කොළඹ අවට ප්‍රදේශ රැසකට බිද වැටුණු ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් පැය 8කට ආසන්න කාලයක් ගත වනු ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
මෙම නළ මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල ජල සම්පාදන මධ්‍යස්ථානය දක්වා ජලය සපයන ප්‍රධාන නළයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනු ලැබුවා. අධික පීඩන මෙම ජල නළය පිපිරී යාමට හේතු වී තිබෙනවා.
ඒ අනුව දෙහිවල - ගල්කිස්ස මහ නගර සභා බල සීමාව, වැල්ලවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරුළපන, පාමංකඩ, හැව්ලොක් යන ප්‍රදේශවලට ජල සැපයුම විසන්ධි කිරීමටයි ජල සම්පාදනය මණ්ඩලය පියවර ගත්තා.
ඊට අමතරව පැලවත්ත, ජයන්තිපුර, මුල්ලේරියාව, අඹතලේ සහ කොහිලවත්ත යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ලැබුවා.