medial Splint) යෙදීම කළ හැකිය. දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදු කළ හැකි අතර මෙය පැය 5ක් 6ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුයි... යම් හෙයකින් පතුරු බැඳීමේදී තද වැඩි වුව හොත් රුධිර ගමනාමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැ වී, සීතල වී ඉදිමිය හැකියි.. එහෙයින් එලෙස පතුරු බඳින ලද අවස්ථාවලදී දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වෙනවා..

එවැනි තත්ත්වයක් දුටු වහාම පතුරු ලිහිල් කිරීම කළ යුතුයි.. දරුවාගේ ආබාධය යහපත් තත්ත්වයට පත් වී ඇති බව නිවසේදීම මැන ගත හැකි ක්‍රමයක් නම් දරුවාගේ වළලු කර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර දුර ප්‍රතිකාර කරන අතරතුර මැනීමයි.. ප්‍රතිකාර කිරීමේදී දරුවාගේ දණහිස් අතර පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇත්නම් දරුවා යථාතත්ත්වයට පත්ව ඇති බව නිගමනය කළ හැකියි..



ලංකාදීප පුවත්පත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top