මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමයින් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ කළ උපවාසය අද දහවල් අවසන් කෙරුණා.
ඒ අදාළ ළමයින් මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරගන්නා බවට විදුහල්පතිවරයා ලබාදුන් පොරොන්දුවක් මතයි.
මේ අතර, උපවාසයේ නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සදහා මීගහතැන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන්.
මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු දෙමාපියන් පිරිසක් මෙම උපවාසය ආරම්භ කළේ පසුගිය සදුදායි.