කාමාතුරයන්ගේ ගොඳුරු බවට පත්වන තරුණියන් හා කුඩා ළමුන් ගැන අපිට හැමතැනින්ම වගේ අහන්න දකින්න ලැබෙනවා.
එම සිද්ධි මුල්කරගෙන ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිදුවෙන අවස්ථා ගැනත් වාර්තා වෙනවා.
ඒ විදිහේ අවාසනාවන්ත සිද්ධියක් ගැන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වුණා. අවුරුදු 17 ක දැරියක් කාමාතුරයින් පස්දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කර තිබෙනවා.
මෙම දැරිය දූෂණය කිරීමෙන් පසුව විකෘති ආශාවන්ගෙන් පෙලුනු ඔවුන් ඇයට කෲර වද හිංසා ලබාදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
විවිධ වදහිංසා කරමින් ඇය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී ඇයව පාලු පෙදෙසක දමා කාමාතුරයින් පස්දෙනා පලාගොස් තිබෙනවා.
මෙම දැරියගේ ලිංගික අවයවන්ට හා අභ්‍යන්තර ඉන්ද්‍රයන්ට දැඩි හානි සිදුව ඇති බවත් ඇය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.
දැරියගේ තත්ත්වය බරපතල බවයි විදෙස් තොරතුරු සේවා සඳහන් කරන්නේ.