Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
04
ඇත්තටම මේ චාරිත්‍ර අපි ඉටුකරන්නේ ඇයි..? පුරුද්දට වගේ කරන අවුරුදු චාරිත්‍ර ඒ විදිහට යෙදෙන්නේ ඇයි දන්නවාද..?

- ඇත්තටම මේ චාරිත්‍ර අපි ඉටුකරන්නේ ඇයි..? පුරුද්දට වගේ කරන අවුරුදු චාරිත්‍ර ඒ විදිහට යෙදෙන්නේ ඇයි දන්නවාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

හැමදේම සුබ කරගන්න කියලා හිතාගෙන බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන අවුරුදු චාරිත්‍ර මේ විදිහය ඉටු කරන්නේ ඇයි කියලා ඔබ දැනගෙන හිටියාද..? 


සිංහල ජන සම්ප්‍රදායෙන් පෝෂණය වූ ලාංකිකයා ඉර, සඳ, මහපොළොව, ගස්‌ වැල්, ජලය, වර්ෂාව, සුළඟ ආදී ස්‌වභාවික වස්‌තූන් හා සංසිද්ධි සමග පවත්වනු ලැබූවේ සමීප සම්බන්ධතාවක්.. ගැමියන් සොබා දහම පිළිබඳ පැවති විශ්වාසය නිසා පූජනීයත්වයෙන් හා ගෞරවනීයව පරිසරය සමග ගනුදෙනු කලා.. ඒ අනුව ස්‌වකීය ජීවන චර්යා සකස් කර ගැනුණා.. එහිදී ගැමියෝ ස්‌වකීය අවශ්‍යතා අනුව පාරිසරික සාධක වෙනසට බඳුන් කිරීමට වඩා පාරිසරික සාධක හමුවේ ස්‌වකීය ජීවන ක්‍රම හැඩගස්‌වා ගැනීම සිදුකළා..

සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ පවතින විවිධ වූ අරුත් දැක්‌වීම් හා මතවාද දැකගත හැකි ය.සිංහල භාෂවේ ‘අවුර්’ යනු සූර්යයාට නමක්.. ‘ඉද්ද’ යන්නේ ‘සෘජු, කෙලින්’ යන අර්ථය හැඟවෙනවා... එබැවින් සූර්යයා සෘජුව පිහිටීම ‘අවුරුද්ද’ යන්නෙහි අර්ථය බව එක්‌ මතයක්... සිංහල මාස ක්‍රමය අනුව ‘බක්‌’ මාසය ලෙස හැඳින් වූයේ අවුරුද්ද සමරන ‘අප්‍රේල් මාසය’ යි.. මෙම කාලය අස්‌වනු නෙළාගෙන, අටුකොටු පුරවා ගැනීමෙන් පසුව එළඹෙන නිසා ‘භාග්‍යවන්ත’ යන අර්ථයෙන් ‘බක්‌ මාසය’ ලෙස හැඳින්විණ. එසේම අවුරුදු කුමාරයා හැඳින් වූ ‘භාග’ යන නාමයෙන්.. මේ නිසා ද අප්‍රේල් මාසය බක්‌ මාසය ලෙස නම් කළ බව ද දක්‌වයි. නුවරකලාවිය ප්‍රදේශයේ අවුරුදු උත්සවය හැඳින්වූයේ ‘කෝණ මංගල්ලේ’ යනුවෙන්.. ‘කෝණ’ යනුවෙන් හැඳින් වූයේ රාශි චක්‍රයේ ‘කොණ’ හෙවත් අවසාන රාශිය (මීන රාශිය) යි. එසේම කෝණම යනු ඇඳුම හැඳින් වූ නාමයක්... අලුත් ඇඳුම් අඳින මංගල්‍යය ‘කෝණ මංගල්‍ය’ වූ බව ද ඇතැම්හු පෙන්වාදෙනවා..

ජ්‍යොතිෂය චක්‍රය අනුව පෘථීවිය මේෂ රාශියේ සිට මීන රාශිය දක්‌වා රාශි දොළහක්‌ පරිභ්‍රමණය වීම වසරක අවසානය යි. හිරු මේෂ රාශියට පැමිණීමෙන් පසුව පළමුව පෘථීවිය මතට වැටෙන හිරුගේ ආලෝකයත් සමග අලුත් අවුරුදු උදාව සිදු වෙනවා.. මෙම සිදුවීම සෑම වසරක ම අප්‍රේල් 13 දිනත් 14 දිනත් අතර කාලයේ සිදුවෙනවා.. සූර්යය උදාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සංස්‌කෘතික උත්සවය ‘සූර්ය මංගල්‍යය’ ලෙස ද හැඳින්වෙනවා.

ලොව සියලුම ජීවි අජීවි වස්‌තුවල පැවැත්ම පාලනය වන්නේ සූර්යය ශක්‌තියේ බලයෙන්... සූර්යයා සතු මෙම හැකියාව පිළිබඳ විද්‍යාවෙන් තහවුරු කිරීමට පෙර හිරු එළියට සොබාදහම පාලනය කළ හැකි බව පැරැන්නෝ දැන සිටියා... මේ නිසා අදෘශ්‍යමාන බලවේගයක්‌ යෑයි සිතා ‘සූර්යය නමස්‌කාරය’ සිදුකළ බව පෙනේ..

අලුත් අවුරුදු චාරිත්‍ර

අලුත් අවුරුදු උදාවත් සමඟ සිදු කරනු ලබන සියලු කාර්යයන් ඉටු කරන්නේ සුබ මුහුර්තයෙනි. එම සුබ මුහුර්තය ‘නැකැත් වේලාව’ ලෙස හැඳින්වේ. ‘නැකත’ යනුවෙන් හැඳින් වූයේ ‘යම් කාර්යයක්‌ ඉටු කිරීම යහපත් වූ සුබ වේලාවයි’. සිංහල ජනසම්ප්‍රදාය අනුව අලුත් අවුරුදු උදාවත් සමග ඉටු කරන සියලු කාර්යය සුබ වේලාවක්‌ අනුව ආරම්භ කරනවා... මේ අනුව සිංහල අලුත් අවුරුද්දේ නැකත් වේලාව අනුගමනය කරමින් ඉටු කරන පිළිවෙත් අවුරුදු සිරිත්විරිත් ලෙස හැඳින්වෙනවා..

සිංහල ජනසම්ප්‍රදාය අනුව නැකැත්රාළ නැකැත් වේලාව සකස්‌ කරනවා... බක්‌ මාසය උදාවීමත් සමග පළමු කාර්යය වන්නේ නැකැත්රාළ හමු වී ඔහුට දැකුම් පිළිගන්වා නැකැත් වේලාවන් දැනගැනීමයි.. එය ‘අවුරුදු සීට්‌ටුව’ හෙවත් ‘නැකැත් සීට්ටුව’ වශයෙන් හැඳින්වෙනවා.. මෙය ලිත සටහනක් වන අතර නව අවුරුද්දේ අනුගමනය කළ යුතු පිළිවෙත් සියල්ල එහි සටහන් කර තිබෙනවා... මෙම පිළිවෙත් ‘අලුත් අවුරුදු චාරිත්‍ර’ වශයෙන් හැඳින් විය. ඒ අනුව අලුත් අවුරුද්දක් උදාවීමේ දී ඉටු කරන චාරිත්‍ර ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා..

පරණ අවුරුද්දේ ඉටු කරන සිරිත් විරිත් හා ආචාරධර්ම
අලුත් අවුරුද්දේ ඉටු කරන සිරිත් විරිත් හා ආචාරධර්ම

මහ කන්නය නිමාව හා ගොවියන්ගේ අටුකොටු පිරියැමත් සමග අලුත් අවුරුද්ද උදාවෙනවා... මේ නිසා නව අවුරුද්ද පිළිගැනීමට ගැමියා කල්වේලා සහිතව සූදානම්වෙනවා... එය ‘සූදානම් වීමේ නැකැත්’ ලෙස හැඳින්වෙනවා.. එහි ප්‍රතිඵලයක් ලෙස පරණ අවුරුද්දේ සිරිත්විරිත් ඉටු කෙරිණා.. සිංහල ජනසම්ප්‍රදායේ පරණ අවුරුද්දේ ඉටු කරන චාරිත්‍ර ලෙස නව සඳ බැලීම, කුණු මුත්තා පිදීම, පරණ අවුරුද්ද සඳහා ස්‌නානය යනාදිය දැක්‌විය හැකියි..

අලුත් අවුරුද්දේ ඉටු කරන සිරිත්විරිත් හා ආචාරධර්ම

මෙහිදී අලුත් අවුරුදු උදාව හෙවත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශිය පැමිණීමෙන් පසුව එලඹෙන කාලයේ ඉටු කරන චාරිත්‍ර කිහිපයක්... මෙහිදී පුණ්‍ය කාලය, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා හිසතෙල් ගෑම, රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම පෙන්වාදිය හැකියි..

නොනගතය හෙවත් පුණ්‍ය කාලය

අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල ආගමික සම්බන්ධතාව කැපී පෙනෙන්නකි. නො-නැකත හෙවත් ‘නැකැත් නොමැති’ කාලය නොනගතය ලෙස හැඳින්විණ. සිංහල ජනසම්ප්‍රදායේ ඕනෑම සුබ කාර්යයක්‌ ඉටු කිරීමේදී සුබ වේලාවක්‌ යොදාගැනුණි. මෙහිදී සූර්යයා රාශි චක්‍රයේ අවසාන රාශියේ සිට නව රාශියකට ගමන් කරන කාලය නැකැත් නොමැති කාලයක්‌ ලෙස හඳුන්වයි. මෙම කාලයේ දී දෙවියන්ගේ පිහිට හා ආරක්‍ෂාව නොලැබෙන බැවින් මනුෂ්‍යයන්ගේ ආරක්‍ෂාව සඳහා පින්දහම් ඉටුකළ යුතු බව ගැමියන්ගේ විශ්වාසය යි. මෙම කාලයේ දී ආගමානුකූල පිළිවෙත් ඉටුකරමින් පුණ්‍ය කටයුතුවල පමණක්‌ නිරතවීම නිසා මේ සමය පුණ්‍ය කාලය යෑයි ව්‍යවහාර කරයි. පුණ්‍ය කාලයේ දී සියලුදෙනා විහාරස්‌ථානයට ගොස්‌ තෙරුවන් වඳිති. නව වසරට තෙරුවන්ගේ ආශිර්වාදය ලබාගැනීම මෙම සිරිත ඉටුකිරීමේ පරමාර්ථය යි.

සිංහල ජනසම්ප්‍රදායේ පෙන්වාදෙන උදාර ලක්‍ෂණයක්‌ වන්නේ, සාමූහිකත්වය හා සහජීවනය යි. ඒ සඳහා අවශ්‍ය සමඟිය, සුහදත්වය පිළිබිඹු කිරීමේ මූලික පියවර තබන්නේ පුණ්‍ය කාලයේදී ය. අලුත් අවුරුදු ආහාර මේසය සඳහා පිළියෙල කළ කැවිලි වර්ග විහාරස්‌ථානය වෙත ගෙනයැම ද මේ කාලයේ දී සිදුවේ.

ලිප් ගිනි දැල්වීම හා ආහාර පිසීම

අලුත් අවුරුද්දේ නොනගත කාලය උදාවීමත් සමග ලිප ගිනි නිවා දැමීමේ චාරිත්‍රයක්‌ පවතියි. නොනගතය උදාවෙත් ම නිවසේ ගිනි දැල් වී නොතිබිය යුතු යි. නොනගතයේ දී නිවා දමන ලිප ගිනි දල්වන්නේ අවුරුදු නැකතට අනුවය.

නැකැත් සීට්‌ටුව අනුව සිංහල අලුත් අවුරුද්දේ පළමුව ඉටු කරන සිරිත වන්නේ තෙල්වළං ළිප තැබීමයි. උදාවන නැකත අනුව සුබ දිශාව බලා ලිප් ගිනි මොළවා තෙලෙන් කැවුමක්‌ බැඳ ගැනීම සිදුකරයි. මෙහිදී ගැමියන්ගේ නිරෝගී දිවිපැවැත්ම හා කාය ශක්‌තිය කෙරෙහි බලපාන්නා වූ ආහාර පිසගැනීම ගෞරව පෙරදැරිව සිදුකරයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

නිවසේ ගෘහ මූලිකයා හා ගෘහනිය වැඩ ඇල්ලීමට ප්‍රථම කිරි ගසක අත්ත කපා ඉන් නැගෙන කිරි දෙස බැලීමේ චාරිත්‍රයක්‌ පවතියි. වැඩ ඇල්ලීමේ චාරිත්‍රයේ දී ඒ ඒ පුද්ගලයින්ගේ සමාජ තත්ත්වය අනුව වැඩඇල්ලීම සිදුකරයි. ගොවිහූ වැඩ අල්ලන නැකතේ දී උදැල්ලේ පස්‌ පිඩක්‌ කපා දෙහි, නාරන්, දොඩම් ආදී පැඟිරි ශාකයක්‌ සිටුවති. වැඩ ඇල්ලීමේ දී කුඩා දරුවෝ පැන්සලක්‌ ගෙන අකුරු ලිවීම හෝ පොතක්‌ කියවීම සිදු කරති.

වැඩ ඇල්ලීමෙන් පසුව සිදු කරන්නේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය යි. ඉන් අදහස්‌ වනුයේ යම් ක්‍රියාවක නිරත වීමෙන් තමන් උපයා ගනු ලැබූ යම් දෙයක්‌ වේද එය ගෞරවාන්විතව හා කෘතවේදීව බෙදාහදා ගැනීමයි. එම චාරිත්‍රය ඉටු කිරීමේ දී ජීවඅජීව සියලු වස්‌තු දායක කර ගැනීම විශේෂත්වයකි. මෙම ගනුදෙනු කිරීමේ චාරිත්‍රය ඉටු කරනු ලබන ආකාරය විමසීමේ දී, ජීවිතයේ විවිධ වූ කාර්යයන් ඉටු කරදීම වෙනුවෙන් සියලු ජීවී අජීවී වස්‌තු සදහා කෘතගුණ දැක්‌වීමක්‌ වශයෙන් ද මෙය හැඳින්විය හැකි ය.

ගනුදෙනු කිරීමේ චාරිත්‍රයේ දී නිවසේ ජලය ලබා ගන්නා ‘ළිඳ’ වෙත ගොස්‌ සුබ දිශාවට මුහුණ ලා ළිඳට මල්, අගුරු හා ඖෂධීය ශාක අතු කැබලි කිහිපයක්‌ දමා වතුර කළයක්‌ පුරවා ගැනීම සබරගමු ප්‍රදේශයේ අනුගමනය කරයි. නුවරකලාවිය හා සත්කෝරලයේ ගැමියන් පරණ අවුරුද්දේ ස්‌නානයෙන් පසුව ළිඳෙන් ගත් පැන් කළයක්‌ ප්‍රවේශම් කොට තබා ළිඳ සමග ගනුදෙනු කිරීමේ දී එම ජලය ළිඳට දමා අලුත් වතුර කළයක්‌ පුරවා ගනියි. එහිදී ළිඳට තඹ කාසියක්‌ දැමීම සිදුකරයි. ඇතැම්හු මේ සමග අඟුරු හා මල් ස්‌වල්පයක්‌ ද ළිඳට දමති.

මීට අමතරව වැව්ගම්මානවල පවතින විශ්වාසය අනුව ගනුදෙනු කිරීමේ දී අත්වාසිය ඇති වැඩිහිටි පුද්ගලයෙකුගේ අතට බුලත් කොළයක මුදල් තබා දී වැඳීම සිදුකරයි. එවිට එම වැඩිහිටි පුද්ගලයා විසින් බුලත් කොළයක්‌ මත තමාට ලැබුණ මුදලට වඩා වැඩි මුදලක්‌ තබා එම පුද්ගලයාට ලබාදෙයි. මෙම චාරිත්‍රය මුදල හා බැඳුණ සශ්‍රීකත්වය පදනම් කරගනිමින් සිදුකරයි. කුඩා දරුවන් බුලත් දී තම මව්පියන් ඇතුළු වැඩිහිටියන්ට ආචාර කළ විට වැඩිහිටියන් විසින් මුදල් තැබූ බුලත් කොළයක්‌ දරුවා වෙත ප්‍රදානය කරනු ලබයි.

වැඩ අල්ලා ගනුදෙනු කිරීමේ දී නිවසේ ගෘහ මූලිකයා විසින් අවුරුදු මේසයේ ඇති කිරිබත් පිඩක්‌ ගෙන නිවසේ සියලුදෙනාට කැවීම සිරිතයි. අවුරුදු මේසය වටා ආහාර අනුභවයට ඒකරාශි වන්නේ ‘කුඩා පවුලක්‌’ නොවේ. එහිදී පරම්පරා තුනක පමණ ඥාතීත්වයක්‌ ඇති සාමාජිකයන් කෑම මේසය වටා ඒකරාශි වේ. මේ නිසා වැඩිහිටි බව කෙරෙහි ඇතිවන ගෞරවනීය ආකල්පයත් සමග අවුරුදු කෑම මේසය ඉඳුල් කිරීම සිදු වේ.

මෙය ආහාර ගැනීමේ චාරිත්‍රයෙන් ඔබ්බට ගිය සමාජ මනෝවිද්‍යාත්මක දර්ශනයකින් සමන්විත වූවකි. මෙහිදී වැඩිහිටියන්ට ගෞරව කරන සමාජ සම්බන්ධතා ඇති වේ. මෙය ජනසම්ප්‍රදායේ මානව හිතවාදී ලක්‍ෂණ ශක්‌තිමත් කිරීමට හේතු වේ. ඒ අනුව පවුල මගින් සමාජ විරෝධි චර්යාවලින් තොරව සමාජය මෙහෙයවීමේ හා පාලනය කිරීමේ හැකියාව ගොඩනැංවිණ.

ගැමියන් අවුරුදු කෑම මේසයේ පොල්තෙල් පහනක්‌ දැල්වීමෙන් පසුව ආහාර අනුභවය ආරම්භ කරයි. අවුරුදු කෑම මේසයේ සකස්‌ වන සෑම කැවිලි වර්ගයකින් ම වෙන් කරගත් කොටසක්‌ බුදුරජාණන් වහන්සේට පූජා කිරීමත්, දෙවියන් සඳහා නිවස ඉදිරියේ පහන් දැල්වූ මල්පැලේ වෙන්කර තැබීමත් සිදුකරයි. නුවර ප්‍රදේශයේ ගෘහාශ්‍රිතව සකසා ගනු ලබන මල් පැලෙහි දළදා වහන්සේ හා සිව් මහාදේවාල භාර දෙවියන් වෙනුවෙන් ආහාර පූජා කරයි.

රුහුණු ප්‍රදේශයේ ආහාර අනුභවයට පෙර ‘කෝදුරු දානය’ දීම නමින් සිරිතක්‌ ඉටුකරයි. එහිදී අලුත් අවුරුද්දේ පිසින ලද ආහාර වර්ගවලින් ස්‌වල්පයක්‌ ආහාර අනුභවයට පෙර කුඩා ගොටු සතරකට දමා නිවසේ මුළු හතරේ යට ලී අසල බිත්තිය උඩ තබයි.

අවුරුදු උදාව හා අවුරුදු ක්‍රීඩා

සිංහල අවුරුද්ද උදාවීම හා චාරිත්‍ර ඉටු කළ යුතු සුබ වේලාව පිළිබඳ ගම්වැසියන්ට දැනුම් දෙන්නේ ශබ්ද සන්නිවේදනය මගිනි. ‘උණ වෙඩිල්ල’, ‘රබන් වැයීම’, ‘බීරංග’ පත්තු කිරීම අලුත් අවුරුදු ශබ්ද සන්නිවේදන මෙවලම් වශයෙන් භාවිත කළ බව පෙනී යයි. එසේම සිංහල අවුරුද්ද පැමිණීම පිළිබඳ ගැමියන්ගේ ප්‍රහර්ෂය ඉදිරිපත් කිරීමට ඉටු කරන ශබ්ද පූජාවක්‌ ලෙස මෙම කාර්යන්හි නියෑලේ. නොනගත අවස්‌ථාවේ දී මෙම ශබ්ද පූජා පැවැත්වීම ජනසම්මත තහංචියකි.

අලුත් අවුරුදු ක්‍රීඩා සිංහල ජනසමාජයේ පුද්ගලයින්ගේ කායික මානසික ශක්‌තීන් වර්ධනය කිරීමට හේතුවිය. එසේම එම ක්‍රීඩා මගින් විනෝදාස්‌වාදය ඇති කිරීම නිසා සමාජයේ අන්තර් සම්බන්ධතා ගොඩනැගීමට මෙන් ම සමාජය එක්‌ අදහසක්‌ වෙනුවෙන් සංවිධානය කිරීමට හේතුවිය. සංවිධාන ශක්‌තිය නිර්මාණය කළ අවුරුදු ක්‍රීඩාව මගින් ජනසම්ප්‍රදායේ සාමූහිකත්වය ගොඩනැංවිණ. එමගින් ගැමියන් තුළ වසර පුරා ජනසම්ප්‍රදායේ කටයුතු එකම අදහසකින් කටයුතු කළ හැකි ආධ්‍යාත්මික ශක්‌තියක්‌ වර්ධනය වේ. ගැමියන්ගේ සම්බන්ධතා මගින් කටයුතු සැලසුම් කිරීම, මෙහෙයවීම, පාලනය කිරීම සිදුකෙරිණි.

හිසතෙල් ගෑම හා ස්‌නානය

මෙම චාරිත්‍රය මගින් නිරෝගිභාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සිදුකරයි. වැව්ගම්මානයක හිසතෙල් ගැල්වීම සිදුකරන්නේ ගමේ විහාරස්‌ථානයේ දී ය. එහිදී හිසට සහ පයට ඖෂධීය ශාකමය ද්‍රව්‍ය සහිත වියනක්‌ සකස්‌ කර එහි හිඳිමින් හිසතෙල් ගල්වයි. හිසතෙල් ගෑමේදී ශාකමය ද්‍රව්‍යවලින් (ගස්‌වල පොතු, මුල්, කොළ, මල් හා ගෙඩි) සාදාගත් නානු සුබ දිශාව බලා හිස ගල්වයි. එහිදී තෙල් හිසගැල්වීම සිදු කරනු ලබන්නේ වෙදාණන් හෝ පන්සලේ හාමුදුරුවන් විසිනි. අලුත් අවුරුද්ද උදාවීමත් සමග නානු ගා සිදුකරන ප්‍රථම ස්‌නානය වන බැවින් එය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඉටුකරයි. නව වසරේ ජනතාව ඇතුළු සියලු සත්ත්වයන්ගේ නිරෝගී බව ආරක්‍ෂා කරගැනීමත්, රෝගී ස්‌වභාව ඇත්නම් ඒවා පහකර ගැනීමත් මුල්කර ගනිමින් හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරයි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම

සිංහල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයෙන් අනතුරුව එලඹෙන්නේ නැකතට අනුව රැකිරක්‌ෂා සඳහා පිටත්ව යැමයි. වැව් ගම්මානයක ගැමියන්ගේ ජීවනෝපාය වූයේ ගොවිතැනයි. සාමූහිකත්වයෙන් නිර්මාණ වී තිබෙන ගොවිතැන සඳහා නියමිත වේලාවෙහි නිරත නොවුණහොත් එමගින් අපේක්‍ෂිත අස්‌වැන්න ලබාගත නොහැකි බව ගැමියෝ දැන සිටියහ. මේ නිසා රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාමේදී වැව් ගම්මානයක ගැමියන් ස්‌වකීය ගොවිතැන් සඳහා නිරත වීම අලුත් අවුරුදු චාරිත්‍රයක්‌ ලෙස ඉටුකෙරිණි. නැකතට අනුව සුබ දිශාව බලා ගමන් ආරම්භ කිරීමේදී දිය පිරුණු කළ රැගෙන ඉදිරියට ඒම සිරිතකි. මෙම චාරිත්‍රය ඉටුකරනු ලබන්නේ යුවතියක්‌, ගැබ්බර මවක්‌ හෝ කිරිදෙන මවක විසිනි.

අවුරුදු චාරිත්‍ර ඉටු කළ නැකැත් ක්‍රම මගින් සාමූහික වශයෙන් කාලය හා අවකාශය මනා ලෙස භාවිත කිරීම සැලසුම් ඉදිරිපත් කෙරිණි. අලුත් අවුරුදු චාරිත්‍රවාරිත්‍ර මගින් ඉටු කළ කුණුමුත්තා පිදීම, ස්‌නානය, වන්දනා කිරීම, කිරි ඉතිරවීම, අනුභව කිරීම, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, හිසතෙල්ගෑම යනාදී කාර්යයන් පුද්ගලයාගේ ජීවිතය සමග බැඳුණු කායික, මානසික පාරිශුද්ධිය, සහනශීලීත්වය මෙන් ම අන්‍යොන්‍ය ගෞරවනීයත්වය, කෘතගුණ දැක්‌වීම වැනි ගුණාත්මක ගතිලක්‍ෂණ වර්ධනය කිරීමට සමත්විය. ආහාර බෙදාහදා ගැනීම, ආශිර්වාද කිරීම, බුලත් හුරුළු දී වැඳීම, ජන ක්‍රීඩාවල නිරත වීම, කවි ගී කීම ආදියෙන් ද තවදුරටත් මානව සම්බන්ධතා ගෞරවනීයවත්, සාමූහිකවත්, සෞන්දර්යාත්මකවත් ශක්‌තිමත්ව ගොඩනැඟීමට සමත් විය. එසේම මෙම චාරිත්‍රවාරිත්‍ර මගින් පුද්ගත්වය හා සබැඳුණ යහගුණ සමග සමාජ ක්‍රියාකාරකම් හා පරිසරය ද කළමනාකරණය කරමින් මානව සම්බන්ධතා යහපත්ව පවත්වාගැනීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟීමට මනා පිටිවහලක්‌ සැපයිනි.

අන්තර්ජාලය ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top