Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු දී තුම්මුල්ලෙන් බැසගිය තරුණියකගේ කතාව

- 138 බස් එකේ ඇවිත් මහ සෙනඟ මැද තරුණයෙකුට හාදු දී තුම්මුල්ලෙන් බැසගිය තරුණියකගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

219,603 Views
‘‘වනචර හැත්ත මුං බස් එකක යන්න දන්නේ නෑ‘‘

මහරගම සිට කොටුව බලා පිටත්වූ 138 බස්රථයකට නැගුණු තරුණයෙකුට බසයේදී හාදුවක් දී බැසගිය තරුණියක සම්බන්ධයෙන් වන සිදුවීමක් පිළිබඳව අපහට දැනගන්නට ලැබිණි. ඊයේ (19) දින මෙම තරුණිය බසයට ගොඩවී ඇත්තේ නාවින්නට ආසන්නව පිහිටි බස් නැවතුමකිනුයි.

උදෑසන කාලය නිසා බසයේ සෙනඟ පිරී තිබී ඇති අතර තරුණිය නුගේගොඩ වනතුරුම පාපුවරුව අසල අසුන අල්ලාගෙන ගමන් කරන්නට වී තිබෙනවා. නුගේගොඩදී බසයේ සිටි පිරිසගෙන් වැඩි ගණනක් බැසගත් නිසාවෙන් තරුණියට ඉඳගන්නට අසුනක් හිමිවීමත් සම‍ඟ ඇය සිය දුරකථනය ගෙන යමෙකුට කතාකරන්නට වී තිබෙනවා.

ඇයගේ ඉරියව්වෙන් පෙනී ගොස් ඇත්තේ ඒ ආදරවන්තයෙකු හා ආදරවන්තියක අතර සිදුවන යම් කතාබහක් ලෙසිනුයි. වාහන තදබදය නිසාවෙන් කතාබහත් දික්ගැස්සී කිරුළපන නැවතුම ළංවත්ම තරුණිය විසින් එකවරම දුරකථනය විසන්ධි කර බෑගය බහාගන්නට වී තිබෙනවා.

ඒ අන් කිසිවෙක් නිසානොව ඇය හොඳින්ම දන්නා තවත් තරුණයෙකු එම බසයට ගොඩවෙනු දැකීමෙනුයි. කිසිවක් නොදන්නා අයෙකු ලෙසින් තරුණයා දෙස සිනහවක් පෑ ඇය ඉඳගෙන සිටි අසුන අසළට තරුණයාව ගෙන්වා ගන්නේ කිසිදු වචනයක් හෝ මුවින් පිටනොකර ඇසේ එක් බැල්මකිනුයි.

මිනිත්තු 20ක් පමණ තරුණයා සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණිය එක්වරම තරුණයාගේ අතින් අල්ලාගෙන යන්නට වීමත් සමඟ ඇයගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා විමතියෙන් මෙන් ඇයගේ මුහුණ දෙස බැලුවේ පෙර ඇය දුරකථනය සංවාදයේදී අනෙක් පාර්ශවය වෙත පැවසූ දේවල්වලින් බිඳක් හෝ ඔහුගේ කනට වැටුණු නිසා වන්නට පුලුවන්.

අහෝ මෙවන් ලෝකයක් යැයි සිතාදෝ ඔහු ජනෙලයෙන් එපිට බලාගෙන යන අතරතුර තුම්මුල්ල බස් නැවතුමක බසය නතරවත්ම බසයේ සිටි සියළු දෙනාගේම ඇස් අදහාගත නොහැකි ලෙසින් පෙනීයන්නට වුනේ හිදගත් අසුනෙන් එකවර නැගිටුණු තරුණියක බසයේ මැද තරුණයෙකු සිපගෙන සිටින අයුරුයි.

ඒ අසල දරුවෙකු ළඟතබාගෙන සිටි මවක් කරකියාගත නොහැකිවදෝ සිය සාරිපටෙන් දරුවාගේ ඇස්වසන්නට උත්සාහ කරන අතර තරුණියගේ අසුනේ අනෙක්පස සිටි පුද්ගලයා මහ හයියෙන් කෑ ගහන්නට වූයේ ‘‘වනචර හැත්ත මුං බස් එකක යන්න දන්නේ නෑ‘‘ ලෙසිනුයි.

තත්පර 30ක පමණ නාට්‍යකින් පසුව තරුණිය බසයෙන් බැස යන්නට වූ අතර බසයේ කොනක සිටි පාසැල් සිසුන් බසයේ තනිවුණු තරුණයාට විහිළුවට මෙන් සිනාවන්නට වූවත් බසයේදී නොසිතූ මොහොතක සිදුවූ මෙම සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත්වුනු බවක් දැකගන්නට ලැබී තිබෙනවා.

කම්මුල පැත්තකින් අල්ලාගෙන අසුනේ මුල්ලකට වී ගමන් කරනවා හැර තරුණයාට වෙන කරන්නට දෙයක් නොමැතිබැව් පෙනීගියේ තරුණිය දුන් හාදුවෙන් තමන්ගේ රෙදි බසයේදී ගැලවුනාදෝ යැයි සිතේ කොනක සැකයක් මතුකරමිනුයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  909 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  114 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  2,872 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,340 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,564 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,027 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,843 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  540 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,248 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,785 Downloads



Top 10 Commenters

Latest Comments

Top