හිතුවාද මේ වගේ දේවල්වලින් ඒ වැඩේ කරන්න පුළුවන් කියලා.. වට්ටක්කා කියන්නේ ඉතාමත් ගුණදායී එළවළුවක්..
පසුගිය දිනවල වට්ටක්කා ගැන රට පුරා කතා බහ කරන්න ගත්තා ඔබට මතක ඇති. ඒ වට්ටක්කා ගොවීන්ට ඒවා විකුණා ගන්න අමාරු තත්ත්වයක් තිබුණ නිසාවෙන්..
කොහොම වූණත්, මේ කියන්න යන්නේ අතිශය සුලබ වට්ටක්කා මඟින් ඔබේ රුව අලංකරණය කර ගන්නා විදියක් ගැන..
ඔබ බොහෝ විට කෑම ගෙන අවසානයේ බත් පිගාන වටේ ඉතුරු කරන දෙයක් තමයි මේ වට්ටක්කා පොතු කියන්නේ.. නැත්තම්, උයන්න කළින්ම කපලා විසි කරනවා..
ඒ වුණත් මේ සඳහා අපි අද යොදා ගන්න කියන්නෙත් වට්ටක්කා පොතු තමයි..
මොකද , වට්ටක්කා පොතුවල විටමින් සහ ඛණිජ ලවණ බෙහෙවින් අඩංගුයි..
මේ වට්ටක්ක පොතු ආලේපයක් ලෙස සකසා මුහුණේ හෝ ශරීරයේ ආලේප කල හැකියි කියලා ඔබ මීට පෙර දැනගෙන හිටියේ නෑ නේද..? ඔන්න එහෙනම් ඒ විස්තරේ දැන් දැනගන්න..
මේ තියෙන්නේ ඒ ආලේපය හදන හැටි,
මේ සඳහා වට්ටක්කා පොතු ටිකක් ගෙන එළකිරි සමඟ බ්ලෙන්ඩ් කර ගන්න.
එය මුහුණේ සහ ශරීරයේ ආලේප කොට විනාඩි 30 ක් පමණ සිට සෝදා හරින්න.
නිතර මේ සත්කාරය කිරීමෙන් ඔබේ සම රන්වන් පැහැගැන්වෙනවා වගේම, මුහුණේ සම රැලි වැටීමද නතර කරන්න උපයෝගි වෙනවා..