ඇය කියා සිටියේ, මෙමඟින් අන්ධභාවයට පවා පත්විය හැකි බවයි.
කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (07) වයඹ සහ දකුණු පළාත් සහ රත්නපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා පවත්නා උෂ්ණත්වය සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය, එම පළාත්වල සහ දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල ‘අවදානම මට්ටම’ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද සඳහන් වනවා.
තවද, 'අවදානම මට්ටමේ' උපදේශනයට අනුව, දිගුකාලීන නිරාවරණය සහ ක්‍රියාකාරකම් සමඟ තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, හැකිතාක් ජලය භාවිතා කිරීම ආරක්ෂාකාරී බවටයි සෞඛ්‍ය අංශ මීට පෙර ද සඳහන් කර තිබුණේ.